‘බෝධී’ ප්‍රමුඛ හැව්ලොක් ඉදිරිපෙළ හමුවේ CR දණ ගසයි

595

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තයේ තවත් තරගයක් අද (8) ලොන්ඩන් පෙදෙස CR&FC ක්‍රීඩාංගණයේ දී සත්කාරක CR&FC කණ්ඩායම හා අපරාජිත හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර පැවති අතර තියුණු සටනකට පසු ලකුණු 22-31ක් ලෙස ජය වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

උමේෂ් ප්‍රමුඛ හැව්ලොක් ක්‍රීඩකයෝ පොලිස් බලාපොරොත්තු සුනුවිසුනු කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සති අන්තය ආරම්භ කරමින් අද (30) කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය පොලිස් රග්බි…

පසුගිය සති අන්තයේ දී අපරාජිතව සිටි CR&FC කණ්ඩායම මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ පරාජය වූ අතර හැව්ලොක් ක්‍රීඩා සමාජය පොලිස් ක්‍රීඩා සමාජය සමඟින් ජය වාර්තා කරන ලදි.

තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභියා වන CR&FC කණ්ඩායමේ තරින්ද රත්වත්තගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තු කිහිපයේ කණ්ඩායම් දෙකම හොඳින් තරගයට පිවිසීමට සමත් විය.

තරගයේ පළමු වෙඩි මුරය තැබීමට 9 වන මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩකයින් සමත් වූයේ දිනුක් අමරසිංහගේ අනර්ඝ පන්දු යොමු කිරීමක් නිසයි. ක්‍රීඩකයින් දෙදෙනෙක් මර්දනය කළ දිනුක් පන්දුව චාමර දාබරේ වෙත ලබා දුන් අතර චාමර දක්ෂ ලෙස උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. රීසා මුබාරක් අමතර ලකුණු රැස් කරන ලදි. (හැව්ලොක් 07-00 CR)

ආරම්භයේ දී හොඳින් තරගයට අවතීර්ණ වුවත් ඉන් පසුව CR&FC කණ්ඩායම අතපසුවීම් රාශියක් සිදු කළ අතර විශේෂයෙන්ම Scrum අවස්ථාවල දී හා Line Out අවස්ථාවල දී හැව්ලොක් ඉදිරිපෙළ CR ඉදිරිපෙළ සම්පූර්ණයෙන් මර්දනය කරන්නට සමත් විය.

16 වන මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩකයින් සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් වුවත් එම උත්සාහය අපතේ ගියේ CR ක්‍රීඩකයින්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුව Knock On වීම නිසයි.

කෙසේ වෙතත් සිදු වූ අත්වැරදීම ක්ෂණිකව නිවැරදි කර ගත් හැව්ලොක් ක්‍රීඩකයින් Scrum අවස්ථාවක සිට පන්දුව ඉදිරියට ගෙන යමින් සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ අත්දැකීම් බහුල දුෂ්මන්ත ප්‍රියදර්ශනගේ සුරතිනි. රීසා එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් විය. (හැව්ලොක් 14-00 CR)

ප්‍රවීණ ක්‍රීඩක දුෂ්මන්ත ප්‍රියදර්ශන හෙවත් බෝධී ThePapare.com තරගයේ වීරයා ලෙස අභිෂේක ලැබුවේ දක්ෂ උත්සාහක දිනුම් දෙකක් ද වාර්තා කරමින්

පළමු මිනිත්තු තිහ පුරාම CR ක්‍රීඩකයින් සිය අර්ධයේ සිරකර තබන්නට හැව්ලොක් ක්‍රීඩකයින් සමත් විය. කෙසේ වෙතත් හැව්ලොක් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම නොමග යවමින් කෙවින් ඩික්සන් දක්ෂ වේගවත් ධාවනයක නිරත වූ අතර උත්සාහක දිනුම් රේඛාව පේන මානයේ දී විමුක්ති රාහුල ඔහුට අනවශ්‍ය බාධා කිරීමක් කර කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් විය.

හැව්ලොක් ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතක් හිමි වීමේ වාසිය තමන් දෙසට හරවා ගත CR ක්‍රීඩක ඔමල්ක ගුණරත්න සිතුම් පිරිස් ඉවතට තල්ලු කරමින් පන්දුව රාහුල් ද සිල්වා හට භාර දුන් අතර වේගවත් Scrum half ක්‍රීඩක රාහුල් ක්ෂණිකව ලකුණු රැස් කරන්නට සමත් විය. තරින්ද අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (හැව්ලොක් 14-05 CR)

රිචී හා රදීශ නාවිකයින්ට ජය ගෙන එයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තය ආරම්භ කරමින් අද (7) යුධ හමුදා ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ…

CR ක්‍රීඩකයින් කළ අතපසු වීමකින් ප්‍රයෝජන ගනිමින් හැව්ලොක් ඉදිරිපෙළ ක්‍රීඩක ලිස්ටන් ෆ්ලැට්නි සියල්ලෝ මවිත කරමින් මීටර 30ක පමණ විශිෂ්ට ධාවනයක යෙදුණේ පළමු අර්ධයේ අවසානයට පෙර හැව්ලොක් වෙනුවෙන් නැවත වතාවක් ලකුණු රැස් කරමිනි. CR ක්‍රීඩකයින්ට ඔහුව නැවත් වීමට කිසිදු අවස්ථාවක් නොලැබුණු අතර රීසා නැවත වතාවක් දක්ෂ ලෙස පන්දුව ගෝල කණු අතරින් යවන්නට සමත් විය.

