සචින් අභිබවා ගිය අපේ සංගා

442
Kumar Sangakkara

Cricket.com.au වෙබ් අඩවිය මගින් මීට මසකට පමණ පෙර ආරම්භ කල සෑම කල්හිම ශ්‍රේෂ්ඨතම ක්‍රිඩකයා යන තරඟයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර සමත් විය.

මෙම තරඟය ප්‍රේක්ෂකයන්ගේ ජන්ද විමසුම් වලින් තෝරා ගත් අතර මෙම තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම හිටපු හා වර්තමාන ක්‍රිඩකයින් 8 දෙනෙකු ඇතුළු ලොව දක්ෂ ක්‍රිඩකයින් 64 දෙනෙකු මේ සදහා තරඟ වැදිණි. ඒ අතර කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ශාන්, ලසිත් මාලිංග, මුත්තයියා මුරලිදරන් හා චමින්ද වාස් යන ක්‍රිඩකයින් තරඟ වැදිණි. මේ අතරින් අවසන් පූර්ව වටයට සචින් ටෙන්ඩුල්කාර් හා සනත් ජයසූරිය ද, ඉම්රාන් කාන් හා කුමාර සංගක්කාර ප්‍රේක්ෂකයන් ගේ මනාපයෙන් ඉදිරියට පැමිණි  අතර අවසන් තරඟය සඳහා කුමාර සංගක්කාර හා සචින් ටෙන්ඩුල්කාර් තරඟ වැදුණි. එහි ජයග්‍රහණය කුමාර සංගක්කාර හිම් කරගත් බව මීට සුලු මොහොතකට පෙර එම වෙබ් අඩවිය විසින් නිවේදනය කරන ලදි.

ඒ අනුව එක්දින ශ්‍රේෂ්ඨතම ක්‍රිඩකයාට හිම් ගෞරව නාමය කුමාර සංගක්කාරට හිමි විය.

කුමාර සංගක්කාර අන්තර් ජාතික එක්දින තරඟ 404 කදී ලකුණු 14,234 ක් ලබාගැනීමට සමත් වූ අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 41.98 ක් විය. තවද සංගක්කාර ශතක 25 ක් ද තම නාමය යටතේ සටහන් කිරීමට ඔහු සමත් ව ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න