ඩන්කන්ට් වයිට්ට සහ සුසන්තිකා ජයසිංහට පසුව මෙරට මලල ක්‍රීඩාවට ඔලිම්පික් මට්ටමේ පදක්කමක් ගෙන දෙමින් 2018 වසරේ පැවති යොවුන් ඔලිම්පික් තරගාවලියේ දී “2000m Steeplechase” ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් ලාංකීය නාමය නැවතත් ජාත්‍යන්තර තලයේ රැඳූ ඇය නමින් පාරමි වසන්ති මාරිස්ටෙලා ප්‍රනාන්දුය.
Photo Story – ලාංකීය මලල ක්‍රීඩාවට පෑයූ නව අරුණැල්ල
2001 වසරේ මැයි 28 වැනිදා හලාවත, අඹකඳවිල දී උපත ලැබූ පාරමි කුඩා කල සිටම බොහෝ දුෂ්කරතා ජය ගනිමින් ඉතාමත් කැපවීමෙන් ක්‍රීඩා කටයුතු සිදු කරමින් දිනෙන් දින ප්රගතිශීලී දක්ෂතා දක්වන ක්‍රීඩිකාවකි.
සුසන්තිකා ජයසිංහගෙන් පසු මෙරටට ඔලිම්පික් මට්ටමේ පදක්කමක් ගෙන ඒමට සමත් වූ ඇය මෙරට මලල ක්‍රීඩා නාමය නැවතත් ජාත්‍යන්තරය ඉදිරියේ ඉහළින්ම රැඳවීමට හැකියාව ඇති ක්‍රීඩිකාවන් අතලොස්සෙන් අයෙකි.
මෙවර Photo Story ලිපිය වෙන්වන්නේ පාරමි වසන්ති මෙතෙක් ආ ගමන පිළිබඳව කැමරා කාචයේ සටහන් වූ සේයා රූ වෙනුවෙනි.
1) දේශීය සහ ජාත්‍යන්තර කනිෂ්ඨ පිටියේ දස්කම්

2) අනෙකුත් දස්කම් කලඑළි බැසීම
ඒ සමඟම රග්බි ක්‍රීඩාවේ ද දස්කම් දැක්වීමට ඇය සමත් වීම නිසාවෙන් 17න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කාන්තා 17න් පහළ කණ්ඩායම ද තේරී පත්වීමට ඇයට හැකි විය.
3) නැවතත් දිගුදුර ධාවනයට

පසුව තම සුපුරුදු ඉසව්ව වන 2000m Steeplechase ඉසව්ව නියෝජනය කළ පාරමි එම තරගය මිනිත්තු 6:59.63ක කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් ද සමඟින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
Photo Story: අතීතය – අනාගතය යා කරන කුලවංශයන්
4) දකුණු ආසියානු තලයේ දී අසමත් වීම

5) ආසියානු ශූරිය බවට පත්වීම

6) ලෝක ශූරියන් සමඟින් කරට කර

Photo Story – දිගනෙන් බිහි වූ පුංචි සෙබළිය
7) යොවුන් ඔලිම්පික් මට්ටම ජය ගැනීම

එම තරගාවලියේ 2000m Steeplechase ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ඇය තරගය මිනිත්තු 6:33.06ක කාලයකින් අවසන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වන්නේ යොවුන් ඔලිම්පික් උළෙලක දී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ප්‍රථම ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාස ගත වෙමිනි.
8) ඔලිම්පික් ශූරියව මහත් හරසරින් පිළිගැනීම

යොවුන් ඔලිම්පික් උළෙලේ සිටම යම් ආබාධයකින් පීඩා විදි ඇය පසුව ප්‍රතිකාර සඳහා පිටියෙන් ඉවත් වීමට තීරණය කළාය. මේ වන විට ඇය නැවතත් තම පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති අතර හැකි ඉක්මනින් ක්‍රීඩා පිටියට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.
තවමත් 19 වැනි වියේ පසුවන පාරමි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමට ඉතා විශාල හැකියාවක් ඇති දක්ෂ ක්‍රීඩිකාවකි.
නිරන්තරයෙන් ඇයගේ මග හරස් කරන ආබාධවලින් මිදී ලාංකීය ධජය නැවත වරක් ඔලිම්පික් උළෙලක දී ගරුත්වයට පත්කරන්නට ඇයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප සුබ පතන්නෙමු
තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<










