වයස්ගතම එංගලන්ත ක්‍රීඩකයා එක්දින සංචිතයෙන් ඉවතට

1630

රෝයල් ලන්ඩන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන අයර්ලන්ත-එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙක සඳහා සුපිරි එංගලන්ත පිතිකරු ජෝ ඩෙන්ලීගේ සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමක පවතින බව එංගලන්ත ක්‍රිකට් ආයතනය ඊයේ (31) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන්කොට තිබුණි. 

විලීගේ ආගමනය ජයග්‍රහණයකින් හමාර වෙයි

ශරීරයේ පිටුපස ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් ඩෙන්ලි හට ඉදිරි තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හැරී යා හැකි බව සඳහන් කර සිටි එංගලන්ත කණ්ඩායම් කළමනාකාරිත්වය නවක ක්‍රීඩක ලියාම් ලිවින්ග්ස්ටෝන් හට එක්දින කණ්ඩායමේ දොරටු විවෘත කර දී තිබෙන්නේ එංගලන්ත පිතිකරණ බලඇණිය තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙසිනි.

ලිවින්ග්ස්ටෝන් එංගලන්තය නියෝජනය කරමින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 2කට ක්‍රීඩාකොට ඇති අතර තවමත් එක්දින වරම් හිමිකර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන ඔහුට එම සිහිනය සැබෑ කරගැනීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇතැයි ඇතැම් විචාරකයින් මත පළ කර සිටියි.

ජයග්‍රාහී එංගලන්ත ටෙස්ට් සංචිතය තවත් සටනකට

ජෛව ආරක්ෂණ වැඩපිළිවෙළ අකුරටම ක්‍රියාත්මක කරමින් ඇගියස් බෝල් ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන තරගාවලියේ පළමු තරගයෙන් ඉතා පහසු ජයක් අත්පත් කරගැනීමට එංගලන්ත කණ්ඩායම  සමත් වූයේ කඩුලු 6ක්ද අතැතිව තරගය නිමාවට පත්කරමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<