එංගලන්ත නායකයාට Kohli සම කිරීමේ අවස්ථාවක්

166

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමට සංචාරක එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට හැකි වුවහොත් වාර්තා ද්විත්වයක් සිය නාමය එක්කර ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.

එහි මුල්ම වාර්තාව ලෙස මෙරට දී නොකඩවා ටෙස්ට් තරග පහක් ජය ගනිමින් ඉන්දීය නායක විරාත් කෝලි පිහිටුවා ඇති වාර්තාව සම කිරීමට එංගලන්ත නායක Joe Root හට අවස්ථාව හිමි වේ.

Joe Rootගේ නායකත්වය යටතේ එංගලන්ත කණ්ඩායම මේ වන විට මෙරට දී නොකඩවා ටෙස්ට් තරග 4ක් ජයගෙන ඇති අතර යම් හෙයකින් ගාල්ලේ දී පැවැත්වෙන ටෙස්ට් තරගය ජය ගැනීමට ඔහුට හැකි වුවහොත් මෙරට දී නොකඩවා ටෙස්ට් ජයග්‍රහණ ලැබූ නායකයා ලෙස Virat Kohli තැබූ වාර්තාව සම කිරීමට ඔහුට හැකි වනු ඇත.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

එමෙන්ම පසුගිය තරගය ජය ගැනීමත් සමඟ එංගලන්ත කණ්ඩායම මෙරට දී නොකඩවා ලැබූ පස්වැනි ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ අතර එය ද මෙරට දී නොකඩවා වැඩිම ටෙස්ට් ජයග්‍රහණ ලැබීමට සමත් වෙමින් ඉන්දීය කණ්ඩායම තබා තිබූ වාර්තාව සම කරන්නක් විය.

එම නිසාවෙන් ගාල්ලේ දී පැවැත්වෙමින් තිබෙන දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි වුවහොත් මෙරට දී නොකඩවා ටෙස්ට් ජයග්‍රහණ හයක් ලැබූ මුල්ම කණ්ඩායම මෙන්ම මෙරට දී නොකඩවා වැඩිම ටෙස්ට් ජයග්‍රහණ ලැබූ කණ්ඩායමට හිමි වාර්තාව තමන් සතු කර ගැනීමට එංගලන්තයට හැකි වේ.

එංගලන්ත කණ්ඩායම 2012 වසරෙන් පසු මෙරට දී කිසිදු ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති අතර අවසන් වරට පැවති තරගාවලිය ද 3-0 ලෙස පූර්ණ ලෙස ජය ගැනීමට ඔවුන් සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<