ඇෆ්ගනිස්තාන 19න් පහළ කණ්ඩායමට වීසා ගැටලුවක්

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

1315
AFG

ජනවාරි 14 වැනිදා සිට පෙබරවාරි 5 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ වීසා ප්‍රමාද වීම නිසා ඔවුන්ට තවමත් කොදෙව් දූපත් වෙත ළඟා වීමට නොහැකි වී තිබෙනවා.

එම හේතුව නිසා එංගලන්ත සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරග දෙක අවලංගු කිරීමට තරග සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් ජනවාරි 11 වැනිදා එංගලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පුහුණු තරගයක් පැවැත්වීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා

මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ,

  • A – බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය
  • B – ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, උගන්ඩාව
  • C – ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියා, සිම්බාබ්වේ
  • D – ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන,

  • උගන්ඩාව – ජනවාරි 10 – Guyana හිදී (පුහුණු තරගය)
  • අයර්ලන්තය – ජනවාරි 12 – Guyana හිදී (පුහුණු තරගය)
  • ස්කොට්ලන්තය – ජනවාරි 14 – Guyana හිදී
  • ඕස්ට්‍රේලියාව – ජනවාරි 17 – Saint Kitts and Nevis හිදී
  • බටහිර ඉන්දීය කොදෙව් – ජනවාරි 21 – Saint Kitts and Nevis හිදී

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<