වර්ෂාව හේතුවෙන් තරග කාලසටහනේ වෙනසක්

84

ක්‍රීඩා ඉසව් මෙන්ම මලල ක්‍රීඩා ඉසව් ද රැසක් එක්කොට පවත්වනු ලබන දිවයිනේ ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල ලෙස සැලකෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසාන තරගවල සමාරම්භක උත්සවය අද (24) සවස බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. 

සමස්ත ලංකා මලල ක්‍රීඩාවලට මිලියන 70ක්!

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 35 වැනි වරට සංවිධානය කරන සමස්ත ලංකා….

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව 45 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසාන තරග ඒ අනුව හෙට (25) සිට එළඹෙන 27 වන ඉරිදා දක්වා එම ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දීම පැවැත්වීමට සියලුම කටයුතු මේ වන විට සූදානම් කර ඇත.  

ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම්වල මනරම් සංදර්ශනයක් සහ පළාත් 9 නියෝජනය කරමින් තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති ආචාර්ය පෙළපාලියත් සමඟින් ආරම්භ වූ ක්‍රීඩා උළෙල තවත් නර්තනාංග කිහිපයකින්ම වර්ණවත් විය. 

ක්‍රීඩා උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් තරගාවලියේ ගිනිසිළුව දැල්වීමේ කාර්යය සිදු කරනු ලැබුවේ මීටර 400 කඩුලු මතින් දිවීමේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන හිටපු මලල ක්‍රීඩක හරින්ජන් රත්නායක සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක වන ශානිකා රාජපක්ෂ විසිනි. 

ගරු විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාරම්භක උත්සවයට ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු තවත් අමුත්තන් රැසක් ද එක්ව සිටියහ. 

හරීන් ප්‍රනාන්දු මහතා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර තලය තුළ ඔසවා තැබීමට නම් පළාත් 9ටම එකසේ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම, අනෙකුත් පළාත් වල ක්‍රීඩාංගණ ඉදිකොට ඒවා නිසි පරිදි නඩත්තු කිරීම, ක්‍රීඩාවට අදාළ ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම සහ අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිසි පරිදි ආරක්‍ෂා කරගැනීමත් අත්‍යාවශ්‍ය වන බවයි. 

හමුදා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක්

එළඹෙන ඔක්තෝබර් මස 27 වැනිදා චීනයේ වුහාන් හිදී ආරම්භ වීමට නියමිත….

ජාතික මහා ක්‍රීඩා උළෙල යටතේ පවත්වනු ලබන ක්‍රීඩා ඉසව් 33න් 27ක තරග පසුගිය මාස 2ක කාලය පුරාවට පවත්වා අති අතර හෙට ආරම්භ වන එහි අවසාන වටයේ තරග ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2100කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇති අපේක්ෂා කෙරේ. 

කෙසේ නමුත් මේ වන විට චීනයේ පැවැත්වෙන ලෝක ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම සහභාගී වී සිටීම නිසාත් එළඹෙන දෙසැම්බර් මස 01 වන දින ආරම්භ වන දකුණු ආසියානු උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ආබාධ ඇතිවීමට අති ඉඩකඩ නිසාත් දිවයිනේ ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20කට ආසන්න ප්‍රමාණයක් මෙවර තරගාවලිය සඳහා එක්නොවන බවට ද වාර්තා වේ. ඒ අනුව මෙවර තරගාවලිය නවක, යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මනා තෝතැන්නක් වනු ඇති බව නොඅනුමාන ය.  

අද දිනය ද ඇතුළුව මෙම දින කිහිපය පුරාවටම ප්‍රදේශයට පැවති වර්ෂා සහිත කාලගුණ තත්වය ඉදිරි දිනවලදීත් ඒ ආකාරයටම පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඒ අනුව තණකොළ සහිත ධාවන පථය සහ ක්‍රීඩාංගණය ඒ හරහා මඩ සහිත ස්වභාවයක් ගැනීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල අභියෝගයක් මෙන්ම බාධකයක් ද වනු ඇත. 

අර්බුද නිමයි! දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දින වෙනසක් නෑ!

මේ වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු ක්‍රීඩා….

කෙසේ නමුත් වර්ෂාව මඟහැර තරගාවලිය පවත්වා ගෙන යාම සඳහා වර්ෂාව අපේක්ෂිත සවස් වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග පළමු දින දෙක තුළ රාත්‍රි කාලයේ දී පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත.  

මෙවර තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමේ අරමුණින් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට සහ දක්‍ෂතම ක්‍රීඩිකාවට මෝටර් රථය බැගින් තිළිණ කිරීමටත්, නව ජාතික වාර්තාවක් සඳහා රුපියල් 100,000/=ක මුදලකුත්, නව තරගාවලි වාර්තාවක් සඳහා රුපියල් 50,000/=ක මුදලකුත් පිරිනැමීමටත්’ සංවිධායකයින් පියවර ගෙන ඇත. 

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සියලුම තොරතුරු, පුවත්, ඡායාරූප, වීඩියෝ පට ඇතුළු තවත් විශේෂාංග සඳහා රැඳී සිටින්න ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

හෙට (25) දිනයේ තරග කාලසටහන

101 08.00 a.m. Pole Vault Women Final
102 08.15 200m Women Heats
103 08.40 200m Men Heats
104 08.45 Shot Put Women Final
105 08.45 Hammer Throw Men Final
106 09.00 Long Jump Women Final
107 09.00 800 m Women Heats
108 09.15 800 m Men Heats
109 10.00 400 m Hurdles Women Heats
110 10.20 400 m Hurdles Men Heats
111 10.30 200 m  Women Semi-final
112 10.40 200 m Men Semi-final
113 11.30 Long Jump Men Final
114 11.30 High Jump Men Final
115 06.00 p.m. Discus Throw Men Final
116 06.00 400 m Hurdles Women Final
117 06.15 400 m Hurdles Men Final
118 06.30 200m Women Final
119 06.40 200m Men Final
120 06.50 10000 m Men Final
121 07.40 5000 m Women Final

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<