පෙඩ්ලොව් හා චැච්ටර් හමුවේ අසංක හා මිලන්ත පරාජය වේ

216
pic Credit - Getty Images

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් ඉසව්වේ දෙවන දිනය සඳහාත් ඊයේ (07) තරග පැවති අතර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 14 වන ස්ථානයේ සිටින කැනඩාවේ සැමුවෙල් පෙඩ්ලොව් (Samuel Pedlow) හා සෑම් ස්චැච්ටර් (Sam Schachter) හමුවේ ශ්‍රී ලංකාවේ අසංක ප්‍රදීප් හා මිලන්ත යාපා හට පරාජය හිමි විය.

ශ්‍රී ලංකාව ප්‍රබල තරගයක් දී පරාජය වේ

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ දී ආරම්භ වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි …

B කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය කුලන්ගට්ටා (Coolangatta) වෙරළ තිරයේ දී පැවති අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉතා අපහසු තරගයක් වූ මෙය කැනේඩියානු ක්‍රීඩකයින්ගේ අත්දැකීම් හා දක්ෂතා හමුවේ මිනිත්තු 32ක් තුල නිමා වීම විශේෂ කරුණකි.  

පෙඩ්ලොව් හා චැච්ටර් පළමු ලකුණේ සිට තරගය සියතට ගත් අතර පළමු වටය ලකුණු 21-11ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට සමත් විය.

දෙවන වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දරුණු පරාජයක් හිමි කර දෙමින් 9-4ක් ලෙස දැක්වුණු ලකුණු පුවරුව පිට පිටම ලකුණු අටකින් ඉහළ දමමින් ලකුණු 17-04ක් දක්වා ඉහළ ගෙනා අතර 21-05ක් ලෙස වටය අවසන් වෙද්දී ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් දෙපලට රැස්කරගත හැකි වූයේ තවත් එක් ලකුණක් පමණි.

රන් පදක්කම් 275ක් සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සටන ඇරඹේ

එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ එම ආර්යාව ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගි වන…

මීළඟ තරගයේ දී අසංක හා මිලන්ත, කමාරා හා ලොම්බි හමුවීමට නියමිත අතර ඔවුන් දෙපල ද පෙඩ්ලොව් හා චැච්ටර් හමුවේ 22-20 හා 21-14 ලෙස පරාජය ලැබුවෝ වෙති. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා යාමට නම් මීළඟ තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජය ගත යුතුමය.   

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<