පන්දුව කෙසේ වෙතෙත් නම්බුව පළුදු වේ!

91

ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඉන්දියාවේ ලක්නව් හීදී ක්‍රියාත්මක වූ තෙවැනි එක්දින තරගය අතරතුර දී කොදෙව් කඩුලු රකින ක්‍රීඩක නිකලස් පූරන් ක්‍රීඩාවේ ආචාර ධර්ම පද්ධතීන් පිළිබඳ කිසිදු තැකීමකින් තොරව නිති විරෝධී අයුරින් එක්තරා කටයුත්තක නිරත වන අයුරු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වීඩියෝ පුනරූපනයන් ආධාරයෙන් මේ වන විට හඳුනා ගෙන තිබේ.

පාකිස්තානයට යන ශ්‍රී ලංකා අපේක්ෂිත ටෙස්ට් සංචිතය

එළඹෙන මස 11 වැනිදා පාකිස්තානයේ දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට්…

සුදු පන්දුවෙහි පිටත පෘෂ්ඨය පන්දු යැවීම සඳහා වාසිදායක වන අයුරින් පළුදු කිරීම ඔහුට එරෙහිව ගොනු කර ඇති ප්‍රධානතම චෝදනාව වන අතර තමන් එවැනි නුසුදුසු ක්‍රියාවක් සඳහා එම අවස්ථාවේ දී පෙලඹුණ බවට ද ඔහු අද (13) දිනයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

“සඳුදා දවසේ පැවති තරගය අතරතුර දී ක්‍රීඩාවේ මහත්මා ගුණයට කිසිසේත්ම උචිත නොවන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මම මගේ කණ්ඩායමේ සඟයින්ගෙන්, ප්‍රේක්ෂකයින්ගෙන් වගේම විශේෂයෙන්ම ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් මේ අවස්ථාවේ දී සමාව අයැද සිටිනවා.”

පූරන්ගේ මෙම ක්‍රියාකලාපයෙහි ඇති බැරෑරුම් ස්වභාවය පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 4ක තහනමක් සමඟින් අප්‍රසාද ලකුණු 5ක දඬුවමක් ද පැනවීමට ICCය ඒ අනුව කටයුතු කර ඇත.

“මට දැන් තේරෙනවා මම කළේ ඉතාමත් ලොකු වරදක්. ICCය ලබා දීලා තියෙන දඬුවම් වලට යටත්ව ක්‍රියා කරන්න මම සූදානම්.”

ජාතිවාදී ප්‍රකාශවලට ආචර්ගෙන් සැර පිළිතුරක්!

එංගලන්තයේ නවතම වේගපන්දු තරුව ලෙස ජොෆ්‍රා ආචර් හැදින්වීම අතිශයෝක්තියක් නොවේ. පසුගිය දා…

“මම සහතික වෙනවා නැවත වතාවක් කිසිම අවස්ථාවක මේ වගේ අත්වැරදීමක් මගේ අතින් සිදු වෙන්නෙ නැහැ කියලා. මම සෑහෙන දෙයක් මේකෙන් ඉගෙන ගත්තා වගේම ඉදිරියේ දී යමක් කරන්න කලින් දුර දිග බලලා වැඩ කරන්න ඕන කියන එක ගැනත් හොඳ අවබෝධයක් ලැබුණා.”

ඒ අනුව හෙට (14) දිනයේ දී ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්තානයට එරෙහි තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය  සහ ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පූරන් හට නිසැකවම අහිමි වනු ඇත.

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 16කට සහ විස්සයි විස්ස තරග 14කට ක්‍රීඩා කර ඇති පූරන් නිමාව දුටු ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය පුරාවට පිත්තෙන් දැක්වූ දක්ෂතා කණ්ඩායමේ ජයග්‍රහණයන් සඳහා බෙහෙවින් ඉවහල් විය. ඒ අතරින් දෙවන එක්දින තරගයේ වීරයා සම්මානය ද තමන් සතු කර ගනිමින් පන්දු 50ක දී රැස් කළ ලකුණු 67ක ඉනිම ඉන් වඩාත් කැපී පෙනුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<