කපුගෙදරට 4 වන තරගය අහිමි වෙයි ද?

880
Chamara Kapugedara set to miss fourth ODI

ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන නායක චාමර කපුගෙදර සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ එළඹෙන බ්‍රහස්පතින්දා (31) කොළඹ දී පැවැත්වෙන 4 වන තරගය සඳහා සහභාගී වීම අවිනිශ්චිත තත්වයක ඇත.

ශ්‍රී ලංකාව සහ ලෝක කණ්ඩායම අතර තරගය කල් යයි

ශ්‍රී ලංකාව සහ ලෝක කණ්ඩායම අතර ආධාර මුදල් එක්රැස් කිරීමේ අරමුණින් එළඹෙන සැප්තැම්බර් මස 08 වන දින..

පසුගිය දා පල්ලෙකැලේ දී පැවති තෙවන එක්දින තරගයේ දී චාමර කපුගෙදර ශ්‍රී ලංකාවේ 20 වන එක්දින නායකයා බවට පත්වූ අතර ඔහු කොන්දේ ආබාධයකට මුහුණ දීම හේතුවෙන් ඔහු සිව්වන තරගයට සහභාගී වනවා ද? නැද්ද? යන්න පිළිබඳව අවසන් තීරණය කණ්ඩායම් කළමනාකාරිත්වය හෙට (30) ප්‍රකාශ කරනු ඇත.

“ඔහුට මහනුවර තරගය අතරතුරදීත් ඒ ගැටලුව තිබ්බා. නමුත් මම හිතන විදිහට ඔහු පිතිකරණයට ගියාම ඒක වැඩි වුනා. ඔහුගේ තත්වය ගැන භෞතචිකිත්සකවරයා හරියටම කියනකන් අපිට බලාගෙන ඉන්න වෙනවා. බොහෝ දුරට හෙට (බදාදා) සවස් වරුවේ පැවැත්වෙන පුහුණු සැසියේ දී අපි ඒ ගැන තීරණය කරනවා. ඔහු හෙට පුහුණු වුනේ නැත්නම්, අනිවාර්යයෙන්ම ඔහු තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.”

අසංක ගුරුසිංහ ESPN Cricinfo වෙබ් අඩවිය වෙත පවසා ඇත.

තරගාවලියේ දෙවන එක්දින තරගයේ දී අඩු පන්දුවාර වේගයක් පවත්වා ගෙන යාම හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කණ්ඩායමේ නායක උපුල් තරංග හට තරග තහනමක් පැනවීමට කටයුතු කළ අතර ඒ අනුව තරගාවලියේ තෙවන හා සිව්වන එක්දින තරග සඳහා කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස චාමර කපුගෙදර තෝරා පත්කරන ලදි.

තෙවන එක්දින තරගය සඳහා කැඳවනු ලැබූ දිනේෂ් චන්දිමාල් එහි දී පිතිකරණයේ යෙදෙන අතරතුර සිය ඇඟිල්ලේ බිඳීමකට මුහුණ දුන් අතර ඒ අනුව ඔහුට ද තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. උරහිසේ ආබාධයක් හේතුවෙන් තෙවන තරගය අහිමි වූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සිව්වන තරගයට පෙර සුවය ලබනු ඇතැයි විශ්වාස කෙරෙන අතර ඒ අනුව බොහෝ දුරට සිව්වන තරගයේ දී නැවතත් කණ්ඩායමට එක්වනු ඇත.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලට අනුව කපුගෙදර සිව්වන තරගය සඳහා සුවය නොලැබුවොත් ඒ වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට ඇතුළත් කෙරෙනු ඇති අතර අත්දැකීම් බහුල ලසිත් මාලිංග හට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<