දෙවැනි ලෝක යුද්ධය නිමා වීමෙන් අනතුරුව ඊට සහභාගී වූ සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කර ගනිමින් German ජාතික Sir Ludwig Guttmann විසින් රෝහල් කිහිපයක් අතර ක්‍රීඩා උළෙලක් සංවිධානය කෙරුණි. 

1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහගාමී ව පැවති මෙම ක්‍රීඩා උළෙල පසුව වෙනත් වෙනත් නම්වලින් ද පවත්වා මේ වන විට පැරාලිම්පික් උළෙල යනුවෙන් පැවැත්වේ. 

දශක 7ක පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් අප සහභාගී වී ඇත්තේ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල 6කට පමණි. මේ කෙටි කාලයේ දී ලෝකඩ පදක්කම් සැරසුණ මේ ඉතිහාසය ගැන අසංක්ෂිප්ත සටහනකි මේ. 

1996 ගිම්හාන පැරාලිම්පික් උළෙල – Atlanta

සහභාගීත්වය

ක්‍රීඩකයා සහභාගී වූ ඉසව් අවසන් නියෝජනය ලබා ගත් ස්ථානය/ දක්ෂතාව
කාලික පතිරණ පිරිමි 100m – T45/46 Heat 1 7 වැනි ස්ථානය
පිරිමි 200m – T45/46 Heat 2 5 වැනි ස්ථානය
පිරිමි දුර පැනීම – T45/46 Final Round 11 වැනි ස්ථානය

ඇමෙරිකාවේ Atlanta නගරයේ දී පැවැති මෙම පැරලිම්පික් උළෙල ලොව 10 වැනි පැරාලිම්පික් උළෙල වුවත් පළමු වරට මෙරට ක්‍රීඩකයන් සහභාගී වෙන්නේ මෙම ක්‍රීඩා උළෙලටය.


2000 ගිම්හාන පැරාලිම්පික් උළෙල –  Sydney

ඕස්ට්‍රේලියාවේ Sydney නුවර දී පැවති මෙම ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩකයන් තිදෙනෙක් සහභාගී වන අතර ක්‍රීඩා උළෙල අවසන් වෙන්නේ ශ්‍රී ලංකාව පැරාලිම්පික් ලැයිස්තුවේ 69 වැනි ස්ථානයට පත් වෙමිනි. 


2004 ගිම්හාන පැරාලිම්පික් උළෙල – Athens

සහභාගීත්වය

ක්‍රීඩකයා සහභාගී වූ ඉසව් අවසන් නියෝජනය ලබා ගත් ස්ථානය/ දක්ෂතාව
රජීව් වික්‍රමසිංහ  පිරිමි දුන්නෙන් විදීම 16th Round ලකුණු 579
බණ්ඩාර තෙන්නකෝන් පිරිමි උස පැනීම – F 44/46 Final Round 10 වැනි ස්ථානය /1.60m
සඳුන් වාසනා පෙරේරා පිරිමි බර එසවීම 48Kg  Final Round 8 වැනි ස්ථානය
සමන්ත ප්‍රියදර්ශන  පිරිමි පිහිනුම් 50m freestyle – S10  Heat 2 7 වැනි ස්ථානය
පිරිමි පිහිනුම් 100m backstroke – S10 Final Round 4 වැනි ස්ථානය/

1:06.31

කුමාරසිරි මනතුංග  පිරිමි රෝද පුටු ටෙනිස් ඒකල 64th Round
පිරිමි රෝද පුටු ටෙනිස් යුගල 32nd Round
බර්ටි සිල්වා  පිරිමි රෝද පුටු ටෙනිස් ඒකල 64th Round
පිරිමි රෝද පුටු ටෙනිස් යුගල 32nd Round

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ සමන්ත ප්‍රියදර්ශන S10 කාණ්ඩය යටතේ පිරිමි පිහිනුම් ඉසව් දෙකක් නියෝජනය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය. එහි දී ඔහු මීටර් 100 backstroke ඉසව්වේ දී පළමු වටයේ දී දෙවැනි ස්ථානය ලබා ගනිමින් අවසන් වටය දක්වා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර එම වටයේ දී ඔහු තරගය නිමා කරන්නේ සිව්වැනියා වෙමිනි. එය ඒ දක්වා පැරාලිම්පික් ඉතිහාසයේ මෙරට ක්‍රීඩකයෙක් දැක් වූ ඉහළ ම දක්ෂතාව වේ. 

