Home Sinhala තියුණු සටනකට පසු කොදෙව්වන් තරගාවලියේ පළමු ජයග්‍රහණයට

තියුණු සටනකට පසු කොදෙව්වන් තරගාවලියේ පළමු ජයග්‍රහණයට

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

269
Image Courtesy: AFP

2021 ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයේ තරගයක් අද (29) Sharjah ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතරයි.

තරගාවලියේ තව දුරටත් රැඳී සිටීම සඳහා දෙපිලටම තීරණාත්මක වූ මෙම තරගයෙන් බංග්ලාදේශය පරදවා ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට කොදෙව්වන්ට හැකි වුනා.

මෙවර තරගාවලියේ ඉතා වැදගත් සාධකයක් වූ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායක Mahmudullah පළමුවෙන් පන්දුවට පහර දීමට කොදෙව්වන්ට ආරාධනා කළා.

  • බංග්ලාදේශය: Soumya Sarkar, Mohammad Naim, Liton Das (wk), Shakib Al Hasan, Mushfiqur Rahim, Mahmudullah (c), Afif Hossain, Mahedi Hasan, Shoriful Islam, Mustafizur Rahman, Taskin Ahmed
  • බටහිර ඉන්දීය කොදෙව්: Chris Gayle, Evin Lewis, Roston Chase, Nicholas Pooran (wk), Shimron Hetmyer, Kieron Pollard (c), Andre Russell, Jason Holder, Dwayne Bravo, Akeal Hosein, Ravi Rampaul

කාසියේ වාසියෙන් ලද වාසියෙන් උපරිම ඵල නෙලා ගත් බංග්ලාදේශ පන්දු යවන්නන් කොදෙව් ලකුණු පුවරුව 32ක් වන විට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනේ Chris Gayle, Evin Lewis සහ Shimron Hetmyer නරඹන්නන් බවට පත්කරමිනුයි.

බටහිර ඉන්දීය කොදෙව් නායක Kieron Pollard ආබාධයක් නිසාවෙන් ලකුණු 8ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වීමෙන් පසු ප්‍රහාරාත්මක පිතිකරු Andre Russell ද ලකුණු නොලබාම දුවද්දී දැවී යාමකට හසු වුනේ ලකුණු පුවරුව 62/4ක් බවට පත්කරමිනුයි.

වැටී තිබූ කොදෙව් ඉනිමට තරමක ජීවයක් එක් කරමින් පස්වැනි කඩුල්ලට ලකුණු 57ක වටිනා සම්බන්ධතාවක් ගොඩනැගීමට Roston Chaseට සහ Nicholas Pooranට හැකි වුනා.

Chase පන්දු 46ක දී ලකුණු 39ක් සහ Pooran පන්දු 22ක දී ලකුණු 40ක් රැස්කිරීමට සමත් වූ අතර අවසාන පන්දුවාර කිහිපයේ පිටියට පිවිසෙමින් Jason Holder පන්දු 5ක දී ලබා ගත් ලකුණු 15 නිසාවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කොදෙව් ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 142ක් ලෙස සටහන් වුනා.

පන්දු යැවීමේ දී Mahedi Hasan, Shoriful Islam සහ Mustafizur Rahman අතරේ කඩුලු තුන බැගින් බෙදී ගියා.

ලකුණු 143ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වූ Shakib Al Hasan ලකුණු 09කට සහ Mohammad Naim ලකුණු 17කට දවා ගැනීමට Andre Russell සහ Jason Holder සමත් වුනා.

Liton Das සමඟ එක්ව තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 31ක සම්බන්ධතාවක් සහ හතරවැනි කඩුල්ල සඳහා ලකුණු 30ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව Soumya Sarkar ලකුණු 17කට සහ Mushfiqur Rahim ලකුණු 8කට පිටියෙන් ඉවත් වුනේ බංග්ලාදේශ ලකුණු පුවරුව 90/4ක් බවට පත්කරමිනුයි.

