පාකිස්තාන ක්‍රීඩකයෝ Zoom වලින් ක්‍රිකට් ගහයි

69
Pakistan players push back boundaries with Zoom cricke

කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා ගෙදරටම කොටු වූ පාකිස්තාන ක්‍රීඩකයින් Zoom ඔස්සේ නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කරන රසවත් පුවතක් වාර්තා වෙනවා.

30 හැවිරිදි පාකිස්තාන ටෙස්ට් පිතිකරු ෂාන් මසූඩ් ඔහුගේ කණ්ඩායමේ සගයින් සමඟ වීඩියෝ සංවාදයක නිරත වන අතරතුර ඔහු සිය පිත්ත හා ක්‍රීඩා උපකරණ පැලඳ ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු රඟ දක්වා තිබෙනවා.

DRS වලින් හොඳම විනිසුරු කවුද? කුමාර් ධර්මසේන ඒ අතරින් ඉදිරියෙන් ද?

මීට වසර කීපයකට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුවරයාගේ තීරණය අභියෝගයට ලක් කළ..

“අපි කිහිප දෙනෙක් Zoom වලින් මහා රාත්‍රියේ කතා කර කර ඉද්දී කෙනෙක් පන්දුව අතට ගත්තා.” මසූඩ් AFP වෙත පවසා තිබුණා. “ඔහුගේ අතේ පන්දුව තිබුණා, අපි ඔක්කොමලා ඉක්මනට ඇඳුම් ඇඳගෙන උපකරණ පැලඳගෙන, සිතින් මවා ගත් ක්‍රිකට් තරගයට එක් වුනා.”

“ඒක හරිම රසවත් මොහොතක්, මම හෙල්මට් එක දාගෙන, හසන් අලී වේගපන්දු යවනවා, ඉමාම් උල් හක් පන්දු රකිනවා සහ වහබ් රියාස් තමයි කණ්ඩයමේ නායකයා.”

ක්‍රීඩකයින් හා ප්‍රේක්ෂකයින් යන දෙගොල්ලන්ගේම බලාපොරොත්තු කඩ කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට කොරෝනා වසංගතය නිසා දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

අතට අත දීම් සහ High Five වෙනුවට ‘නමස්තේ’ කියන්න

මේ වන විට පවතින නව කොරෝනා වසංගත තත්වය පහව ගොස් නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූ..

මසූඩ් පවසා සිටියේ පාකිස්තාන කණ්ඩායම සිය නිවෙස්වල සිට පුහුණු වන බවයි. ඇතැම් විට පඩිපෙළවල් හා පුටුත් ඔවුන් ක්‍රීඩාගාර උපකරණ ලෙස භාවිතා කරන බව ඔහු පවසා සිටියා.

“හැමෝම පුහුණු වෙනවා, හැමෝම හොඳින් ඉන්නවා සහ මේ මාසයේ රාමදාන් නිසා ඇත්තටම අපිට පුහුණු වෙන්නත් ටිකක් අමාරුයි.” මසූඩ් පවසා සිටියා. “අපි බලාපොරොත්තුවක් තියා ගමු, අපි මේ මහන්සි වෙලා කරන කැපවීම ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතාවයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙයි කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<