IPL නරඹන්න ඉන්න ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

772
iplt20

එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලය එරට දී පැවැත්වෙන IPL තරගාවලිය ප්‍රේක්ෂකයින්ටත් විවෘත කරන්නට බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා. එක්සත් අරාබි එමීර් රජයේ අවසරය මත ක්‍රීඩාංගණවලින් 30% – 50%ක් අතර ප්‍රේක්ෂකයින් ප්‍රමාණයකට ක්‍රීඩාංගණය විවෘත වන බව එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මුබශිර් උස්මානි පවසා සිටියා.

IPL අවසන් තරගය කල් යයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් කාලසටහන එලි දක්වමින් එහි සභාපති බ්‍රිජේෂ් පටේල් පවසා සිටියේ තරගාවලිය ප්‍රේක්ෂකයින්ට විවෘත වන්නේ ද, නැද්ද යන තීරණය එක්සත් අරාබි එමීර් රජය ගත යුතු බවයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ඉන්දීය රජයේ අවසන් අනුමැතිය ලැබෙන තුරු බලා සිටීම විශේෂත්වයක්.

“අපි බොහොම කැමතියි මේ විශිෂ්ට අවස්ථාව අපේ ප්‍රේක්ෂකයින්ට ලැබෙනවා නම්. නමුත් ඒක තනිකරම තීරණය කරන්න ඕන රජය. මෙහෙ ගොඩක් උත්සව අවස්ථාවලට මුළු ධාරිතාවයෙන් 30% – 50% ක අතර පිරිසක් සහභාගී වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ රජය ඒකට අනුමැතිය දෙයි කියලා” උස්මානි මහතා PTI පුවත් සේවය වෙත පවසා තිබුණා.

විලීගේ ආගමනය ජයග්‍රහණයකින් හමාර වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වන විට Covid-19 ආසාදිතයින් 6000ක් පමණ ප්‍රතිකාර ලබන නමුත් වසංගත තත්වය සෑහෙන දුරකට පාලනය කර තිබෙනවා.

කෙසේ වෙතත් නොවැම්බර් මාසයේ දී පවත්වන්නට නියමිතව තිබුණු 2020 ඩුබායි සත් සාමාජික රග්බි තරගාවලිය 1970 වසරෙන් පසුව පළමු වතාවට කල් දමා තිබෙනවා.

“IPL තරගාවලියට තවමත් ටිකක් කල් තිබෙන නිසා ඒ වන විට මෙහෙ තත්වය තවත් හොඳ තත්වයට පත් වෙලා තියෙයි. අපි තවමත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හා ඉන්දීය රජයේ අනුමැතිය ලැබෙන තුරු ලබා සිටිනවා. ඒ ඇරුනම අපි සියල්ලට සූදානම්. ඩුබායි, අබුඩාබි හා සාජාහ් ක්‍රීඩාංගණවල බලධාරීන්ට අපි දැනුම් දී තිබෙනවා සූදානම් වෙලා ඉන්න කියලා.”

රෝහිත් ගැන රයිනාගෙන් අනාවැකියක්

ඉන්දියාවේ මහා මැතිවරණය පැවැත්වීම නිසා 2014 වසරේ දී ද IPL තරගාවලියේ කොටසක් එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වුණා.

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<