මේ වන විට වියට්නාමයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ ‘G’ කාණ්ඩය යටතේ, තරගාවලියේ 9-13 දක්වා ස්ථාන තීරණය කිරීම සඳහා පැවැත්වෙන තරග මාලාවේ හොංකොං හි Yan Chai කණ්ඩායම සමඟ පැවති තරගය තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වන වරාය අධිකාරි කණ්ඩායම සමත් විය

ශ්‍රී ලංකා වරාය අධිකාරියට තියුණු පරාජයක්

මේ දිනවල ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සහභාගී වන ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලිය පැවැත්වෙන අතර..

වරාය අධිකාරි කණ්ඩායම පළමු වටයේ දී ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරමින් එහි දී සහභාගී වූ තරග දෙකම තියුණු තරගයකින් අනතුරුව පරාජයට පත්වූ අතර තරගාවලියේ 9 වන ස්ථානය ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් තබා ගැනීමට නම් ඔවුන්ට මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය විය.

ඒ අනුව හොංකොං හි Yan Chai කණ්ඩායම සමඟ පැවති මෙම තරගයේ පළමු වට දෙක එතරම් අභියෝගයකින් තොරව ජයග්‍රහණය කරන්නට වරාය අධිකාරි කණ්ඩායම සමත් විය. එම වට දෙකේ ලකුණු සටහන් දැක්වුණේ පිළිවෙළින් ලකුණු 25-20ක් හා 25-17ක් වශයෙනි. කෙසේ නමුත් තරගයේ තුන්වන වටයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ Yan Chai කණ්ඩායම එම වටය ලකුණු 25-27 ක් ලෙස ජයග්‍රහණය කළේ තරගය හතරවැනි වටයකට රැගෙන යමිනි. එම වටයට සාර්ථකව මුහුණ දුන් වරාය අධිකාරි ක්‍රීඩකයින් ලකුණු 25-19ක් ලෙස එම වටය ජයග්‍රහණය කරනු ලැබුවේ තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරමිනි.

ජූලි 03 පැවති තරගවල ප්‍රතිඵල 3rdJul results

E කාණ්ඩයpool E

F කාණ්ඩය

Pool F

G කාණ්ඩය

pool G

H කාණ්ඩය

Pool H

අද දිනයේ දී (04) පැවැත්වීමට නියමිත තරග

අර්ධ අවසන් පූර්ව තරග වටය – Ninh Binh Gymnasium

  • 12.30pm – Sarmayeh Bank (Iran) v Al-Bahri Sport Club (Iraq)
  • 3pm – Altay VC (Kazakhstan) v Beijing Baic Motor (China)
  • 5.30pm – Al Arabi Sports Club (Qatar) v Taichung Commercial Bank (Chinese Taipei)
  • 8pm – Toyoda Gosei Trefuerza (Japan) v Vietnam Sports Club (Vietnam)

9-12 ස්ථාන සඳහා පැවැත්වෙන තරග – Nam Dinh Gymnasium

  • 5.30pm: Canberra Heat (Australia) v Maldivian Sports & Recreation Club (Maldives)
  • 8pm: Air Force VC (Thailand) v Sri Lanka Ports Authority

 >>තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට<<