සහය දිවීමේ ශූරියෝ ආසියානු කනිෂ්ඨ සංචිතයෙන් ඉවතට

763
srilanka women relay team

ජුනි මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ජපානයේ ජිෆු (Gifu) හිදී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා දොළොස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අද (09) කටයුතු කළේය.

සුගතදාසය දෙවනත් කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් දිනති

2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (06) සුගතදාස ජාත්‍යන්තර

නිමා වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී වසර විසිහතරකට පෙර සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, නිම්මි ද සොයිසා හා අමන්දා වනිගතුංග විසින් පිහිටුවා තිබූ වාර්තාවක් තත්පර 46.23කින් බිඳ දැමූ 4X100 බාලිකා සහය දිවීමේ කණ්ඩයමේ දක්ෂතා, එම කණ්ඩයම ජිෆු නුවරට පැවැත්වෙන ආසියානු ශූරතාවලියට තෝරා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීම විමතියට කරුණකි.   

වීර කැප්පෙටිපොල මහා විද්‍යාලයේ අරුණ දර්ශන ශ්‍රී ලංකාව වෙනුවෙන් නිමා වූ දකුණු ආසියානු ශූරතාවලියේ දී රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත්වූ අතර නව තරග වාර්තා තුනකුත් පිහිටුවීමට සමත්වූ ඔහු මෙවර ආසියානු කනිෂ්ඨ ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වනු ඇත.

නව තරග වාර්තාවක් ද සමඟින් මීටර 400 ඉසව්ව තත්පර 46.55කින් නිමා කළ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර 200 ඉසව්ව ද, 400X 4 සහය දිවීමේ ඉසව්ව ද නියෝජනය කිරීමට නියමිතයි.

නිමා වූ දකුණු ආසියානු තරගාවලියේ මීටර 400 ඉසව්වේ දෙවන ස්ථානය හා තෙවන ස්ථානය දිනාගත් මලියදේව විද්‍යාලයේ පසිඳු කොඩිකාර හා නාලන්ද විද්‍යාලයේ පබසර නිකූ ද එළඹෙන ආසියානු ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධාවන පථයට පිවිසෙනු ඇත.

එම ක්‍රීඩකයින් මේ වන විට දක්වා ඇති දක්වා ඇති ඉහළ දක්ෂතා හේතුවෙන් අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ෆින්ලන්තයේ පැවැත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට හැකි වීම ඔවුන්ගේ මානසික ශක්තිය තවත් ඉහළ දැමීමට හේතුවක් වනු ඇත.  

ප්‍රබල ශ්‍රී ලංකා 400X4 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ රවිෂ්ක ඉන්ද්‍රජිත් ද මේ වන විට ෆින්ලන්තයේ පැවැත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති අතර දකුණු ආසියානු ශූරතා තරගාවලියේ දී 3:08.89ක කාලයකින් ඉසව්ව නිමා කළ ශ්‍රී ලංකා 400X4 කණ්ඩයම තරග වාර්තාවක් මෙන්ම කනිෂ්ඨ දකුණු ආසියානු වාර්තාව ද තමන් නමට ලියා ගනිමින් මෙවර ආසියානු ශූරතා තරගාවලියේ දී අනෙක් කණ්ඩයම්වලට ප්‍රබල අභියෝගයක් වනු ඇත.     

දකුණු ආසියානු ශූරතා තරගාවලියේ දී මීටර 800 රන් පදක්කම දිනූ වලල ඒ රත්නායක මාධ්‍ය විද්‍යාලයේ හර්ෂ කරුණාරත්න පසුගිය වසරේ ආසියානු ශූරතා තරගාවලියේ දිනූ රිදී පදක්කම, රන් පදක්කමක් බවට මෙවර පරිවර්තනය කර ගැනීමට සිය උපරිම උත්සාහය යොදනු ඇත. 4X400m සහය දිවීමේ ඉසව්වේ අතිරේක ක්‍රීඩකයා ලෙස ද ඔහු ක්‍රීඩා කරනු ලබයි.

ගාලු දිස්ත්‍රික්කයෙන් සංචිතයට එක්වන උස පැනීමේ ක්‍රීඩක තරිඳු දසුන් දකුණු ආසියානු ශූරතාවලියේ දී පිටියේ ඉසව්වලින් ශ්‍රී ලංකාවට පළමු හා එකම රන් පදක්කම ගෙන දුන් අතර රන් පදක්කම තමන් සතු කර ගැනීම සඳහා ඔහු මීටර 2.04ක් වාර්තා කරන ලදි. ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගවල මීටර 2.11ක උපරිම දක්ෂතාවයක් දක්වා ඇති ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් පදක්කමක් ගෙනෙන තුරු සියලු දෙනා අපේක්ෂාවෙන් බලා සිටියි.    

මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ සුපිරි ධාවන ශූරිය අමාෂා ද සිල්වා බාලිකා අංශයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුව වන අතර නිමා වූ දකුණු ආසියානු තරගාවලියේ දී මීටර 100 හා  200 ඉසව් ඉතා පහසුවෙන් ජය ගත් ඇය විශිෂ්ට ධාවනයක යෙදෙමින් මීටර 4X400 සහය දිවීමේ ඉසව්වේ ද විශිෂ්ට දක්ෂතා පෙන්වීමට සමත් විය. තරගාවලි වාර්තා තුනක් හා රන් පදක්කම් හතරක් සමඟින් ශ්‍රී ලංකාව ඔසවා තැබූ ඇය ආසියානු ශූරතා තරගාවලියේ ද ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වනු ඇත.  

වලල ඒ රත්නායක විද්‍යාලයේ දිල්ෂි කුමාරසිංහ නිමා වූ දකුණු ආසියානු ශූරතා තරගාවලියේ දී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට සමත්වූ අතර මීටර 400 හා මීටර 800 ඉසව් නව තරග වාර්තා සමඟින් ජය ගැනීමට ඇය සමත් විය.

4X400 සහය දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා කණ්ඩයමේ ජයග්‍රහණය සඳහා ද ඉමහත් මෙහෙයක් ඉටු කිරීමට ඇය සමත්වූ අතර මීටර 400 හා 800 ඉසව් සඳහා ලෝක යොවුන් ශූරතාවලියට ද සුදුසුකම් ලබා ඇති ඇය මෙවර තරගාවලිය සිය දක්ෂතා දියුණු කර ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් පදක්කම් දිනා ගැනීම සඳහා යොදාගනු ඇත.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි දිව්‍යාංජලී හා රොමේශි අත්තිඩිය අමාෂා හා දිල්ෂි හා එක්ව බාලිකා 4X400 කණ්ඩයම සඳහා සහභාගී වනු ඇත. දකුණු ආසියානු ශූරතාවලියේ දී රන් පදක්කම ද දිනා ගැනීමට සමත්වූ මේ කණ්ඩායමට සිය දක්ෂතා ඉහළ දමා ගනිමින් ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙන ඒ යැයි සියලු දෙන අපේක්ෂා කරයි. කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ සඳුමිනි බණ්ඩාර අතිරේක ක්‍රීඩිකාව ලෙස එම කණ්ඩායමට එක්වනු ඇත.

දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරන රිද්මා නිශාදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සංචිතයට එක්වන එකම බාලිකා නියෝජනය වේ. නිමාවූ දකුණු ආසියානු තරගාවලියේ දී සුපුරුදු දක්ෂතා වලට ළඟා වීමට ඇයට නොහැකි වූ අතර ඇයට ළඟා විය හැකි වූයේ මීටර 5.91ක දුරකට පමණි. කිහිප වරක්ම මීටර 6 සීමාව ඉක්මවා යෑමට සමත්වූ ඇය සිය සුපුරුදු දක්ෂතා වලට පිවිසුණුහොත් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් හිමි වනු නොඅනුමානයි.  

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට නම් කළ සම්පූර්ණ සංචිතය

අරුණ දර්ශන – 200m, 400m, 4X400m
පසිඳු කොඩිකාර – 400m, 4X400m
පබාසර නිකු – 400m, 4X400m
හර්ෂ කරුණාරත්න – 800m, 4X400m
තරිඳු දසුන් – උස පැනීම
අමාෂා ද සිල්වා – 100m, 200m, 4X400m
දිල්ෂි කුමාරසිංහ – 400m, 800m ,4X400m
රිද්මා නිශාදි - Long Jump
අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, පබාසර නිකු, රවිෂ්ක ඉන්ද්‍රජිත්,හර්ෂ කරුණාරත්න – 4X400m
අමාෂා ද සිල්වා – 100m, 200m, 4X400m දිල්ෂි කුමාරසිංහ – 400m, 800m ,4X400m රොමේෂි අත්තිඩිය – 4X400m සචිනි දිව්‍යාංජලී -4X400m