‘දේශපාලනඥයෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනාස කරනවා’- මුරලි

689
Muttiah Muralitharan

ක්‍රීඩා පිටියේ සන්සුන්ම නිහඬම චරිතයක් ලෙස හැඳින්වෙන මුත්තයියා මුරලිදරන් Indian Economic Times පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වුණා. මුත්තයියා මුරලිදරන් මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩයමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා. ස්වාභවයෙන් නිහඬ මුරලි ඉතා ආවේගශීලි ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිටියේ දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳ අදහස් පල කළ අතර Indian Economic Times පුවත්පතේ පළවූ සාකච්ඡාවක සිංහල පරිවර්තනයකි මේ.

දීර්ඝ නිවාඩුවකින් පසු මැතිව්ස් නැවතත් පළමු පෙළට

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ඇන්ජෙලෝ මැතිව්ස් හට පාදයේ තිබූ ආබාධයක් නිසා මාස 4ක් මුළුල්ලේ ක්‍රීඩා පිටියට පිවිසීමට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මොකද වෙලා තියෙන්නේ?

සනත් ජයසූරිය, කලුවිතාරණ, අරවින්ද ද සිල්වා සහ අර්ජුන රණතුංගගේ කාලයේ සිට අද දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ බොහොම වෙනස්කම් සිදු වී තිබෙනවා.

එතරම් කල් යා යුතුත් නැහැ, 2014 දී අපි බංගලාදේශයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගත්තා මෙන්ම 2011 දී ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලානයේ දී ද අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

ඉතින් අපි අද දකින තත්වය බොහොම මෑතක දී ඇතිවුණු තත්වයක්. ඔබට ඇත්තම කියන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අද අවුල් ජාලාවක්. දේශපාලනඥයෝ ක්‍රීඩාවේ පරිපාලනය භාරගෙන තිබෙන්නේ ක්‍රීඩාව පිළිබඳ අල්ප දැනුමක් සහිතව හෝ කිසිසේත්ම දැනුමක් රහිතවයි.

ඔවුන් ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩාව දවසින් දවස විනාස කරනවා. ක්‍රිකට් ක්‍රීඩාව රැඳී පවතින්නේ විශ්වාසය මත. ක්‍රීඩකයින්ට ඔවුන් ගැන විශ්වාසය දෙන එක මත. ශ්‍රී ලංකා ක්‍රිකට් වර්ණ පැළඳගත් විට ඔවුන්ට තමන් විශිෂ්ටයි යැයි හැඟෙන්න ඕන. මම එක දවසින් විශිෂ්ට පන්දු යවන්නෙක් වුනේ නැහැ. වසර හතරක් පහක් පුරා අර්ජුන මට විශ්වාසය ලබා දුන්නා. ඒක නිසයි අද මම මේ තත්වයේ ඉන්නේ. දැන් පිතිකරුවෙකු පිටියට යන හැමවෙලාවකම ඔහුට හිතෙනවා/ කියනවා මේ තරගයේ ලකුණු රැස්කළේ නැත්නම් මීළඟ තරගයේ ඔහු නැහැ කියලා.

පෝතාස්ගේ ඉල්ලා අස්වීමත් සමඟ පුහුණුකරුවන්ගේ වෙනස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ හිටපු ප්‍රධාන පුහුණුකරු හා පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස් හා…

පන්දු යවන්නන්ටත් එසේමයි. පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආකෘතීන් තුන පුරාම ක්‍රීඩකයින් 60ක් පමණ ක්‍රීඩා කරලා තිබෙනවා. ක්‍රීඩකයින් 60ක් එක් වසරක? මෙය ඉතාම අතාත්විකයි, මෙයින් කියවෙනවා ඉදිරිය කෙරෙහි කිසිම දැක්මක් නැති බව. කැපීම හා මාරු කිරීමෙන් ක්‍රීඩාව විනාස වීම පමණයි වෙන්නේ.

අවස්ථාව ලැබුණු ක්‍රීඩකයින් එම අවස්ථාවට උපරිම සාධාරණයක් කළා ද?

කුසල් මෙන්ඩිස්ව උදාහරණයකට ගමු. අපි හැමෝම සිතුවා මෙන්ඩිස් දිදුලන තරුවක් වෙලා බොහෝ කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිය දායකත්වය ලබා දෙයි කියලා. ඔහු ඉතා විශිෂ්ට ලෙස සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළා. නමුත් මාස කිහිපයක් ඇතුලත ඔහු කණ්ඩායමෙන් ඉවතට දැමුවා. එක නරක තරගාවලියක් පමණයි ඔහු ක්‍රීඩා කළේ. එහෙම දේවල් නිසා ක්‍රීඩකයින්ගේ විශ්වාසය නැති වෙනවා.

අපි වෙන මාතෘකාවකට යමු. අපි දකිනවා ඉන්දියාව රවින්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් වෙනුවට විදේශ සංචාරවල දී එහි වැඩි වාසි ලබා ගැනීමට කුල්දිප් යාදව් හා යුස්වෙන්ද්‍ර චහාල් යොදා ගන්නවා. පා දඟපන්දු යවන්නන්, පිට දඟපන්දු යවන්නන්ට වඩා ඉදිරියෙන් තෝරා ගන්නවා. ඔබේ අදහස කුමක් ද?

