දම් හිස්වැස්ම Bumrahට

5985
(india.com)

සිව් වතාවක් IPL ශූරයින් වන Mumbai Indians ඊයේ (5) 2020 IPL තරගාවලියේ අවසන් මහා තරගයටත් සුදුසුකම් ලැබුවේ Delhi Capitals කණ්ඩායමට එරෙහිව දැවැන්ත ජයක් වාර්තා කරමිනුයි.

මෙවර ඔවුන් අවසන් මහා තරගය ජයගතහොත් වසර හතරක් තුළ ඔවුන් දිනා ගන්නා තුන්වැනි IPL කිරුළ මෙය වීම විශේෂත්වයක්. ඩුබායි ජාත්‍යන්තර පිටිය ගිනියම් කරමින් මුම්බායි ආරම්භක වේග පන්දු යවන්නන් යුගලය Jasprit Bumrah හා Trent Boult, Capitals පිතිකරණ ලැයිස්තුව සුනුවිසුනු කළා.

Jasprit Bumrah ලකුණු 14කට කඩුලු හතරක් දවා ගන්නට සමත් වුණු අතර DC පිතිකරුවන් ඔහුගේ පන්දු කිසිවක් නිසි පරිදි තෝරා බේරා ගත්තේ නැහැ. Bumrah විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ සිය හොඳම පන්දු යැවීම වාර්තා කළේ මුම්බායි කණ්ඩායම අවසන් මහා තරගයට කැඳවා යමිනුයි.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ Bumrah මේ තරගයේ දී තැබූ එකම වාර්තාව නොවේ. ඉන්දියානු පන්දු යවන්නෙක් IPL තරග වාරයක දී රැස් කළ වැඩිම කඩුලු ගණනේ වාර්තාව වූ කඩුලු 26 සීමාව ද ඔහු ඉක්මවා ගියා. ඔහුට පෙර එම වාර්තාවට හිමිකම් කියූවේ Bhuvnehswar Kumar. Qualifier තරගයේ දී එකදු කඩුල්ලක් හෝ දවා නොගත් Kagiso Rabada ගෙන් වැඩිම කඩුලු දවා ගන්නාට හිමි දම් හිස් වැස්ම ද උදුරා ගන්නට ඔහු සමත් වුනා.

තරගයේ වීරයා වූ Bumrah තරගයෙන් පසුව මෙසේ අදහස් දක්වා තිබුණා.

“කඩුලු දවා ගන්නේ නැතුව තරගාවලිය දිනන්න මම කැමති නැහැ. මට යම් කාර්යභාරයක් දීලා තිබෙනවා. මට ඕනේ ඒ වගකීම හරියට ඉටු කරන්න. මුලින්ම යෝකර් පන්දු දාන එක ඉතා වැදගත්. මම තීරණය කරලා තිබුණේ මම හැම තරගයකම මුල ඉඳන් ඒක කරනවා කියලා. නායකයා කියන ඕනේ වෙලාවක පන්දු යවන්න මම සුදානම්.”

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<