කොළඹ හා පිට පළාත් නායකත්වයට ඔමල්ක හා වීරරත්න

216

ශ්‍රී ලංකා සත් සාමාජික හා ජාතික රග්බි ක්‍රීඩක ඔමල්ක ගුණරත්න හා හිටපු ජාතික නායකයෙකු වන රොෂාන් වීරරත්න එළඹෙන 9 වැනිදා පැවැත්වෙන කොළඹ නුවර මහා රග්බි සටනේ දී කොළඹ කණ්ඩායම සහ පිට පළාත් කණ්ඩායම මෙහෙයවනු ඇත.

ගුවන් තටු සිඳිමින් හැව්ලොක් ක්ලිෆර්ඩ් කුසලානය ඩැහැ ගනී

2019 ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් …..

ශ්‍රී ලංකා රග්බි පිටියේ නොමැකෙන නාමයක් වන චන්ද්‍රිශාන් පෙරේරා වෙනුවෙන් ආධාර මුදල් එකතු කිරීමට මෙම තරගය පැවැත්වෙන අතර මෙම තරගාවලිය එළඹෙන ආසියානු රග්බි පළමු කාණ්ඩයේ ශූරතාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමට ද උපයෝගී කර ගැනීමට නියමිතයි.

2019 මැයි පළමු වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම මලයාසියාවට පිටත්ව යන්නේ පුහුණු තරග දෙකකට සහභාගී වීමේ අරමුණෙනි.

CR&FC අංක අට ක්‍රීඩක ඔමල්ක ගුණරත්න කොළඹ කණ්ඩායම මෙහෙය වන අතර නිමා වූ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ඉහළ දස්කම් දැක්වූ මිතුන් හපුගොඩ, රීසා මුබාරක් මෙන්ම ලීග් ශූර මහනුවර කණ්ඩායමේ නායක රිචඩ් ධර්මපාල ද ප්‍රබල කොළඹ කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත.

පිට පළාත් කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන රොෂාන් වීරරත්න හටයි. CR නායක කවිඳු පෙරේරා, සත්‍ය රණතුංග, දිනුක් අමරසිංහ වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මහනුවර කණ්ඩායම වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.

කොළඹයි නුවරයි ගැටෙන අලුත් තරගාවලියක් තිබ්බොත්?

ගෙවී ගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා රග්බි පිටිය …..

මහනුවර කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු වූ ෂෙහාන් පතිරණට හා ප්‍රවීණ හැව්ලොක් ක්‍රීඩක දුෂ්මන්ත ප්‍රියදර්ශන හට ආබාධ තත්වයන් නිසා ජාතික තේරීම් තරගාවලිය වන මෙම තරගාවලිය අහිමි වනු ඇත.

විරාජ් ප්‍රසන්න කොළඹ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරන අතර ෆාසිල් මරීජා පිට පළාත් කණ්ඩායමේ වගකීම භාරව කටයුතු කරනු ඇත.

තරගාවලියට එක්වන සංචිතයන් මෙසේයි

කොළඹ කණ්ඩායම

ඉදිරි පෙළ – ජේසන් මෙල්ඩර් (CH), අශාන් ඩාර්ලින් (මහනුවර), චරිත් සිල්වා (නාවික), අබ්දුල්ලා ෆයිස් (හැව්ලොක්), අස්මීර් ෆාජුඩීන් (හැව්ලොක්), ප්‍රසාත් මදුසංඛ (CH), උමේෂ මධුශාන් (හැව්ලොක්), සුහිරු ඇන්තනි (මහනුවර), සජිත් සාරංග (CH), ගිහාන් පෙරේරා (නාවික), උදාර සූරියප්පෙරුම (පොලිස්), සුදර්ශන මුතුතන්ත්‍රි (CH), ලසිඳු ඉශාන් (හැව්ලොක්), ඔමල්ක ගුණරත්න (CR)

පසුපෙළ – මිතුන් හපුගොඩ (හැව්ලොක්), රාහුල් ද සිල්වා (CR), ජනිත් චානක (පොලිස්), අනුරාධ හේරත් (CH), බුද්ධිම පියරත්න (නාවික), කෙවින් ඩික්සන් (CR), සචිත් සිල්වා (පොලිස්), රිචඩ් ධර්මපාල (මහනුවර), තීක්ෂණ හේෂාන් (හැව්ලොක්), රිසා මුබාරක් (හැව්ලොක්), සංදේශ ජයවික්‍රම (හැව්ලොක්)

පිට පළාත් කණ්ඩායම්

ඉදිරි පෙළ – කසුන් ද සිල්වා (නාවික), චාල්ස් ප්‍රවීන් (ගුවන්), යාකුබ් අලි (මහනුවර), සත්‍ය රණතුංග (CH), නිරෝෂන් දිලීප (යුධ), රසිත් සිල්වා (පොලිස්), උචිත ජයසුරිය (මහනුවර), පරාක්‍රම රත්නායක (ගුවන්), තිළිණ බණ්ඩාර (ගුවන්), ශෂික ජයවර්ධන (මහනුවර), ප්‍රභාත් කුමාර (යුධ), තරිඳු චතුරංග (මහනුවර), නිවංක ප්‍රසාද් (CH)

පසුපෙළ – නුවන් පෙරේරා (ගුවන්), අශාන් බණ්ඩාර (යුධ), රොෂාන් වීරරත්න (මහනුවර), දිනුක් අමරසිංහ (හැව්ලොක්), සුදාරක දික්කුඹුර (යුධ), කවිඳු පෙරේරා (CR), රිසා රෆයිදින් (CR), තිළිණ විජේසිංහ (මහනුවර), චතුර සෙනෙවිරත්න (නාවික), සැමුවෙල් මධුවන්ත (CH), මොහොමඩ් අබ්සාල් (නාවික), ඉරෝෂන් සිල්වා (පොලිස්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<