නිල් මහා සංග්‍රාමය නැවතත් කල් යයි

142වන රාජකීය - සාන්ත තෝමස් නිල් මහා සටන

191

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රසිද්ධ නිල් මහ සංග්‍රාමයේ 142 වැනි අදියර, නැවත වතාවක් දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

අවස්ථාවන් කිහිපයකදී කල් දැමීමට සිදුවුණු මෙවර සංග්‍රාමය 2021 සැප්තැම්බර් 9 වැනිදා සිට 11 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, රටේ පවතින වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන් මේ තීරණය රැගෙන තිබෙනවා.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් යම් යම් සීමාවලට යටත්ව ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව මෙවර නිල් මහ සටන පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර තිබුනා.

තවත් පුවත් කියවන්න: 

මෙවර සංග්‍රාමයේ දී, තුන් ඉරියව් ක්‍රීඩක ශලින් ද මෙල් විසින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට නායකත්වය ලබා දෙන විට, සුපිරි පිතිකරු අහන් වික්‍රමසිංහ රාජකීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නට නියමිතව තිබුණා.

රාජකීය-සාන්ත තෝමස් නිල් මහා සංග්‍රාමයට වසර 141ක් පුරා විහිදුණු වර්ණවත් ඉතිහාසයක් හිමි වෙනවා. ලොව දීර්ඝතම කාලයක් අඛණ්ඩව පැවති ක්‍රිකට් තරගාවලි අතර මෙය දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හී සාන්ත පීතර විදුහල හා ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විදුහල අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයට පමණයි. එය ඇරඹී ඇත්තේ රාජකීය-සාන්ත තෝමස් තරගය ආරම්භ වීමට වසරකට පෙරයි. 

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹෙන්නේ රාජකීය-සාන්ත තෝමස් වාර්ෂික මහා තරග ඇරඹුමෙන් දෙවසරකට පසුවයි.

142 වැනි නිල් මහ සටන නැවත පැවැත්වෙන දිනයක් පිළිබඳව තරග සංවිධාකයකයින් ඉදිරියේ දී දැනුම් දීමට බලාපොරොත්තු වන අතර එහි නවතම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<