තරග පාවාදුන්නා යැයි නුවන් සොයිසාට චෝදනා

500
Nuwan Zoysa

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති 3ක් කඩ කර ඇති බව අනාවරණය වී ඇති නිසාවෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (31) තීරණය කර ඇත.

තරග පාවාදීමකින් හොංකොං ක්‍රිකට් උණුසුම් වේ

හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් වන ඉර්ෆාන් අහමඩ්, නදීම් අහමඩ් හා හසීබ් අම්ජාඩ්..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් අනාවරණය කරන පරිදි පහත සඳහන් කර ඇති නීති 3 ඔහු විසින් උල්ලංඝනය කර ඇති අතර ඒ නිසාවෙන් සොයිසා මහතාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙසේ චෝදනා ගොනු කර ඇති බව සඳහන්.

  • 2012 පනතේ 2.1.1 වගන්තිය – තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම
  • 2012 පනතේ 2.14 වගන්තිය – 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙලඹවීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම
  • 2014 පනතේ 2.4.4 වගන්තිය – නොමනා ලෙස හැසිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

Sanath Jayasuriya charged under ICC Anti-Corruption Code

Sanath Jayasuriya, charged with two counts of breaching the ICC Anti-Corruption..

1997 සිට 2007 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නුවන් සොයිසා ටෙස්ට් තරග 30කට සහ එක්දින තරග 95කට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර කඩුලු 170ක් දවාගෙන ඇත. 2015 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්‍ය මණ්ඩලයට එකතු වූ සොයිසා මහතා එහි ප්‍රධාන වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති 2ක් කඩ කර ඇති බව අනාවරණය වීම නිසාවෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට එරෙහිව ද චෝදනා ගොනු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය දා තීරණය කළේය.

නුවන් සොයිසා මහතාට අද (31) දින සිට දින 14ක් ඇතුලත ඔහුට එරෙහිව ගොනු වී ඇති චෝදනාවලට එරෙහිව පිළිතුරු ලබා දිය යුතු අතර එසේ නොවුනහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අදාළ ඉදිරි කටයුතු සඳහා පියවර ගනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<