යුධ හමුදාවෙන් ස්ලිම්ලයින්ට නොවැටෙන සටනක්

338

ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලියේ තෙවන දිනය අද (07) කොළඹ මාස් රාජකීය බොක්සිං අංගනයේ දී පැවති අතර තවමත් ස්ලිම්ලයින් – යුධ හමුදා ගැටුම අවසන් වූ බවක් නොපෙනේ.

“ක්ලිෆඩ් කප්” පළමු දිනය නිමයි

ශ්‍රී ලංකා අන්තර් සමාජ බොක්සිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරගාවලිය වන “ක්ලිෆඩ් කුසලාන”..

පළමු දිනය සහ දෙවන දිනය යන දෙකෙහි දී ම ස්ලිම්ලයින් බොක්සිං සමාජය සහ යුධ හමුදා බොක්සිං සමාජය හමු වූ සෑම මොහොතක දී ම නරඹන්නන් සහ ක්‍රීඩකයන් යන දෙපිරිසම උද්යෝගයෙන් ඊට එක්වනු පෙනිණි. වසර 16ක් පමණ දෙපිල අතර පවතින මේ සටන එළඹෙන ඉරිදා තවත් වසරකට කල්යනු ඇත.

තරගාවලියට නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස් සහ MAS අනුබද්ධ තවත් කණ්ඩායම් කිහිපයක්ම සහභාගී වේ. අද පැවති තරගවල ප්‍රතිඵල පහත පරිද්දෙන් විය.

කි. ග්‍රෑ. 48 බරපන්තියෙන් කලකට පසු දේශීය බොක්සිං ශූරිය අනුෂා කොඩිතුවක්කු දේශීය තරග බිමට පිවිස සිටිනු දැකිය හැකි විය. ඇය සමඟින් තරග වැදුණු පොලිස් ක්‍රීඩා සමාජයේ යොවුන් ක්‍රීඩිකාව, එස්. ඉලංගරත්නට තරගය එතරම් පහසු නොවූ බැවින් විනිසුරු තරගය නවත්වා ජයග්‍රහණය අනුශාට ලබා දුන්නේය. තරගය තුළ දෙවරක් ගණනය කිරීම් වලට ලක්වූයේ අනුෂාගේ බරැති පහරවල් හේතුවෙනි.

කි. ග්‍රෑ. 54 බරපන්තිය වෙනුවෙන් පැවති කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජයේ ජී. මෙන්ඩිස් සහ ගුවන් හමුදාවේ අස්යාල ක්‍රීඩිකාව අතර තරගය මෙන්ඩිස් විසින් හිමිකරගත්තේ එතරම් අපහසුවකින් තොරවයි.

දිනයේ පළමු පිරිමි තරගය පැවැත්වුණේ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. උදයකුමාර සහ හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ අයි. වනිගසූරිය අතරයි. තරගයේ ආරම්භය උදයකුමාර සාර්ථකව සනිටුහන් කළේය. කෙමෙන් වනිගසූරිය ද තරගයට අවතීර්ණ වුවේය. තෙවන වටයේදීත් උදයකුමාර සාර්ථක ප්‍රහාරයන් කිහිපයක් දියත් කළේය. කෙසේ නමුත් ජය හිමිවූයේ වනිගසූරියටයි.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. බණ්ඩාර සහ MAS ක්‍රීඩා සමාජයේ ආර්. සඳරුවන් අතර තරගය බණ්ඩාරගේ වර්ණවත් විය. MAS පුහුණුකරුවන් කියා සිටියේ ජයග්‍රහණය ප්‍රතිවාදියාට දෙන ලෙසයි.

එම්. හඳුවල සහ කේ. කපුකොටුව අතර තරගය ස්ලිම්ලයින් කණ්ඩායමේම ක්‍රීඩකයන් දෙදෙනෙකු ක්‍රීඩා කිරීම නිසා එතරම් උනන්දුවකින් නොපැවැත්වුණු නමුත් කපුකොටුව තරගය ජයගත්තේය.

පැවති අනෙකුත් තරගවල දී යුධ හමුදා ක්‍රීඩකයන් සහ ස්ලිම්ලයින් අතර සටන යළිත් ප්‍රකට වූ අතර අවසන් දිනය වන අනිද්දා තරගකාරී වනු ඇති බවට ඉඟිපළකරමින් දෙපිලම කරට කර සිටියි.

ඉදිරි දිනවල බොක්සිං පුවත් සඳහාත් රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<