“ක්ලිෆඩ් කප්” පළමු දිනය නිමයි

246
Clifford cup boxing - day 1

ශ්‍රී ලංකා අන්තර් සමාජ බොක්සිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරගාවලිය වන “ක්ලිෆඩ් කුසලාන” බොක්සිං තරගාවලිය ඊයේ (06) කොළඹ මාස් රාජකීය බොක්සිං කවය තුළ දී පැවැත්වුණා.

අනුෂා, දිනිඳු සමඟ ක්ලිෆඩ් කුසලානය සඳහා පෙළගැසෙමු

“ක්ලිෆඩ් කුසලානය” යන නම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට අලුත් අත්දැකීමක් නොවේ…

දිවයිනේ නමක් දිනූ ස්ලිම්ලයින්, යුධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, යුනිචෙලා ආදී බොක්සිං ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයන් 165ක් පමණ තරගාවලිය නියෝජනය කරනවා. ඔවුන්ගෙන් ස්ලිම්ලයින් සහ යුධ හමුදා ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන් පළමු දිනයේදී වැඩි දක්ෂතා අතරට පත්වූවා. එමෙන්ම තවමත් තරගාවලියේ පළමු දිනය පමණක් අවසන් වූ බැවින් සමස්ත ප්‍රතිඵල ගැන පැහැදිලි අදහසක් දැක්විය නොහැකියි.

පළමු දිනය තුළ දී පිරිමි තරග පමණක් පැවැත්වුණු අතර 09 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වේ.

දිවයිනේ නම් දැරූ බොක්සිං ක්‍රීඩකයන් වන දිනිඳු සපරමාදු, විමුක්ති කුමාර මෙන්ම, ක්‍රීඩිකාවන් වන අනුෂා කොඩිතුවක්කු, කේෂානි හංසිකා සහ අනුරාධා ජයසිංහගේ දක්ෂතා අද සිට ඔබට කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේදී නැරඹිය හැකියි. ඊයේ දිනයේදී තරග 32ක් පැවැත්වුණා. එහි දී වැඩි දස්කම් දැක්වූයේ ස්ලිම්ලයින් සහ යුධ හමුදා ක්‍රීඩකයන්.  

විස්තරාත්මක වාර්තා සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<