ගෙවුනු දවස සැප්තැම්බර් 16 – ධනංජයගේ ශතකය අපතේ යයි

375

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

චාමරට වසර 3ක තහනමක්

pic 1

2016/17 තරග වාරයේ දී පළමු පෙළ කණ්ඩායම් 2කට අදාළව මුදලට තරග පාවාදීමේ චෝදනාවන් විමර්ශනය කිරීමට පත් කරනු ලැබූ පරීක්ෂණ කමිටුව විසින් සිය තීරණය ඊයේ ප්‍රකාශයට පත්කරන ලදි.

කළුතර කාය වර්ධන කවය (Kalutara Physical Culture Club) සහ පානදුර ක්‍රිකට් සමාජය යන ක්‍රීඩා සමාජ දෙක අතර පැවති තරගයක දී, වර්ෂාවෙන් බාධා එල්ල වූ අවසන් දිනයේ දී, පන්දුවාර 59ක් තුළ ලකුණු 603ක් සහ කඩුලු 24ක් වාර්තා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලදි.

මෙම ක්‍රීඩා සමාජ දෙකේම සියලුම ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම්වලට අදාළව වසරක තහනමක් පැනවීමට තීරණය කෙරුණු අතර කණ්ඩායම් දෙකේ නායකයින් දෙපළ වන චාමර සිල්වා (පානදුර) සහ මනෝජ් දේශප්‍රිය (කළුතර) හට එම තහනම (ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම සහ පරිපාලනය ඇතුළුව) වසර 2ක කාලයක් සඳහා වලංගු වනු ඇත.

සම්පූර්ණ වාර්තාව: තරග පාවාදීමක් හෙළි වේ; චාමරට දඬුවම්


කුසලානය සාන්ත ජෝසප් විදුහලට

pic 2

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය අතර පැවති “පාලක කුසලානය” (Rector’s Trophy) තරගයෙන්, ලකුණු 312ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ඊයේ (15) කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත පැට්‍රික් විද්‍යාලය ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගන්නා ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 285/8 dec (63.5): ජොහාන් ද සිල්වා 62, සචින්ත මහින්දසිංහ 59*, ඩිනාල් අනුරුද්ධ 45, කැමරන් දුරුගේ 42, යෙසිත් රූපසිංහ 26, ජේ. අනොජන් 3/68.

සාන්ත පැට්‍රික් විද්‍යාලය පළමු ඉනිම –  38/10 (22.3): අශේන් ඩැනියල් 5/06, දුනිත් වෙල්ලාගේ 4/10.

සාන්ත ජෝශප් දෙවන ඉනිම – 140/6 dec (35): ශෙවාන් රාසූල් 56*, ඩිනාල් අනුරුද්ධ 28, ඩී. එන්. ඩිලුක්සාන් 2/29, ජී. රතිශාන් 2/34.

සාන්ත පැට්‍රික් දෙවන ඉනිම – 75/10 (23.4): ඉවාන් රොශාන්තන් 20*, අශේන් ඩැනියල් 7/27.

සම්පූර්ණ වාර්තාව: ජෝසප්වරුන් හමුවේ පැට්‍රික් ක්‍රීඩකයෝ අසරණ වෙති


වර්ණපුරගෙන් සටන්කාමී ඉනිමක්

pic 3

ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ ක්‍රීඩා තරු සහ දේශීය ක්‍රිකට් පිටියේ පෙරළිකාරයින් උරෙනුර ගැටෙන 25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තවත් තරග 4ක් ඊයේ (16) දිනයේ ක්‍රියාත්මක විය.

පසුගිය දිනවල දී නොකඩවා ඇද හැලුණු වර්ෂාව පහව යාමත් සමඟ එම තරග සියල්ලම කිසිදු බාධාවකින් තොරව පවත්වන්නට ද ඊයේ අවස්ථාව උදා විය. එහි දී ජයග්‍රහණය වාර්තා කර ගත්තේ කොමර්ෂල් ක්‍රෙඩිට්, ඩිමෝ, සම්පත් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව යන කණ්ඩායම් සතරයි.

ඊයේ දිනයේ ධනංජය ද සිල්වා, මාධව වර්ණපුර යන පිතිකරුවන් පිත්තෙන් වැඩි සුරු විරුකම් පාද්දී, නමගිය පන්දු යවන්නන් කිහිප දෙනෙකුම තම කණ්ඩායම්වලට ජය ලබා දීම සඳහා දැඩි වෙහෙසක් ගත්හ.

සම්පූර්ණ වාර්තාව: ධනංජයගේ ශතකය ඵල රහිත වෙද්දී වර්ණපුරගෙන් සටන්කාමී ඉනිමක්!


සරසවි කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහේ

pic 4

මෙවර “Red Bull සරසවි ලෝක කුසලානය” සිය රටට ගෙන යාමට ඊයේ (16) දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගය කඩුලු 7කින් ජය ගනිමිනි. ඒ අනුව ගියවර ශූරයින් ලෙස තරගාවලියට එක්වුණු ශ්‍රී ලංකාවට මෙවර අනුශූරතාවයෙන් සෑහීමකට පත් වන්නට සිදු විය.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 121 (පන්දුවාර 18.4): චාමික කරුණාරත්න 29, මනෝජ් සරත්චන්ද්‍ර 24, දිනුක් වික්‍රමනායක 21, කොෂාන් ජයවික්‍රම 12, මිශේන් සිල්වා 8, ජුලියන් සවුටර් 3/16, ඩිලන් මැතිව්ස් 3/22, නීල් ඩුරෝ 1/14.

දකුණු අප්‍රිකාව – කඩුලු 3ක් දැවී ලකුණු 122 (පන්දුවාර 15.2): ජැන්මන් මාලන් 64*, මාකස් ඇකර්මන් 23, රුවාන් හාස්බ්‍රෝක් 20*, කොෂාන් ජයවික්‍රම 2/31, ගෙශාන් විමලධර්ම 1/16.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවෙන් සරසවි කුසලානය ගිලිහෙයි; ශූරතාවය දකුණු අප්‍රිකාවට!


රග්බි –

සත් සාමාජික රග්බි කණ්ඩායමේ වෙනස්කම් 2ක්

pic 5

දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර ඇති අතර එයට අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙපළක් වන දනුෂ්ක රංජන් සහ චානක චන්දිමාල් යන ක්‍රීඩකයින් ඇතුළත් කර ඇත.

තරගාවලියේ පළමු අදියර සඳහා සංචිතයට ඇතුළත්ව සිටි කවිඳු පෙරේරා සහ සමිත් ධනංජය වෙනුවට දනුෂ්ක සහ චානක හට සංචිතයේ ස්ථාන ලබා දී ඇත.

සම්පූර්ණ සංචිතය: ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ වෙනස්කම් 02 ක්

දිනයක අවසානය