ප්‍රවීණයන්ගේ පාපන්දු අවසන් සටන හෙට

263
Veterans Football final preview

හිටපු දක්ෂ පාපන්දු කණ්ඩායම් දෙකක් වන ඕල්ඩ් බෙන්ස් ප්‍රවීණයන්ගේ කණ්ඩායම හා කෑගල්ල ප්‍රවීණයන්ගේ කණ්ඩායම, 8 වන වරටත් වාර්ෂිකව පැවැත්වෙන ප්‍රවීණයන්ගේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට තේරී ඇත. එම තරගාවලිය පැවැත්වෙන්නේ තිලක් පීරිස් අභියෝගතා කුසලානය වෙනුවෙනි.

මෙම අවසන් මහා තරගය හෙට (27) වැනිදා වැල්ලවත්ත කුරේ පාපන්දු පිටියේ දී සවස 3.30ට පැවැත්වේ.

සාන්ත ජෝසප් සහ සාන්ත පැට්‍රික් විද්‍යාල අවසන් මහා තරගයට

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයේ…

මෙම පාපන්දු තරගාවලිය සංවිධානය කරනු  ලබන්නේ සොකර් මාස්ටර්ස් සංගමය විසිනි. මෙම තරගාවලියේ මූලික වටය කණ්ඩායම් 44ක සහභාගීත්වයෙන් පැවැත්විය.

කොළඹ කණ්ඩායමක් වන ඕල්ඩ් බෙන්ස් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයේ දී ගෝල 2-0ක් ලෙස කොළඹ ප්‍රවීණයන්ගේ කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එහි දී මාලිගාවත්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

කොළඹින් පිටත කණ්ඩායමක් වන කෑගල්ල ප්‍රවීණයන්ගේ කණ්ඩායම, ත්‍රිකුණාමලය සොකර් මාස්ටර්ස් කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් අවසන් කණ්ඩායම් 4ට පිවිසියේය. එහි දී බදුල්ල ප්‍රවීණයන්ගේ කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කළ කෑගල්ල ප්‍රවීණයන්ගේ කණ්ඩායම ඕල්ඩ් බෙන්ස් කණ්ඩායම සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

මෙම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙන තිබෙන දෙපිලේම බහුතරයක් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේ දැනට තිබෙන හොඳම පාපන්දු සමාජ නියෝජනය කළ ක්‍රීඩකයින් වේ.

ශූරතාවය ජයග්‍රහණය කරන කණ්ඩායමට තිලක් පීරිස් අභියෝගතා කුසලානය, සහතික පත්‍ර, රන් පදක්කම් හා මුදලින් රුපියල් ලක්ෂයක් ලබා දෙන අතර අනුශුරතාවය දිනා ගන්නා කණ්ඩායමට අනුශුරතා කුසලානය, රිදී පදක්කම්, සහතික පත්‍ර හා මුදලින් රුපියල් 50,000ක් ලබා දෙනු ඇත.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා හා වටිනාම ගෝල රකින්නා හට රන් පාපන්දු බූට් සපත්තුවක් (Golden Boot) රන් අත් ආවරණයක් වැනි කුසලාන ලබා දෙනු ඇත. ඊට අමතරව රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙයි.

වර්ෂ 1995 දී ශ්‍රී ලංකා සොකර් සංගමය නිර්මාණය කිරීමට නායකත්වය ලබා දී ඇති තිලක් පීරිස් මහතා පාපන්දු ක්‍රීඩාව නංවාලීමට විශාල සේවයක් කර තිබේ. ගෙවී ගිය වසර 23ක කාලය තුළ ඔවුන්ගේ සංගමය විසින් අසරණව සිටි සොකර් ක්‍රීඩකයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හට විශාල ලෙස උදව් කර ඇත.

ඕල්ඩ් බෙන්ස් ප්‍රවීණයන්ගේ කණ්ඩායම

ටී. ජොන්සන් (නායක), එස්. ප්‍රියන්ත, සමන්ත ප්‍රනාන්දු, ශෙස්ටන් ප්‍රනාන්දු, ප්‍රදීප් නිශාන්ත, එස්. බාලේන්ද්‍රන්, රවී. අල්පෝන්සු, දිනේශ් මංජුල, සිසිර ප්‍රනාන්දු, බැසිල් ප්‍රනාන්දු, සාජිත් ගෝමස්, රොශාන් රාමීස්, සිසිර පෙරේරා, ඒ. ටී. ක්‍රිශානෝ, ජූඩ් පෙරේරා, නිශාන්ත ප්‍රනාන්දු, ඒ. බී. නතාර්, සම්පත් පෙරේරා, ඒ. ආර්. සී. වේලාස්, බී. එම්. එස්. රණසිංහ.

කෑගල්ල ප්‍රවීණයන්ගේ කණ්ඩායම

ජෙ. එම් රසාක් (නායක) ,එස්. එස්. එම්. ෆර්හාන්, ටී. එච්. ඩී. එල්. අනිල්, එම්. ඒ. එන්. ශානිල්, එස්. මාවෙල, එස්. සිදත් කුමාර, එස්. ජයසිංහ, එම්. එන්. මොහොමඩ් , එ. යූ. කේ රණසිංහ, ආර්. ජී. ඒ. ආර්. රණසිංහ, කේ. ජයසිංහ, එම්. ඒ. එන්. කියාස්, ටී. සී. අයි. කාසිම්, බී. එම්. සුදත්, ඒ. එම් සෙනවිරත්න, ඒ ජයරත්න.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<