සචින් සහ සනෝජ් බ්ලූම්ෆීල්ඩ් ජයග්‍රහණය කරවයි

455

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් මෙවර තරගාවලියේ මංගල ජයග්‍රහණය ලබා ගැනීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ අද (07) සමත් වූහ. ඔවුන් වෙතින් පරාජයට පත් වූයේ පානදුර ක්‍රීඩා සමාජය ය. මෙම තරගයේ දී සචින් ජයවර්ධන සහ සනෝජ් ධර්ශික පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි.

මෙම තරගාවලියේ අද දවස නිමාවේ දී ඉන්දීය ක්‍රීඩක උදය කෞවුල් (158) සහ ඩිලාන් චන්දිමාල් (126) ශතක ලබා ගත්හ. පන්දු යැවීමේ දී ගයාන් සිරිසෝම සහ මධුශාන් රවිචන්ද්‍රකුමාර දක්ෂතා දැක්වූහ.

Tier B පිටියට විදෙස් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ද එකතු වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියට….

පානදුර සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ පානදුර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 156ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 147ක් පමණි.

ලකුණු 9ක් ඉදිරියෙන් සිටිමින් පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 194ක් ලබා ගත්තේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයන්ට ලකුණු 204ක ඉලක්කයක් ලබා දෙමිනි. සත්කාරක ක්‍රීඩකයෝ එම ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගත්හ.  

ජයග්‍රාහී ඉනිමේ දී සචින් ජයවර්ධන පන්දු 132කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 109ක් ලබා ගත් අතර අනෙක් අන්තයෙන් නොදැවි සිටි සනෝජ් ධර්ශික පන්දු 152කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 67ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු සබඳතාව 175කි.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (47.4) විනෝද් පෙරේරා 43, කසීෆ් නවීඩ් 26, ඉම්රනුල්ලා අස්ලම් 23, ඉම්රාන් ඛාන් 5/39, අරවින්ද ප්‍රේමරත්න 2/26, ශාලුක සිල්වා 2/27

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 147 (34.1) සචින් ජයවර්ධන 39, චතුරංග දික්කුඹුර 46, නවීන් කවිකාර 7/32, මිෂේන් සිල්වා 2/43

පානදුර ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 194 (43.4) විශ්ව චතුරංග 28, මිෂේන් සිල්වා 22, කසීෆ් නවීඩ් 60, ෂෙහාන් වීරසිංහ නොදැවී 45, විශ්ව චතුරංග 24, මිෂේන් සිල්වා 22, අරවින්ද ප්‍රේමරත්න 3/30, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 5/54

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 206 (53.3) සචින් ජයවර්ධන නොදැවී 109, සනෝජ් දර්ශික නොදැවී 67, ෂෙහාන් වීරසිංහ 3/64

තොග වශයෙන් කණ්ඩායම වෙනස් වුනේ කොහොමද? අසන්ත පහදයි

අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා ක්‍රිකට්….


පොලිස් සහ ගාල්ල අතර තරගය

කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 359ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩක උදය කෞවුල් ලකුණු 158ක් ලබා ගත්තේ ය.

Photos: Police Sports Club vs Galle Cricket Club – Major League Tier B Tournament 2018/19

පොලිස් ඉනිමට එරෙහි ව පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටිය හ.  

මෙම තරගය හෙට (8) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

පොලිස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 359 (139.5) උදය කෞවුල් 158, පවන් ඩයස් 64, සචිත් මධුශංක 56, මංජුල ජයවර්ධන 25, දිනුක හෙට්ටිආරච්චි නොදැවී 22, රජීව වීරසිංහ 3/38, ගයාන් සිරිසෝම 5/101

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 34 (16)


ගුවන් හමුදාව සහ ලංකන් අතර තරගය

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දවස අවසානයේ තම පිළිතුරු පළමු ඉනිමට ක්‍රීඩා කරන ලංකන් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 220ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් සංජුල අබේවික්‍රම සහ ගීත් කුමාර අර්ධ ශතක ලබා ගත්හ.

කාසියේ වාසිය දිනූ ලංකන් ක්‍රිකට් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 315ක් ලබා සිටිය හ.

මෙම තරගය හෙට (8) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 315 (93.5) කෞෂල්‍ය ගජසිංහ 75, චානුක විජේසිංහ 57, රවිඳු ගුණවර්ධන 36, රවිඳු සංජන 31, දිලිප් තාරක 38, උමේධ චතුරංග නොදැවී 26, දුලංජන මෙන්ඩිස් 4/78, චානක රුවන්සිරි 2/79, ශිෆ්රාන් මුතාලිෆ් 2/36

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 220 (80) සංජුල අබේවික්‍රම 82, ගීත් කුමාර නොදැවී 55, රවිඳු සංජන 2/58

ඊඩන් උයන ගිණිගත්දා ඉන්දියාව හැඬවූ අපේ විරුවා

මීට දශක දෙකකට දෙහමාරකට පෙර මාර්තුවේ යම් කිසි දිනෙක ශ්‍රී ලංකාව…..


නාවික හමුදාව සහ කළුතර ටවුන් සමාජය අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු ලබා ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් ගුවන් හමුදා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කළුතර ටවුන් සමාජයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 209ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නාවික හමුදා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී 357ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් ඩිලාන් චන්දිම ශතකයක් ලබා ගත්තේ ය.

කළුතර ටවුන් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 209 (75.2) සචිත ජයතිලක 57, පසිඳු මධුශාන් 40, මාදව නිමේෂ් 35, සුරේෂ් නිරෝෂාන් 20, තෆීක් ඉමල්ෂ 4/81, හෂිම් විල්මන් 2/34, කවික ඩිල්ෂාන් 2/34

නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 357 (107.1) වරුණ මයන්ත 45, රෙවන් කෙලී 21, ඩිලාන් චන්දිමාල් 126, සුපුන් ලීලාරත්න 48, තරුෂ ඉද්දමල්ගොඩ 39, ෂෙවොන් ෆොන්සේකා නොදැවී 30, දුශාන් හේමන්ත 22, ලක්ෂාන් ජයසිංහ 4/91, පසිඳු මධුශාන් 2/86

කළුතර ටවුන් සමාජය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 21 (4)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<