බාබර් අසාම්ට සහ තවත් කිහිපදෙනෙක්ට අනතුරු ඇඟවීමක්

707

ICC විසින් ක්‍රිකට් තරග පැවැත්වෙන අවස්ථාවල දී හෝ පුහුණුවීම්වල දී අනුගමනය කිරීමට නිර්දේශ කළ කොරෝනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම බිඳ හෙලීම නිසා පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායම් නායක බාබර් අසාම් ඇතුළු තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් අනතුරු අඟවා ඇත.

එංගලන්ත සංචාරයට යන පාකිස්තාන සංචිතය නිකුත් වෙයි

පාකිස්තානු ක්‍රිකට් ආයතනය අසලම පිහිටා තිබෙන අබ්දුල් කාදර් ක්‍රිකට් ඇකඩමිය තුල බාබර් අසාම්, ඉමාම් උල් හක් සහ වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ශා ඇතුළු තවත් එරට දේශීය අන්තර් ක්‍රිකට් සමාජ නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් පුහුණුවීම්වල නිරත වෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. 

එහි දී ඔවුන් කටයුතු කරන ආකාරය සහ හැසිරෙන ආකාරය කොරෝනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවලට සම්පූර්ණ ලෙස පටහැනි නිසාවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එංගලන්ත ක්‍රිකට් තරග සංචාරයට පෙර පාකිස්තානු ක්‍රීඩකයින් සියලුම දෙනා එක්කාසු කරමින් පුහුණු කඳවුරක් පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා ඇතිව ඇති තත්වයන් නිසා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එම පුහුණු කඳවුර අවලංගු කරන ලදි. 

කෙසේ නමුත් කුඩා කණ්ඩායම් ලෙස ක්‍රීඩකයින් ඔවුන්ගේ සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙන අතර එහි දී මේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම බිඳ හෙලීම සිදුව ඇත.

පාකිස්තානයේ එංගලන්ත සංචාරයේ තරග පැවැත්වෙන දින තවමත් තීරණය කර නොමැති නමුත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරන්නේ පෙර සැලසුම් කර තිබුණු පරිදි ටෙස්ට් තරගාවලිය හා සීමිත පන්දුවාර තරගාවලිය අගෝස්තු මස පැවැත්වීමට හැකි වනු ඇති බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<