විදේශයන් හිදී පා දඟපන්දු යවන්නන් සෑම වෙලාවකම ඔබට වැඩි වාසි දෙනවා. සරලවම හොඳ පිතිකරණ තත්වයන් හිදී ඔවුන් ඉතා වැදගත්. ඒ ගැන විවාදයක් නැහැ. ඔවුන් යොදා ගන්නේ වැඩි කඩුලු ලබා ගැනීමේ අරමුණින්.

මට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව එම තීරණය ගැනීමේ අරමුණ. පා දඟපන්දු යවන්නන්ගේ අමුතු අභිරහස් පන්දු තිබෙනවා. ප්‍රතිවාදීන් ඒවා තේරුම් ගන්නා තුරු ඔවුන් සිය නායකයාට අවශ්‍ය කඩුලු ලබා දේවී. මම දන්නේ නැහැ අශ්වින් හා ජඩේජා එම හේතුවට එකඟ වේවි ද කියලා. නමුත් කුල්දිප් හා චහාල් ඔවුන්ට ලැබුණු අවස්ථාවලට උපරිම සාධාරණය ඉෂ්ට කළා.

වසර 25කට පෙර කණපිට හැරවුණු ඕස්ට්‍රේලියානු නූල් සූත්තර

සොටානි ඔස්කාර් යන නම කියූ සැණින් ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් හට එක වරම සිහියට නැගෙන පුද්ගලයෙකු…

ඔබ කියන්නේ දඟපන්දු යවන්නෙක්ට සාර්ථක වීමට නම් හැම පන්දු යවන්නාටම අභිරහස් පන්දු තිබෙන්න ඕන කියලා ද?

එය යම් දුරකට හරි, නමුත් ඔබට ඔබේ මූලික දක්ෂතාවයනුත් හරියට යොදා ගන්න වෙනවා. මම ඉස්සෙල්ලාම පිට දඟපන්දු යවලා ඉන්පසුව තමා අනික් දේවල් උත්සාහ කළේ. දුස්රා පන්දු ඕනෑවට වඩා යොමු කිරීම පන්දු යවන්නන්ගේ පිට දඟපන්දුවලට අහිතකර බලපෑම් කරා, අතීතයේ ක්‍රීඩකයින්ට මෙය සිදුවෙලා තිබෙනවා. එම නිසා වර්තමාන ක්‍රීඩකයින් මෙය පිළිබඳ අවධානයෙන් ඉන්න ඕන.

ඔබගේ IPL කණ්ඩයම හොඳ සාර්ථක ආරම්භයක් ලබා ගත්තා?

ඒක මැරතන් එකක්. ධාවන තරගය දැන් තමයි ආරම්භ වුනේ. අපි කළේ හොඳ සමබරතාවයක් තිබෙන කණ්ඩයමක් නිර්මාණය කිරීම. ගොඩක් අය අහනවා ඇයි අපි ව්රිද්ධිමාන් සාහ ව තෝරා ගත්තේ කියල. එය අපි බොහොම හිතල බලලා ගත්ත තීරණයක්.

පසුගිය වසරේ අපිට රෂිඩ් ඛාන්ට උදව් වෙන්න අමතර දඟපන්දු යවන්නන් සිටියේ නැහැ. මේ වසරේ අපිට තිබෙනවා. අපි ෂකිබ් අල් හසන් තෝරාගත්තා අපේ ප්‍රමුඛතම වමත් දඟපන්දු යවන්නා ලෙස. හොඳ දඟපන්දු යවන්නන් දෙදෙනෙක් කණ්ඩයමේ ඉන්නා විට අපිට හොඳ කඩුලු රකින්නෙක් ඕන. එහෙම නැත්තම් දඟපන්දුවන්නන් මතුකරන අවස්ථා අහිමි වෙනවා. එම නිසයි අපි එම තීරණේ ගත්තේ. කාලයට පමණයි අපේ සැලැස්මවල් වලින් අපි බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබේ දැයි කියන්න පුළුවන්.

‘මෙය නම් එතරම් හොඳ නැති ක්‍රිකට් සංස්කෘතියක්’- කුමාර් සංගක්කාර

“ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් මාධ්‍ය හමුවේ දී හඬා වැටෙන අයුරු මට දරා ගැනීමට අපහසු වුනා…

ඩේවිඩ් වෝනර්ගේ අහිමි වීම ගැන වචනයක් කියනවා නම් – ඔබට ඔහු අහිමි වීමේ පාඩුව දැනෙනවා ඇති.

ඔහුගේ හිඩැස නම් පුරවන්න අමාරුයි. ඔහු අපේ කණ්ඩායමට මෙන්ම ඔහු ක්‍රීඩා කළ ඕනෑම කණ්ඩයමකට විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා. නමුත් මම කියන්නම ඕනේ කේන් විලියම්සන් කණ්ඩයම හොඳින් මෙහෙයවුවා. ඔහුගේ අත්දැකීම් ක්‍රීඩාගාරය එකමුතු කරලා තියාගන්න සමත් වුනා.

ඔබත් මුරලිගේ අදහස් සමඟින් එකඟ වෙනවා ද? ඔබේ අදහස පහතින් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<