සවි ඔසවන්නන් ජාතික වාර්තා 3ක් බිඳ හෙලයි

127

ඊයේ (17) දකුණු අප්‍රිකාවේ දී අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ ශූරතාවලියේ ‘Classic’ සවි එසවීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකා සවි ඔසවන්නන් එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගනිමින් තරගාවලිය සාර්ථකව අවසන් කරන්නට සමත් විය.

චතුරංග සහ හසිනි පදක්කම් දිනයි

ශ්‍රී ලංකා බර ඉසිලුම් ක්‍රීඩක චතුරංග ලක්මාල් “පොදුරාජ්‍ය මණ්ඩලීය හා ඕෂානියා බර ඉසිලුම් ශූරතාවලියේ”…

එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනාගනු ලැබුවේ කණ්ඩායම් නායක රන්සිළු ජයතිලක විසිනි. 120+kg බර පන්තිය යටතේ තරග කළ ඔහු එහි දී නව ශ්‍රී ලංකා වාර්තාවන් දෙකක් පිහිටුවන්නට සමත් විය. ඒ අනුව ‘classic squat’ අංශය යටතේ 290kg බරක් ඔසවමින් ඔහු එක් ජාතික වාර්තාවක් පිහිට වූ අතර සමස්ත තරගය තුළ 732.5kg බරක් ඔසවමින් ඔහු අනෙක් ජාතික වාර්තාව පිහිටවනු ලැබීය.

120+kg බර පන්තිය යටතේම තරග කළ ඩැරින් වීරසිංහ එහි දී ලෝකඩ පදක්කම දිනා ගනිමින් තරගාවලිය අවසන් කරන්නට සමත් විය. එහි දී ඔහු ‘classic benchpress’ අංශය යටතේ 205kg බරක් ඔසවමින් නව ජාතික වාර්තාවකට හිමිකම් කියන ලදි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ දී දස්කම් දැක්වූ අනෙක් තරගකරුවා වන්නේ ඉන්දික පරණගම ය. ඔහු 105kg බර පන්තිය යටතේ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සාර්ථකව තරගාවලිය අවසන් කරන්නට සමත් විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතාවලිය යටතේ මීට පෙර පැවති ‘equipped lifting’ තරගාවලියේ දී ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් 25 ක් දිනා ගන්නට සමත් වූ අතර ඊට රන් පදක්කම් 04ක් සහ රිදී පදක්කම් 03ක් ඇතුළත් විය.  

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<