ශූරතාවය බස්නාහිර සහ වයඹ පලාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට

400
NSF Football

42වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පැවති පාපන්දු ක්‍රීඩා ඉසව්වෙන් අවසන් මහා තරගයෙන් බස්නාහිර පළාත් කණ්ඩායම පිරිමි ශූරතාවය දිනා ගත් අතර කාන්තා ශූරතාවය දිනාගනු ලැබුවේ වයඹ පලාත් කණ්ඩායම විසිනුයි.

පසුගිය ලිපි: කාම්බෝජයෙන් ශ්‍රී ලංකාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

පිරිමි පාපන්දු ශූරතාවලිය

මෙම අවසන් තරගයේදි බස්නාහිර පළාත් කණ්ඩායම සමගින් තරග වැදුනේ වයඹ පළාත් කණ්ඩායමයි. එහිදී ගෝල 3:0 ක් ලෙස ජය වාර්තා කිරීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය.

බස්නහිර පළාත් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ඉසදීන්, මොහොමඩ් පර්සාන් හා මොහොමඩ් රමීස් ගෝල එක බැගින් ලබා ගැනීමට සමත් වුහ. අවසන් පුර්ව වටයේදි බස්නහිර පළාත හා සබරගමුව පළාත අතර පැවති තරගයේදී ගෝල 5:1 ක් ලෙස ජය ලබා ගන්නට බස්නාහිර පළාත් කණ්ඩයමට හැකි වු අතර එහිදීද තම කණ්ඩායම වෙනුවෙන් ඉසදීන් සහ පර්සාන් තම දක්ෂතාවය පෙන්වමින් ගෝල වාර්තා කිරීමට සමත් විය.

වයඹ පළාත් කණ්ඩායම සහ උතුරු මැද පළාත් කණ්ඩායම් අතර තරගයේදි නියමිත කාලය තුල දෙපිලටම ගෝල වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙන් දඩුවම් පහර අවස්තාවන් ක්‍රියාත්මක කිරිමට සිදුවිය. එහිදී වයඹ පළාත ගෝල 6:5 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන ලදී.

තුන්වන ස්ථානය සඳහා පැවති තරගයේදී ගෝල 2:1 ක් ලෙස ජය ගැනීමට සබරගමුව පලාත් කණ්ඩායම සමත්විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා මොහොමඩ් ඉසදීන්.

කාන්තා පාපන්දු ශූරතාවලිය

කාන්තා අවසන් තරගයේදී පිටියට පිවිසි බස්නාහිර පළාත සහ වයඹ පළාත කණ්ඩායම් අතරින් කාගේත් කතා බහට ලක් වු කණ්ඩායමක් වූයේ වයඹ පළාත් කණ්ඩායමයි. ඊට හේතුව නම් තිලිණි ජයසිංහ ඇයගේ උපරිම දක්ෂතාවය තම කණ්ඩායම වෙනුවෙන් පෙන්නුම් කිරීමයි.

කෙසේ නමුත් අර්ධ අවසන් පුර්ව තරගයේදී බස්නාහිර පළාත් කණ්ඩායමේ චලනි ඒකනායක, නාලිකා කරුණාරත්න සහ අශානි රත්නායක යන ක්‍රීඩිකාවන් විසින් ගෝල එක බැගින් ලබාගත් අතර දකුණු පළාත් කණ්ඩායම ගෝල 2:0 ක් ලෙස පරාජයට පත් කිරීමට බස්නාහිර ක්‍රිඩිකාවෝ සමත් විය.

තුන්වන ස්ථානය සඳහා පැවති ඌව පළත හා දකුණු පළාත අතර තරගයේ ගෝල 2:0 ක්

ලෙස ඌව ක්‍රිඩිකාවෝ ජය ගන්නා ලදී. අර්ධ අවසන් පුර්ව වටයට බස්නාහිර සහ උතුරු පළාත තේරී පත්වු අතර ඌව පළාත ගෝල 6:0 ක් ලෙසත් මධ‍්‍යම පළාත ගෝල 4:0 ක් ලෙසත් පරාජයට පත්විය.

චලනි ඒකනායක ගෝල 4කට හිමිකම් කියූ විට නාලිකා තවත් ගෝල 3ක් තමන් සතු කරගනිමින් වයඹ පළාත් කණ්ඩායම නැගෙනහිර පළාත් කණ්ඩායමට එරෙහිව ගෝල 8:0 ක් ලෙස ජය හිමි කරගන්නා ලදී.

තරගාවලියේ  දක්ෂතම ක්‍රීඩිකාව තිලිණි ජයසිංහ.

තවත් පුවත් සදහා පිවිසෙන්න- මුල්පිටුවට