පස්වැනි කඩුල්ල සඳහා Mahmudullah සමඟින් එක්ව ලකුණු 40ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 43ක් ලබා සිටි Liton Das දැවී යන විට බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේ දී ලකුණු 13ක් ලබා ගැනීමට ඉතිරිව තිබුණා.

තීරණාත්මක පන්දුවාරයක් දියත් කිරීමේ වගකීම ගත් Andre Russell එම පන්දුවාරය ලකුණු 09කට සීමා කරමින් සිය කණ්ඩායමට තරගාවලියේ පළමු ජයග්‍රහණය දිනා දීමට සමත් වුනේ ලෝක කුසලාන බලාපොරොත්තු තවදුරටත් රඳවා ගනිමිනුයි.

ලකුණු සාරාංශය,

  • බටහිර ඉන්දීය කොදෙව්: 142/7 (20) – Nicholas Pooran 40, Roston Chase 39, Mahedi Hasan 2/27 Shoriful Islam 2/20.
  • බංග්ලාදේශය: 139/5 (20) – Liton Das 44, Mahmudullah 31*, Jason Holder 1/22

විස්සයි විස්ස ලෝක කුසලානයේ උණුසුම එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


West Indies
142/7 (20)

Bangladesh
139/5 (20)

Batsmen R B 4s 6s SR
Chris Gayle b Mahedi Hasan 4 10 0 0 40.00
Evin Lewis c Mushfiqur Rahim b Mustafizur Rahman 6 9 1 0 66.67
Roston Chase b Shoriful Islam 39 46 2 0 84.78
Shimron Hetmyer c Soumya Sarkar b Mahedi Hasan 9 7 1 0 128.57
Kieron Pollard not out 14 18 0 1 77.78
Andre Russell run out () 0 0 0 0 0.00
Nicholas Pooran c Mohammad Naim Sheikh b Taijul Islam 40 22 1 4 181.82
Dwayne Bravo c Soumya Sarkar b Mustafizur Rahman 1 3 0 0 33.33
Jason Holder not out 15 5 0 2 300.00


Extras 14 (b 1 , lb 6 , nb 0, w 7, pen 0)
Total 142/7 (20 Overs, RR: 7.1)
Fall of Wickets 1-12 (2.6) Evin Lewis, 2-18 (4.2) Chris Gayle, 3-32 (6.4) Shimron Hetmyer, 4-62 (12.4) Andre Russell, 5-119 (18.1) Nicholas Pooran, 6-119 (18.2) Roston Chase, 7-123 (19.1) Dwayne Bravo,

Bowling O M R W Econ
Mahedi Hasan 4 0 27 2 6.75
Taskin Ahamed 4 0 17 0 4.25
Mustafizur Rahman 4 0 43 2 10.75
Shoriful Islam 4 0 20 2 5.00
Shakib Al Hasan 4 0 28 0 7.00


Batsmen R B 4s 6s SR
Mohammad Naim b Jason Holder 17 19 2 0 89.47
Shakib Al Hasan c Jason Holder b Andre Russell 9 12 1 0 75.00
Liton Das c Jason Holder b Dwayne Bravo 44 43 4 0 102.33
Soumya Sarkar c Chris Gayle b Akeal Hosein 17 13 2 0 130.77
Mushfiqur Rahim b Ravi Rampaul 8 7 1 0 114.29
Mahmudullah not out 31 24 2 1 129.17
Afif Hossain not out 2 2 0 0 100.00


Extras 11 (b 2 , lb 1 , nb 0, w 8, pen 0)
Total 139/5 (20 Overs, RR: 6.95)
Fall of Wickets 1-21 (4.3) Shakib Al Hasan, 2-29 (5.4) Mohammad Naim,

Bowling O M R W Econ
Ravi Rampaul 4 0 25 1 6.25
Jason Holder 4 0 22 1 5.50
Andre Russell 4 0 29 1 7.25
Akeal Hosein 4 0 24 1 6.00
Dwayne Bravo 4 0 36 1 9.00