එමෙන් ම මෙවර ක්‍රීඩා උළෙලේ දී ප්‍රථම වරට යුගල ඉසව්වක් සඳහා ක්‍රීඩකයන්ට අවස්ථාවක් හිමි වීම ද වැදගත්ය. එම අවස්ථාව පිරිමි රෝද පුටු යුගල ඉසව්ව සඳහා උදාකර ගන්නේ කුමාරසිරි මනතුංග සහ බර්ටි සිල්වා ය. 


2008 ගිම්හාන පැරාලිම්පික් උළෙල – Beijing

සහභාගීත්වය

ක්‍රීඩකයා සහභාගී වූ ඉසව් අවසන් නියෝජනය ලබා ගත් ස්ථානය/ දක්ෂතාව
පට්ටිවිල ආරච්චි පිරිමි දුර පැනීම – F44/46 Final Round 10 වැනි ස්ථානය/ මී. 1.73
සාන්ත සිරිමානආරච්චිගේ  පිරිමි 200m – T46 Heat Round 19 වැනි ස්ථානය / තත්. 23.86
පිරිමි 400m – T46 Heat Round 11 වැනි ස්ථානය / තත්. 51.08
පිරිමි 800m – T46 Heat Round 14 වැනි ස්ථානය/ වි. 2:01.20
උදය පුෂ්පකුමාර  පිරිමි හෙල්ල විසි කිරීම – F42/44 Final Round 13 වැනි ස්ථානය /මී. 46.3
පිරිමි දුර පැනීම – F42/44 Final Round
සඳුන් මුදලිගේ පිරිමි බර එසවීම – 48Kg Final Round 8 වැනි ස්ථානය
උපාලි රාජකරුණා පිරිමි රෝද පුටු ටෙනිස් ඒකල  32nd Round

චීනයේ පැවැති මෙම ක්‍රීඩා උළෙලේ දී නැවත වතාවක් ඉසව් තුනකට සහභාගී වීමට මෙරට ක්‍රීඩකයෙක්ට වරම් හිමි වුණි. ඒ සාන්ත සිරිමානආරච්චිට ය. 


2012 ගිම්හාන පැරාලිම්පික් උළෙල – London

සහභාගීත්වය

ක්‍රීඩකයා සහභාගී වූ ඉසව් අවසන් නියෝජනය ලබා ගත් ස්ථානය/ දක්ෂතාව
දුමීර කංකානම්ගේ  පිරිමි 100m – T44 Heat 6 වැනි ස්ථානය /තත්. 26.23
පිරිමි දුර පැනීම – F42/44 9 වැනි ස්ථානය /මී. 5.56
ප්‍රදීප් සංජය පිරිමි 200m – T44 Heat 7 වැනි ස්ථානය /තත්. 23.40
පිරිමි 400m – T44 Final Round ලෝකඩ / තත් 49.28
ලෙස්ලි ලියනගේ  පිරිමි උස පැනීම – F42 7 වැනි ස්ථානය/ මී. 1.50
ලාල් පට්ටිවිල පිරිමි උස පැනීම – F46 8 වැනි ස්ථානය / මී. 1.80
අමරා ඉන්දුමති කාන්තා 100m – T46 Heat 5 වැනි ස්ථානය/ තත්. 13.96
කාන්තා 200m – T46 Heat 5 වැනි ස්ථානය/ තත්. 29.36
ගාමිණි දිසානායක පිරිමි රෝද පුටු ටෙනිස් ඒකල 64th Round
පිරිමි රෝද පුටු ටෙනිස් යුගල 32nd Round
උපාලි රාජකරුණා පිරිමි රෝද පුටු ටෙනිස් ඒකල 64th Round
පිරිමි රෝද පුටු ටෙනිස් යුගල 32nd Round

ශ්‍රී ලංකාව දිනා ගත් පළමු පැරාලිමිපික් පදක්කම වාර්තා වන්නේ මේ වසරේ දී ය. ඒ පිරිමි මීටර් 400 ඉසව්වට T44 කාණ්ඩයෙන් සහභාගී වූ ප්‍රදීප් සංජය දිනා ගත් ලෝකඩ පදක්කමයි. ඔහු මෙම ඉසව්ව අවසන් කරන්නේ තත්පර 49.28කිනි.

