දීර්ඝ නිවාඩුවකින් පසු මැතිව්ස් නැවතත් පළමු පෙළට

437

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ඇන්ජෙලෝ මැතිව්ස් හට පාදයේ තිබූ ආබාධයක් නිසා මාස 4ක් මුළුල්ලේ ක්‍රීඩා පිටියට පිවිසීමට නොහැකිවූ අතර එම ආබාධයෙන් සුවය ලබා ඇන්ජෙලෝ පළමු පෙළ තරග ක්‍රීඩා කිරීමට සූදානම් බව වාර්තා වේ.

“මම ඉදිරියේ දී නැවත ක්‍රීඩා කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා, මට උපකාර කළ සියලුම භෞත චිකිත්සකවරුන්, වෛද්‍යවරුන්, සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බොහොම ස්තුතියි.” Cricbuzz වෙබ් අඩවියට අදහස් දක්වමින් මැතිව්ස් පවසා තිබුණි.

පෝතාස්ගේ ඉල්ලා අස්වීමත් සමඟ පුහුණුකරුවන්ගේ වෙනස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ හිටපු ප්‍රධාන පුහුණුකරු හා පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස් ..

ඇන්ජෙලෝ මැතිව්ස් 2019 ක්‍රිකට් ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා කණ්ඩයමේ සීමිත පන්දුවාර නායකයා ලෙස නම් කර තිබෙන අතර පසුගිය බංගලාදේශ සංචාරයේ දී සිය සුපුරුදු පාදයේ ආබාධය නැවත  මතු වීම නිසා එක් තරගයක් පමණක් ක්‍රීඩා කර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු විය.

කෙසේ නමුත් ආබාධ අවම කර ගැනීම සඳහා තාවකාලිකව පන්දු යැවීමෙන් වළකින බව ඇන්ජෙලෝ පවසයි. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අඩුම පන්දුවාරයට ලකුණු ලබා දීමේ වේගය වන 4:61 (Economy) ට හිමිකම් කියන්නේ ඇන්ජෙලෝ මැතිව්ස් වීම විශේෂත්වයකි.     

“මීළඟ මාස කිහිපයේ මම පන්දු යැවීම පිළිබඳ අවධානයක් යොමු කරන්නේ නැහැ, තේරීම් කමිටුවේ දැක්මත් මම පිතිකරණයට පමණක් අවධානය යොමු කරමින් ඇරඹිය යුතුයි යන්න, මට විශ්වාසයි මීළඟ මාස දෙක මම ආබාධයකට ලක්නොවී ක්‍රීඩා නොකළොත් ලෝක කුසලානයට ලංවෙලා මට පන්දු යවන්න පුළුවන් වේවි, මම පන්දු නොයවාම ඉන්න අදහසක් නෑ මේක තාවකාලිකයි, මගෙන් ඉටු විය යුතු රාජකාරි කළමනාකරණය කර ගත යුතුයි, ඒ ගැන තමා තේරීම් කමිටුවත් වැඩි අවධානය යොදන්නේ” The Island වෙත අදහස් දක්වමින් ඇන්ජෙලෝ පැවසිය.

ඇන්ජෙලෝ මැතිව්ස් නිදහස් කුසලාන තරගාවලියට සහභාගී වීමට නියමිතව තිබුනත් පාදයේ ආබාධය සම්පූර්ණයෙන් සුව නොවීම නිසා ඔහුට එම ශූරතා තරගාවලිය අහිමි විය. මෙම වසර පුරාවටම ඇන්ජෙලෝ මැතිව්ස්ට ක්‍රීඩා කිරීමට හැකි වූයේ එක් තරගයක් පමණි. සුපිරි පළාත් තරගාවලියේ මහනුවර කණ්ඩයමේ පළමු තරග දෙක ක්‍රීඩා කිරීමට නොහැකි වුවත් සෙනසුරාදා සුරියවැව දී ගාල්ල සමඟ පැවැත්වෙන තෙවන තරගයේ කණ්ඩායම මෙහෙයවමින් මැතිව්ස් පළමු පෙළ ක්‍රීඩා පිටියට නැවත පිවිසෙනු ඇත.

“මම පළමු තරග දෙකට සහභාගී නොවුනේ තරගකාරී ක්‍රීඩා රටාවට අවතීර්ණ වීමට ඉක්මන් නොවී ආබාධය සම්පූර්ණයෙන්ම සුව වීමට ඉඩ දිය යුතු නිසයි.”

ශ්‍රී ලංකා කණ්ඩයම ලෝක කුසලාන තරගාවලියට පෙර සම්පූර්ණ තරගාවලි තුනකට සහභාගී වීමට නියමිත අතර අවම වශයෙන් එක්දින තරග 20කට සහභාගී වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් – ලෝක ක්‍රිකට් තරගය එංගලන්තයේ දී

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම (ICC Rest of the World XI) අතර..

සෙනසුරාදා ආරම්භ වන සිව්දින පළාත් තරගයට අමතරව, ඇන්ජෙලෝ මැතිව්ස් අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිත අතර, ඉන් පසුව ජුනි මාසයේ දී බටහිර කොදෙව් සංචාරයට සහභාගී වීමට නියමිතයි.

“ඉදිරියට යන්නේ කොහොමද කියලා අපි අපේ ප්‍රධාන පුහුණුකරු සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා, ඉදිරියට කරන සියලුම කටයුතු සිදු කරන්නේ ලෝක කුසලානයට සූදානම් වීමට, ඒ වගේම ඉදිරි තරගාවලිය සියල්ලම අපිට ඉතා වැදගත් කියල අපි දන්නවා, අපිට ජයග්‍රාහි මානසිකත්වයක් අවශ්‍යයි, අපි අලුත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් යොදාගෙන ඔවුන් ක්‍රීඩා කරන ආකාරය බලනවා, ඒ වගේම අපේ වැදගත් ක්‍රීඩකයින් අපි හොඳට කළමනාකරණය කරන්න ඕන, කණ්ඩයම සමබර කරන්න ඕන.” ඇන්ජෙලෝ මැතිව්ස් තවදුරටත් අදහස් පල කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<