දකුණු අප්‍රිකානු සුපිරි දඟපන්දු යවන්නෙකු එක්දින පිටියට සමුදෙන්නට සැරසේ

126

ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කරන බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිට දඟපන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් නිවේදනය කොට තිබේ.

39 හැවිරිදි ඉම්රාන් තාහීර් සිය සමුගැනීම නිවේදනය කරමින් පවසා ඇත්තේ තවත් දඟපන්දු යවන්නෙකුට අවස්ථාව ලබා දීම සඳහා තමන් මෙම තීරණය ගත් බවයි.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නැවත වරක් ක්‍රිකට් ඇතුළත් කරයි

එළඹෙන 2022 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා යලිත් ….

එක්දින තරගවලින් සමුගත්ත ද අවම වශයෙන් 2020 දී පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තෙක් පන්දුවාර විස්සයි විස්ස තරග සඳහා ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තු වන බව වැඩිදුරටත් තාහීර් පවසා තිබේ.

එළඹෙන ජූලි මස 31 වැනිදායින් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය හා තාහීර් අතර කොන්ත්‍රාත් කාලය අවසන් වුවත් නිදහස් ක්‍රීඩකයකු ලෙස ඉදිරි තරගාවලිය සඳහා සහභාගී වන බව තාහීර් නිවේදනය කොට තිබේ.

වැඩිදුරටත් තාහීර් සිය සමුගැනීම පිළිබඳව අදහස් දක්වා ඇත්තේ තමාට සෑම අවස්ථාවක දී ම ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි.

එය විශිෂ්ට කණ්ඩායමක් වෙනුවෙන් තමන්ට ලැබෙන විශිෂ්ට අවස්ථාවක් බවත්, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟින් ඔහු දැඩි අන්‍යෝන්‍ය අවබෝධයකින් පසුවන බවත්, ඒ අනුව ඉදිරියට යමින් ලෝක කුසලානයෙන් පසුව සමුගැනීමට තීරණය කළ බවත් තහීර් පවසා තිබේ.

ආබාධයක් නිසා ඩි විලියර්ස්ට PSL මඟ හැරේ

හිටපු සුපිරි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒබි ඩි විලියර්ස්ට මෙවර පාකිස්තාන සුපර් ලීග් ….

සිය සමුගැනීමෙන් පසු ලොව පුරා පැවැත්වෙන විවිධාකාරයේ තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයෙන් අවසර හිමිවූවත් දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුවාර විස්සයි විස්ස තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට තමන් කැමැත්තක් දක්වන බවත් තාහීර්ගේ සමුගැනීමේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින තරග 95කට ක්‍රීඩා කර ඇති තාහීර් එහි දී දවාගෙන ඇති කඩුලු ගණන 156ක්. තහීර් තරගයක දී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යය 24.56ක් ලෙස සටහන්ව තිබේ. එමෙන්ම ටෙස්ට් තරග 20ක දී තාහීර් දවාගෙන ඇති කඩුලු ගණන 57ක්.

තාහීර් පන්දුවාර විස්සයි විස්ස තරග 37ක දී කඩුලු 62ක් දවා ගැනීමට සමත් වී තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<