ජාතික මහා ක්‍රීඩා උළෙල මඟහැරි ක්‍රීඩකයින්ට වැඩ වරදී

93

මේ වන විට පැවැත්වෙන 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා නාම යෝජනා ලබා දී ඒ සඳහා සහභාගී නොවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට වසර දෙකක තරග තහනමක් පනවන බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා පවසයි.

සුගන්ධි අභිබවා අංජනි රන් දිනයි; RMSගෙන් ජාතික ශූරයාට අභියෝගයක්!

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන…..

ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් වටයේ තරග ඊයේ (25) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එය හෙට දිනය දක්වා එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. කෙසේ නමුත් මෙවර තරගාවලිය සඳහා ජාතික තලයේ ප්‍රමුඛ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී නොවීම කාගේත් අවධානය දිනා ගත් සිදුවීමක් විය. 

මේ අතරට මේ වන විට චීනයේ පැවැත්වෙන ලෝක ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්, මෙම තරගාවලියේ දී ආබාධ ඇතිවීමට ඇති ඉඩකඩ හේතුවෙන් මේ සඳහා සහභාගී නොවූ, එළඹෙන දෙසැම්බර් මස 01 වැනි දින ආරම්භ වන දකුණු ආසියානු උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහ වෙනත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම ඇතුළත් වේ.  

මෙම තත්වය පිළිබඳව ThePapare.com සමඟින් අදහස් දක්වමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා නාම යෝජනා ලබා දී තරගාවලිය සඳහා සහභාගී නොවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට වසර 2ක තරග තහනමක් පැනවීමට ඔවුන් ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

දිල්ෂි අභියෝගයකින් තොරවම රන් පදක්කමට; මීටර් 800 රුසිරුගේ නමට

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන….

කෙසේ නමුත් මෙම තරග තහනම ආබාධ ඇතිවීමේ අවදානම හේතු කොට ගෙන මෙම තරගාවලියට ඉදිරිපත් නොවූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අදාළ නොවන බව එතුමා අවධාරණය කළේය. 

“අපේ මේ තරගාවලියෙන් පස්සේ අපේ ජාතික සංචිත වල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊළඟට සහභාගී වෙන්න ඕන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට. යම් හෙයකින් අවාසනාවකට හෝ මේ තරගාවලියේ දී ආබාධයක් වුනොත් ඔවුන්ට ඒ තරගාවලියට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අපෙන් අවසර අරගෙන මේ තරගාවලිය සඳහා සහභාගී වන්නේ නැහැ.”

ඒ අනුව මෙම තරග තහනම තරගාවලිය සඳහා නාම යෝජනා ලබා දී තිබිය දීත් තරගාවලිය සඳහා ඉදිරිපත් නොවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අදාළ වනු ඇත. 

“සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නාම යෝජනා එවලත් තරගාවලියට සහභාගී වෙලා නැහැ. ජාතික මහා ක්‍රීඩා උළෙලේ චක්‍රලේඛයේම අපි දැන්වුවා ඒ විදිහට අයදුම්පත් එවලා සහභාගී නොවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවුරුදු 2ක තරග තහනමක් පනවනවා කියලා. මම කිව්වා අපේ ලියාපදිංචි කමිටුවලට ඔවුන්ගේ නාම ලේඛන අපිට එවන්න කියලා. ඒ අනුව ඔවුන්ට ලබන අවුරුද්දේ සහ 2021 ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වීමට අපි අවස්ථාව ලබා දෙන්නේ නැහැ.”

වර්ෂාව හේතුවෙන් තරග කාලසටහනේ වෙනසක්

ක්‍රීඩා ඉසව් මෙන්ම මලල ක්‍රීඩා ඉසව් ද රැසක් එක්කොට පවත්වනු ලබන….

තවදුරටත් ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ තරගාවලියට සහභාගී වන බව පවසමින් නිවාඩු ලබාගෙන තරගාවලියට එක්නොවූ රාජ්‍ය සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට එම ආයතන ප්‍රධානීන් වෙත ද ඔවුන් දැනුම් දෙන බවයි.  

“සමහර රාජ්‍ය ආයතනවල වැඩ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන්නවා ඔවුන් ඒ ආයතන වලින් නිවාඩු අරගෙනත් මේකට සහභාගී වෙලා නෑ. ත්‍රිවිධ හමුදාවේ පවා ඒ වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන්නවා කියලා මට දැනුම් දුන්නා. එහෙම වුනොත් මං ඔවුන්ගේ ඒ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක සේවයටත් දන්වනවා එම ක්‍රීඩකයින් සම්බන්ධව විනයානුකූලව කටයුතු කරන්න කියලා.”

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<