ගෙවුනු දවස ජුලි 27 – ඕස්ට්‍රේලියානු ඉණිම සදකැන් සහ හේරත් විසින් නවතයි

305
past day july - 27

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

සදකැන් පෑයු තරගය

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර අන්තර්ජාතික  ටෙස්ට් තරඟ 3ක්, අන්තර්ජාතික එක්දින තරඟ 5ක් හා 20-20 ජාත්‍යන්තර තරඟ දෙකකින් සමන්විත දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ වෝන් – මුරලි  කුසලානය සඳහා පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයෙන් ඇරඹිනි. එහි දෙවන දිනය අද  (27) මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් පිටියේදී පැවැත්විණි.

ඕස්ට්‍රේලියානු පළමු ඉණිම – 203 -10 (79.2) ඇඩම් වෝගස් 47, මිචෙල් මාෂ් 31, ස්ටීව් ස්මිත් 30, රංගන හේරත් 4/49, ලක්ෂාන් සඳකැන් 4/58

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 06-1 (2.2) කෞෂාල් සිල්වා 2 , මිචෙල් ස්ටාක් 1/3

සම්පූර්ණ ලිපිය: දෙවන දිනයෙන් ඇරඹූ දෙවන ඉණිම


යොවුන් පිලට ලොකු අභියෝගයක්

ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට එංගලන්ත යෞවනයන් පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 352ක් රැස් කරගෙන සිටින ලදී. වර්ෂාව හේතුවෙන් දිවා ආහාරයට පසු තරගය ආරම්භ වීමත් සමග, වෙස්ට්බරි සහ ඔලී පෝප් තවත් ලකුණු 101ක් එංගලන්ත ලකුණු පුවරුවට එක් කළේ 5වන කඩුල්ලේ සබඳතාව ලකුණු 126ක් දක්වා ඉහල දමමිනි.

තරගයේ තුන්වන දිනය වන අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වගකීම් සහගතව පිතිහරඹයේ යෙදෙමින් තරගය පරාජයෙන් බේරා ගැනීමට විශාල සටනක් දීමට සිදුවනු ඇත.

එංගලන්ත 19න් පහළ පළමු ඉනිම – 500/9 d  (ඔලී වෙස්ට්බරි – 196, ජෝජ් බාට්ලට් – 131, ඔලී පෝප් – 78, ජෙහාන් ඩැනියල් – 3/91, ලහිරු කුමාර – 2/104, සම්මු අශාන් – 1/21)

ශ්‍රී ලංකා 19න් පහළ පළමු ඉනිම – 96/2 (චරිත් අසලංක – 55*, ඩිලාන් ජයලත් – 22, අවිශ්ක ප්‍රනාන්දු – 13*, අමර් විර්දි – 1/13, ජෝජ් පනායි – 1/30)

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා යෞවනයන්ට දැවැන්ත අභියෝගයක්


මුරලි විශිෂ්ඨයින්ගේ නාමාවලියට

මේ දිනවල දැඩි කතා බහකට ලක්ව සිටින ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දැවැන්ත මෙහෙවරක් ඉටුකල ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සියලය විසින් ක්‍රිකට් විශිෂ්ඨයින්ගේ නාමාවලියට (Hall of Fame) නම් කර ඇත. මෙලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නම් කිරීම සිදුවුයේ ප්‍ර‍ථම වතාවට වීම සුවිශේෂි කරුණකි.

ටෙස්ට් තරගවලදී සහ එක්දින තරගවලදි  පන්දු වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගන්නා ලද ක්‍රීඩකයා ලෙසත් මුරලිදරන් සැලකෙන අතර ඔහුත් සමග එංගලන්තයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ජෝර්ජ් ලේහ්මාන්, හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායිකා කේ. රෝල්ටන් සහ හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වු ආතර් මෝරිස් ද මේ වසර අවසානයේ මෙම ගෞරව නාමයෙන් නම් කිරීමට නියමිතව ඇත.

 අද දිනයේ පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට