2020 ගිම්හාන පැරාලිම්පික් උළෙලේ අද (03) දිනයේ පැවති ඉසව් කිහිපයක් සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන කුමුදු ප්‍රියංකා, මධුරංග සුබසිංහ සහ සම්පත් බණ්ඩාර තරග බිමට පිවිසියා.
මෙවර පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ක්‍රීඩිකාව වන කුමුදු සිය දෙවැනි ඉසව්ව ලෙස අද T47 කාණ්ඩයේ කාන්තා දුර පැනීම ඉසව්ව සඳහා සහභාගී වුනා.
පළමු අවස්ථාවේ දී ම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් මීටර් 4.92ක දක්ෂතාවයක් වාර්තා කිරීමට ඇයට හැකි වූ අතර එම දක්ෂතාවය එම ඉසව්වෙන් ඇය දැක්වූ හොඳම පෞද්ගලික දස්කම ලෙස ද සටහන් වුනා.
නමුත් එම ආරම්භය වර්ධනය කරගනිමින් ඉදිරියට ගෙන යාමට ඇයට නොහැකි වූ අතර කුමුදු දෙවැනි අවස්ථාවේ දී මීටර් 4.77ක දස්කමක් සහ තෙවැනි අවස්ථාවේ දී මීටර් 4.73ක දස්කමක් වාර්තා කළා.
සමස්ත තරගය පුරාවට ඇය දැක්වූ හොඳම දක්ෂතාවය මීටර් 4.92ක් වූ අතර එම දස්කම සමඟ ඇයට හිමි වුනේ නවවැනි ස්ථානයයි. මෙම ඉසව්වේ රන් පදක්කම මීටර් 5.76ක දුරක් වාර්තා කළ නවසීලන්ත ක්‍රීඩිකා Anna Grimaldi හට හිමි වූ අතර එය පැරාලිම්පික් නව වාර්තාවක් ලෙස ද සටහන් වුනා.
ඒ අනුව මෙවර පැරාලිම්පික් උළෙලේ කුමුදු සහභාගී වන ඉසව් සියල්ල අවසන් වුනා. ඇය මීට පෙර පසුගිය අඟහරුවාදා (31) දිනයේ දී කාන්තා මීටර් 100 මූලික තරග සඳහා සහභාගී වුනා.

මූලික වටයේ දෙවැනි තරගයට සහභාගී වූ ඔහු තත්පර 51.08ක කාලයකින් එම තරගය අවසන් කිරීමට සමත් වුනේ සිව්වැන්නා ලෙසයි. කෙසේ නමුත් ඉතාමත් සුළු පරතරයකින් (තත්පර 0.14) ඔහුට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගියා.
- පැරාලිම්පික් යන “බුත්තල ලොක්කි” කුමුදු ප්‍රියංකා
- නාවික ඉතිහාසයේ පැරාලිම්පික් යන පළමුවැනියා “සුබසිංහ”
- දෑත් අහිමිව ජාත්‍යන්තරය ජය ගත් ඊජිප්තුවේ Mr. Impossible
- දිනේෂ් ලෝක වාර්තා සමඟ රන් දිනද්දී සමිතගෙන් ලෝකඩ පදක්කමක්
- පැරාලිම්පික් වීරයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ත්‍යාගයක්
මධුරංග සහභාගී වූ මූලික වටයේ පළමු ස්ථානය තත්පර 45.95ක කාලයකින් තරගය අවසන් කළ Thomaz Ruan de Moraes හට හිමි වූ අතර තත්පර 50.10ක කාලයකින් තරගය නිමා කළ ඇමරිකානු ක්‍රීඩක Tanner Wright දෙවැනි තැන දිනා ගත්තා.

වට හයකින් සමන්විත වූ මෙම තරගයේ පළමු වටයේ ජය Chikara Vivekට හිමි වූ අතර නැවත තරගයට පිවිසෙමින් දෙවැනි වටය ජය ගෙන ප්‍රසාද ලකුණු 2ක් හිමි කරගැනීමට සම්පත්ට හැකි වුනා.
නමුත් තෙවැනි, සිව්වැනි සහ පස්වැනි වට සියල්ල නොකඩවා ජය ගැනීමට Chikara Vivekට හැකි වීම නිසා හයවැනි වටයක් පැවැත්වීමකින් තොරව තරගයේ ජය Chikara Vivekට හිමි වුනා. තරගයේ ප්‍රසාද ලකුණු සටහන දැක්වුනේ 6-2ක් ලෙසයි.

2020 පැරාලිම්පික් උළෙලේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> 16 වැනි ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<






















