20න් පහළ සත් සාමාජික රග්බි සංචිතය

1166

ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව මගින් ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. මේ සඳහා ක්‍රීඩකයන් 12 දෙනෙකු තේරී පත් ව ඇති අතර මෙම තරගාවලිය එළඹෙන අගෝස්තු මස 4 සහ 5 යන දිනයන් හි හොංකොං දේශයේ දී පැවැත්වීමට නියමිතය.

20න් පහළ ක්‍රීඩකයෝ හොංකොං දේශයට

ආසියානු 20න් පහළ සත් සාමාජික රග්බි ශූරතාවයේ වර්තමාන අයිතිකරුවන් වන ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං බලා පිටත් වීමට නියමිතයි. ඒ ලබන සතියේ දී ආරම්භ වන ආසියානු…

අත්දැකීම් බහුල පසුගිය තරග සමයේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දැරූ නවීන් හේනකන්කානම්ගේ මෙම තරගාවලිය සඳහා නායකත්වයට තේරී පත් වී ඇත. උප නායක වශයෙන් ඔහුට සහය වන්නේ තවත් අත්දැකීම් සපිරි ක්‍රීඩකයෙකු වන සුපුන් ඩිල්ශාන් ය.

ඊට අමතරව වෘත්තීය මට්ටමේ රග්බි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා මෙම සංචාරයට එක් කොට ඇත. නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ලහිරු හේරත් හා අදීශ වීරතුංග මෙන්ම පොලිස් කණ්ඩායම නියෝජනය කරන වජීඩ් ෆවුමි හා සන්දේෂ් ජයවික්‍රම යන ක්‍රීඩකයන් එසේ මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇත.

නිමා වූ අන්තර් පාසල් රග්බි තරග සමය තුල සුවිශේෂී දස්කම් දැක්වූ ක්‍රීඩකයන් මෙම සංචාරය සඳහා තෝරා ගෙන ඇති අතර එහි දී ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමේ Full back ක්‍රීඩක චමෝද් ප්‍රනාන්දු, වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායමේ Scrum half ක්‍රීඩක අවිශ්ක ලී , සාන්ත අන්තෝනි විද්‍යාලයේ නායක දිනුක් අමරසිංහ මෙන්ම  සාන්ත පීතර විද්‍යාලයේ Center ක්‍රීඩක තීක්ෂණ දසනායක එම ක්‍රීඩකයන් අතර වේ.

ඊට අමතරව සුරංග බණ්ඩාර සහ රනිඳු පද්මශංක යන ක්‍රීඩකයන් නිමා වූ ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියේ හා වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය තුල දැක්වූ දක්ෂතා හේතුවෙන් කණ්ඩායමට කැඳවා ඇත. එමෙන්ම සාන්ත ජෝසප් විද්‍යාලයේ චතුර සෙනෙවිරත්න, හැව්ලොක් කණ්ඩායමේ රමේෂ් ප්‍රනාන්දු හා තනුජ මධුරංග යන ක්‍රීඩකයන් මෙම සංචාරය සඳහා සූදානම් තත්ත්වයෙන් තබා ඇත.

Sri Lanka u20 Rugby 7s team 2017

අවසන් සංචිතය

  • නවීන් හේනකන්කානම්ගේ (නායක ) – (සාන්ත තෝමස් විද්‍යාලය)
  • සුපුන් දිල්ශාන් (උප නායක ) – (විද්‍යා විද්‍යාලය / නාවික හමුදා)
  • චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන විද්‍යාලය)
  • අදීශ වීරතුංග (ඉසිපතන විද්‍යාලය / නාවික හමුදා)
  • වජිඩ් ෆවුමි (සහිරා විද්‍යාලය / පොලිස්)
  • සන්දේෂ් ජයවික්‍රම (සාන්ත පීතර විද්‍යාලය /පොලිස්)
  • තීක්ශන දසනායක (සාන්ත පීතර විද්‍යාලය)
  • සුරංග බණ්ඩාර (පොලිස් )
  • ලහිරු හේරත් (සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය/නාවික හමුදා)
  • රනිඳු පද්මශංක (ඉසිපතන විද්‍යාලය)
  • අවිශ්ක ලී (වෙස්ලි විද්‍යාලය)
  • දිනුක් අමරසිංහ (සාන්ත අන්තෝනි විද්‍යාලය)

සූදානමෙන් තබා ඇති ක්‍රීඩකයන්

  • චතුර සෙනෙවිරත්න (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • තනූජ මධුරංග (විද්‍යා විද්‍යාලය / නාවික හමුදා)
  • රමේෂ් ප්‍රනාන්දු (සාන්ත පීතර විද්‍යාලය / හැව්ලොක්)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට