බිමන්දි සහ බේබි චනුකි ද්විත්ව ශූරතා දිනයි

Open Ranking Table Tennis Championship

77

සබරගමුව පළාත් මේස පන්දු සංගමය සංවිධානය කරන ලද සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත මේසපන්දු තරගාවලියේ ශූරයා ලෙස කිරුළ දැරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරන චමිර ගිනිගේ ද ශූරිය ලෙස කිරුළ දැරීමට මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දී බණ්ඩාර ද සමත් වූවා.

මේ වන විටත් ඔවුන් දෙදෙනා මේස පන්දු ශ්‍රේණිගත කිරීම් හී පළමු ස්ථානවලට පත් ව සිටිනවා.

මෙම තරග පසුගියදා බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති අතර එහි දී විවෘත කාන්තා ඒකල ඉසව්වේ ශූරිය වූ බිමන්දි බණ්ඩාර වයස අවුරුදු 19න් පහළ බාලිකා ඉසව්වේ ද ශූරිය වෙමින් ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත් වූවා.

එමෙන් ම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කේ. එස්. ටී. චනුකි අක්ෂනා වයස අවුරුදු 11න් පහළ සහ වයස අවුරුදු 13න් පහළ ඉසව් ද්විත්වයේ ම ශූරිය ලෙසින් අභිශේක ලබමින් කැපී පෙණුනා. ඇය මේ වන විටත් වයස අවුරුදු 11න් පහළ සහ 13න් පහළ ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම් හී පළමු අසුන හිමිකර ගෙන සිටින ක්‍රීඩිකාවයි.

තරග ප්‍රතිඵල

විවෘත කාන්තා ඒකල

මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර විසින් 3-0ක් ලෙසින් GSM මේස පන්දු ඇකඩමියේ මනීශා ශාලින්දි පරාජය කරන ලදි.

  • ලකුණු පුවරුව – 13/11, 11/3, 11/8

විවෘත පිරිමි ඒකල

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චමීර ගිනිගේ විසින් 3-0ක් ලෙසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉමන්ත උදංජය පරාජය කරන ලදි.

  • ලකුණු පුවරුව – 11/6, 11/7, 11/6

වයස අවුරුදු 11න් පහළ බාලිකා ඒකල

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කේ. එස්. ටී. චනුකි අක්ෂනා විසින් 3-0ක් ලෙසින් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ යෙහන්සා මිරිහාන පරාජය කරන ලදි.

  • ලකුණු පුවරුව – 11/2, 11/5, 11/3

වයස අවුරුදු 11න් පහළ බාලක ඒකල

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දෙරන්‍ය කේසර විසින් 3-2ක් ලෙසින් කොළඹ නාලන්දා විද්‍යාලයේ කෙනුර සිල්වා පරාජය කරන ලදි.

  • ලකුණු පුවරුව – 9/11, 11/5, 7/11, 11/3, 11/3

වයස අවුරුදු 13න් පහළ බාලිකා ඒකල

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කේ. එස්. ටී. චනුකි අක්ෂනා විසින් 3-0ක් ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ නිසදි නිමිතරා පරාජය කරන ලදි.

  • ලකුණු පුවරුව – 11/8, 11/4, 11/9

වයස අවුරුදු 13න් පහළ බාලක ඒකල

කොළඹ ආනන්ද විද්‍යාලයේ යෙනුල් අබේවික්‍රම විසින් 4-1ක් ලෙසින් කොළඹ නාලන්දා විද්‍යාලයේ කෙනුර සිල්වා පරාජය කරන ලදි.

  • ලකුණු පුවරුව – 3/11, 11/7, 11/4, 11/4

වයස අවුරුදු 15න් පහළ බාලිකා ඒකල

මහනුවර මහාමාය විද්‍යාලයෙ යෝෂිනී ජයවර්ධන විසින් 3-1ක් ලෙසින් ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ මුතුලි ශාන්‍යා පරාජය කරන ලදි.

  • ලකුණු පුවරුව – 11/4, 10/12, 11/7, 12/10

වයස අවුරුදු 15න් පහළ බාලක ඒකල

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අකේන් බෝජිත් විසින් 3-2ක් ලෙසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ම නවිරු නෙත්සිත පරාජය කරන ලදි.

  • ලකුණු පුවරුව – 6/11, 11/7, 11/5, 10/12, 11/9

වයස අවුරුදු 17න් පහළ බාලිකා ඒකල

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ටමාදි කවින්ද්‍යා විසින් 3-1ක් ලෙසින් ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශමල්ෂා දෙවිමි පරාජය කරන ලදි.

  • ලකුණු පුවරුව – 7/11, 11/6, 20/18, 11/9

වයස අවුරුදු 17න් පහළ බාලක ඒකල

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ශෆ්රුල්ලා අක්‍රම් විසින් 3-0ක් ලෙසින් කොළඹ රාජකීය විද්‍යාලයේ ජනිත් බටුගෙදර පරාජය කරන ලදි.

  • ලකුණු පුවරුව – 11/6, 12/10, 11/5

වයස අවුරුදු 19න් පහළ  බාලිකා ඒකල

මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර විසින් 3-2ක් ලෙසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යා ධරණි පරාජය කරන ලදි.

  • ලකුණු පුවරුව – 9/11, 13/11, 11/6, 7/11, 11/9

වයස අවුරුදු 19න් පහළ බාලක ඒකල

කොළඹ ආනන්ද විද්‍යාලයේ රෙහාන් සේනානායක විසින් 3-2ක් ලෙසින් කොළඹ රාජකීය විද්‍යාලයේ ජනිත් බටුගෙදර පරාජය කරන ලදි.

  • ලකුණු පුවරුව – 13/11, 11/8, 7/11, 8/11, 11/9

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<