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 21 (3T, 3C) – 05 (1T) CR & FC කණ්ඩායම

පළමු අර්ධයට සුපිරි ආරම්භයක් ලබා දීමට රාහුල් ද සිල්වා හා තරින්ද රත්වත්ත සමත් වූයේ දෙවන අර්ධයේ පළමු මිනිත්තුවේ දී ම ලකුණු රැස් කරමිනි. රාහුල් ගුවනට මුසු කළ පන්දුව හඹා ගිය තරින්ද පහසුවෙන් ධවල රේඛාව ඉක්මවා ගිය අතර එහි ප්‍රවර්තනය ද ඔහුම සාර්ථක කර ගන්නා ලදි. (හැව්ලොක් 21-12 CR)

ආරම්භය කෙසේ වෙතත් ඔවුන් නැවතත් සුපුරුදු අතපසු වීම් දිගින් දිගටම සිදු කළ අතර වරක් දෙවරක් නොව කිහිපවරක්ම ඔවුන් ඉතා වැදගත් අවස්ථාවල පන්දුව අතහැරියේ ආසන්න අවස්ථා අපතේ යවමිනි. ෂෙනාල් ඩයස් 48 වන මිනිත්තුවේ දී කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වූ අතර එහි වාසිය මැනවින් උකහා ගත හැව්ලොක් ක්‍රීඩකයින් සිය සිව්වැනි උත්සාහක දිනුමත් වාර්තා කරන්නට සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

Line Out අවස්ථාවක් සාර්ථක කර ගත් ඔවුන් Rolling Maul අවස්ථාවකින් ඉදිරියට ඇදුණු අතර දුෂ්මන්ත ප්‍රියදර්ශන සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළේ සිය අත්දැකීම් මනාව පෙන්නුම් කරමිනි. රීසා හට අමතර ලකුණු එකතු කිරීමට නොහැකි විය. (හැව්ලොක් 26-12 CR)

52 වන මිනිත්තුවේ දී CR කණ්ඩායමට ඉතා ආසන්න අවස්ථාවක් ගිලිහී ගියේ ඩික්සන්ගේ පන්දු යොමු කිරීමක් කවිඳු පෙරේරා හට රැක ගැනීමට නොහැකි වීමත් සමඟයි. කෙසේ වෙතත් 55 වන මිනිත්තුවේ දී දඬුවම් පහරකින් ලකුණු රැස් කරන්නට තරින්ද සමත් වූ අතර 61 වන මිනිත්තුවේ දී ඔහුගේ උත්සාහය ගෝල කණු අතරින් ගියේ නැත. (හැව්ලොක් 26-15 CR)

දිගින් දිගටම උත්සහ කළ CR කණ්ඩායම වෙනුවෙන් 69 වන මිනිත්තුවේ ගයාන් දිල්ශාන් උත්සාහක දිනුමක් වාර්තා කළේ හැව්ලොක් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ඔහු සමඟින්ම ධවල රේඛාවෙන් එපිටට රැගෙන යමිනි. තරින්ද අමතර ලකුණු ද එකතු කළේ CR බලාපොරොත්තු තවදුරටත් තරගයේ රඳවා ගනිමිනි. (හැව්ලොක් 26-22 CR)

නිත්තවෙල අභිමානය සුරැකේ; අපරාජිත වාර්තා බිඳ වැටේ

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සති අන්තයේ තියුණුම තරගය අද (2) මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේ දී සත්කාරක මහනුවර ක්‍රීඩා සමාජය…

ලකුණු පරතරය ඉතා ආසන්න වූ නිසා කණ්ඩායම් දෙකම දැඩි පීඩනයකට ලක් වූ නමුත් හැව්ලොක් ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් මගින් තරගයේ ජය තහවුරු කර ගත්තේ 71 වන මිනිත්තුවේ දීයි. Scrum half ක්‍රීඩක විමුක්ති රාහුල සිය ඉදිරිපෙළින් පන්දුව ලබා ගෙන අනර්ඝ ලෙස පන්දුව ගුවනට මුසු කළ අතර පන්දුව හඹා ගිය චාමර දාබරේ, පන්දුව ගිය දිශාව සිතා ගත නොහැකිව අතරමන් වූ කවිඳු පෙරේරාට පෙර පන්දුව රැකගෙන සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. රීසා හට අමතර ලකුණු එකතු කිරීමට හැකි වූයේ නැත.

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 31 (5T, 3C)-22 (3T, 1P, 2C) CR & FC කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා – දුෂ්මන්ත ප්‍රියදර්ශන (හැව්ලොක්)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • හැව්ලොක් – දුෂ්මන්ත ප්‍රියදර්ශන (2T), චාමර දාබරේ (2T), ලිස්ටන් ෆ්ලැට්නි (1T), රිසා මුබාරක් (3C)
  • CR & FC – ගයාන් දිල්ශාන් (1T), තරින්ද රත්වත්ත (1T, 1P, 2C), රාහුල් ද සිල්වා (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<