ප්‍රදීප් සංජය

මෙවර ක්‍රීඩා උළෙලට සහභාගී වූ අමරා ඉන්දුමති, ශ්‍රී ලංකාව වෙනුවෙන් පැරාලිම්පික් උළෙලක් වෙනුවෙන් සහභාගී වූ පළමු ක්‍රීඩිකාව බවට පත් වූවාය. 


2016 ගිම්හාන පැරාලිම්පික් උළෙල – Rio de Janeiro 

සහභාගීත්වය

ක්‍රීඩකයා සහභාගී වූ ඉසව් අවසන් නියෝජනය ලබා ගත් ස්ථානය/ දක්ෂතාව
සම්පත් බණ්ඩාර  පිරිමි දුන්නෙන් විදීම විවෘත 32nd Round ලකුණු 608
පිරිමි 4x100m සහාය දිවීම T42-47 Final Round 4 වැනි ස්ථානය /තත්. 47.12
අජිත් හෙට්ටිආරච්චි පිරිමි 100m – T43/44 Heat 8 වැනි ස්ථානය /තත්. 12.11
පිරිමි 200m – T43/44 Heat 6 වැනි ස්ථානය /තත්. 24.58
පිරිමි 400m – T43/44 Final Round 7 වැනි ස්ථානය /තත්. 56.50
පිරිමි 4x100m සහාය දිවීම T42-47 Final Round 4 වැනි ස්ථානය /තත්. 47.12
උපුල් චූලදාස පිරිමි 100m – T42 Final Round 8 වැනි ස්ථානය /තත්. 12.85
පිරිමි 200m – T42 Final Round 8 වැනි ස්ථානය /තත්. 26.68
පිරිමි 4x100m සහාය දිවීම T42-47 Final Round 4 වැනි ස්ථානය /තත්. 47.12
වයි. පී. අනිල්  පිරිමි දුර පැනීම – F42 Final Round 5 වැනි ස්ථානය /මී. 5.61
පිරිමි 100m – T42 Final Round 6 වැනි ස්ථානය /තත්. 12.81
පිරිමි 200m – T42 Final Round 7 වැනි ස්ථානය /තත් 25.96
පිරිමි 4x100m සහාය දිවීම T42-47 Final Round 4 වැනි ස්ථානය /තත්. 47.12
සම්පත් හෙට්ටිආරච්චි  පිරිමි හෙල්ල විසි කිරීම 

– F42/44

Final Round 5 වැනි ස්ථානය /මී. 47.22
ගාමිණි ඒකනායක  පිරිමි හෙල්ල විසි කිරීම 

– F46

Final Round 9 වැනි ස්ථානය /මී. 48.84
දිනේෂ් ප්‍රියන්ත හේරත් පිරිමි හෙල්ල විසි කිරීම 

– F46

Final Round ලෝකඩ පදක්කම /මී. 58.23
අමරා ඉන්දුමතී කාන්තා 200m  T45-47 Final Round 6 වැනි ස්ථානය /තත්. 27.54
කාන්තා 400m  T45-47 Final Round 5 වැනි ස්ථානය /වි. 1:01.74
කාන්තා දුර පැනීම T45-47 Final Round 12 වැනි ස්ථානය /මී. 4.09

ශ්‍රී ලංකාව වාර්තා කළ දෙවැනි පැරාලිම්පික් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් වුනා. ඒ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනා ගත් ලෝකඩ පදක්කමයි. ඔහුගේ දක්ෂතාව මීටර් 58.23කි.

දිනේෂ් ප්‍රියන්ත හේරත්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩිම පිරිසක් සහභාගී වූ පැරාලිම්පික් උළෙල මෙයයි. කණ්ඩායමට ක්‍රීඩකයන් 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවක් අතුලත්ව 8 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමකි. 


