ශ්‍රී ලංකා SWAFF සමඟ එක්වෙයි; අනුර විධායක කමිටුවට

89

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති අනුර ද සිල්වා මහතා නිරිත දිග ආසියානු පාපන්දු සම්මේලනයේ (SWAFF) විධායක කමිටුවට තේරී පත්ව තිබේ.

නිරිත දිග ආසියානු පාපන්දු සම්මේලනය (SWAFF) 2018 මැයි 31 වැනිදා සවුදි අරාබියේ ජෙඩාහ් හිදී නිල වශයෙන් පිහිටවූ අතර එම සම්මේලනයට FIFA, ආසියානු පාපන්දු කවුන්සිලය හා තවත් SWAFF සාමාජික රටවල් 14 ක් නියෝජනය කරමින් නියෝජිතයින් එක් විය.

ආසියානු 18න් පහළ පාපන්දු ශූරතාවයට ක්‍රීඩකයින් තේරීමේ ඇරඹේ

46 වන වරටත් පැවැත්වෙන ආසියානු පාසල් වයස අවුරුදු 18න් පහළ පාපන්දු ශූරතාවලිය..

මේ නව සංගමය පිහිටුවා ඇත්තේ නිරිත දිග ආසියානු කලාපයේ පාපන්දු ක්‍රීඩාවේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීමේ අරමුණිනි. මෙහි ප්‍රධානතම බලාපොරොත්තුව නිරිත දිග ආසියානු රටවල් වැඩි ප්‍රමාණයකට FIFA ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා උදා කර දීමයි.   

සවුදි අරාබි පාපන්දු සම්මේලනයේ සභාපති ආචාර්ය අඩෙල් එසාර්ට් මෙම නව නිරිත දිග ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත්ව ඇති අතර මෙම සම්මේලනයට රටවල් 14ක් සාමාජිකයින් ලෙස ඇතුලත්ව සිටියි. බහරේන්, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරාකය, කුවේට්, මාලදිවයින, නේපාලය, ඕමානය, පාකිස්තානය, සවුදි අරාබිය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් සහ යේමනය ආරම්භ සාමාජිකයින් 14 වේ.      

නව සම්මේලනය මගින් සාමාජික රටවල ක්‍රීඩා පහසුකම්, පුහුණුවීම් හා පුහුණුකරුවන්ගේ දැනුම, වාණිජමය තරගකාරී බව සහ පාපන්දු ක්‍රීඩාවේ බොහෝ පැතිකඩයන් දියුණු කිරීමට නියමිතයි.  

ඉන්දියාවෙන් පහර කෑ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ භූතානය හමුවේ කබලෙන් ලිපට

2018 SAFF වයස අවුරුදු 15න් පහළ කාන්තා පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ..

SWAFF සම්මේලනය විශ්වාස කරන්නේ පාපන්දු ක්‍රීඩාව සැඟවූණු සමාජ සේවකයෙකු හා වියදමක් නොමැති ආයෝජනයක් බවයි. ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට අනුව සවුදි අරාබිය නව සම්මේලනයට එකතු වීම උදෙසා සාමාජික රටකට රුපියල් මිලියන 80 කට ආසන්න ආධාර මුදල් පිරිනමා ඇත.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ දියුණුව උදෙසා මේ නව සම්මේලනය මහත් සේවයක් ඉටු කරනු ඇති බව අනුර ද සිල්වා මහතාගේ විශ්වාසයයි.

“කනිෂ්ඨ පාපන්දු ක්‍රීඩාව ඇතුළු ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට මෙය නව වේදිකාවක් වේවි, අපි බලාපොරොත්තු වෙනවා අපගේ පාපන්දු ක්‍රීඩාවට හොඳ දෙයක් වේවි කියලා” යැයි ඔහු මාධ්‍යට අදහස් දක්වා තිබුණි.

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<