ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා!

308

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කරගනිමින් පුහුණුවීම්වලට සහභාගි වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා.

එම සංචාරය සඳහා ක්‍රීඩකයන් 34 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කර තිබූ අතර එයින් එංගලන්ත සංචාරය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් හැර අනෙකුත් ක්‍රීඩකයන් කණ්ඩායම් තුනකට වෙන් කර පුහුණුවීම් සඳහා කැඳවා තිබුණා.

එලෙස කැඳවූ ක්‍රීඩකයන් අතරින් බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයන්
හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවල දී තහවුරු වීමෙන් පසුව
ඔවුන් දෙදෙනාව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කර
තිබෙනවා.

එමෙන්ම එම ක්‍රීඩකයන් දෙදෙනා සමඟ සම්බන්ධකම් පැවැත්වූ අනෙකුත් ක්‍රීඩකයන් පිළිබඳව තොරතුරු සොයා අදාළ නිරෝධායන ක්‍රියාවලි සඳහා යොමු කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් මෙම තත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියේ මෙම පුහුණුවීම් කටයුතු කොටස් වශයෙන් බෙදී සිදු කළ නිසාවෙන් සියලූම ක්‍රීඩකයන් ආසාදිත ක්‍රීඩකයන් සමඟින් සෘජුව සම්බන්ධ වීමට ඉඩක් නොමැති බවයි.

එමෙන්ම මෙම තත්වය සලකා බලා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පූර්වාරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බව ද වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිතව ඇති අතර එම මූලික සංචිතයට ඇතුළත් වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ද අසමත්ව තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<