2020 ගිම්හාන පැරාලිම්පික් උළෙල – Tokyo

සහභාගීත්වය

ක්‍රීඩකයා සහභාගී වන ඉසව් කාණ්ඩය දැක් වූ ඉහළ ම දක්ෂතාවන්
දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරීම  F46 2016 රියෝ පැරාලිම්පික් ලෝකඩ පදක්කම
2017 ලන්ඩන් ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය ලෝකඩ පදක්කම
2018 ඉන්දුනීසායා ආසියානු පැරා තරගාවලිය රන් පදක්කම
2019 ඩුබායි ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය රිදි පදක්කම
සමිත දුලාන් හෙල්ල විසිකිරීම F44 2019 ඩුබායි ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය සිව්වැනි ස්ථානය
සම්පත් හෙට්ටිආරච්චි හෙල්ල විසිකිරීම  F64 2018 ඉන්දුනීසියා ආසියානු පැරා තරගාවලිය 

රිදී පදක්කම

කුමුදු ප්‍රියංකා මීටර් 100  T45/46 2007 මැලේසියාව විවෘත පැරා මලල ක්‍රීඩා උළෙල මීටර් 200 ලෝකඩ පදක්කම
2010 චීනය ආසියානු පැරා තරගාවලිය මීටර් 200 ලෝකඩ පදක්කම
2012 මැලේසියාව විවෘත පැරා මලල ක්‍රීඩා උළෙල මීටර් 100 රිදි පදක්කම, මීටර් 200 රිදී පදක්කම
දුර පැනීම 2016 ආසියානු පැරා ශූරතාවලිය මීටර් 100 ලෝකඩ පදක්කම
2018 ඉන්දුනිසියා ආසියානු පැරා තරගාවලිය දුර පැනීම ලෝකඩ පදක්කම
2021 ඩුබායි World Para Athletics Grand Prix තරගාවලිය දුර පැනීම ලෝකඩ සහ මිටර් 100 සිවු වැනි ස්ථානය
සමන් සුබසිංහ මීටර් 400  T47 2018 ඉන්දුනීසියා ආසියානු පැරා තරගාවලිය 

සිවු වැනි ස්ථානය

2021 ඩුබායි World Para Athletics Grand Prix තරගාවලිය රිදී පදක්කම
පාලිත බණ්ඩාර යගුලිය විසිකිරීම  F42 2018 ඉන්දුනිසියා ආසියානු පැරා තරගාවලිය 

රන් පදක්කම

2019 ඩුබායි ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය 

8 වැනි ස්ථානය

2021 ඩුබායි World Para Athletics Grand Prix තරගාවලිය ලෝකඩ පදක්කම
සම්පත් බණ්ඩාර දුනු විදීම
මහේෂ් ජයකොඩි ඔරු පැදීම 2019 කොරියානු ආසියානු පැරා ඔරු පැදීමේ ශූරතාවලිය රිදී පදක්කම
සුරේෂ් රංජන්  රෝද පුටු ටෙනිස්  F44 2017 මැලේසියා විවෘත පැරා ටෙනිස් තරගාවලිය රන් පදක්කම
2018 තායිලන්ත ජාත්‍යන්තර ටෙනිස් තරගාවලිය 

රන් පදක්කම

2018 ඉන්දුනීසියා ආසියානු පැරා තරගාවලිය ටෙනිස් යුගල රන් පදක්කම

මෙවර තරගාවලිය සඳහා රටවල් 163ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4535ක ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතයි. ඔවුන් ක්‍රීඩා 22කින් ඉසව් 539ක් සඳහා සහභාගී වීමට සූදානමින් පසුවේ.

 තරගාවලිය මින් පෙර 2020 වසරේ අගෝස්තු 5 වැනිදා සිට සැප්තැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය තිබූ නමුත් ගෝලීය වශයෙන් වෙළා ගත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් තරගාවලිය මේ වසර දක්වා කල් දැමුණා.

2020 ටෝකියෝ පරාලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ThePapare.com උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර අද (24) සිට සැප්තැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලේ උණුසුම් සිරි අසිරිය ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<