එංගලන්තයට යන්නට කලින් පාකිස්තානයට පුහුණු කඳවුරක් නැහැ

147

කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා ඇතිව ඇති තත්වයන් නිසා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට පැවැත්වීමට නියමිතව තිබුණු පුහුණු කඳවුරක් අවලංගු කර තිබෙනවා. 

පාකිස්තාන කණ්ඩායම එංගලන්තයේ සංචාරය කිරීමට ප්‍රථමයෙන් මෙම පුහුණු කඳවුරට සහභාගී වීමට මුලදී සැලසුම් කර තිබුණා. එංගලන්තයට පිටත්ව යෑමට පෙර පාකිස්තාන ක්‍රීඩකයෝ හා ක්‍රිකට් බලධාරීන් ලාහෝර් හිදී මුණගැසීමට නියමිත අතර එහි දී ඔවුන් COVID-19 පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතයි.

ඔහුට සැත්කමක් ඕන නැහැ

මෙම පුහුණු කඳවුර අවලංගු වීම පාකිස්තාන කණ්ඩායමට දැඩි අවාසියක් බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ මිට දින කිහිපයකට පෙර පාකිස්තාන පිතිකරණ පුහුණුකරු ලෙස පත් කළ යුනිස් ඛාන් සමඟ පාකිස්තාන කණ්ඩායමට පුහුණු සැසියකට සහභාගී වීමට තිබුණු අවසන් අවස්ථාව ඔවුන්ට ගිලිහි යෑම නිසයි. 

අවසන් වසර කිහිපයේ දී ම පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මෙලෙස ප්‍රධාන පුහුණු කඳවුරු සඳහා අඛණ්ඩව සහභාගී වීම විශේෂත්වයක්. 2016 වසරේ එංගලන්ත සංචාරයට පෙර පාකිස්තාන කණ්ඩායම හමුදා පුහුණුවක් බඳු ක්‍රිකට් පුහුණු කඳවුරකට ද සහභාගී වීම විශේෂත්වයක්.

පවතින වයිරස තත්වය නිසා ක්‍රීඩකයින්ට හුදකලාව පුහුණුවීම් කටයුතු කිරීමට සිදු වුනා. පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ඔවුන්ගේ ක්‍රීඩකයින්ට ක්‍රීඩාංගණවල පුහුණුවීම් සිදු නොකරන ලෙස ද අවවාද කර තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පොරොන්දු වූ සෞඛ්‍ය වශයෙන් ආරක්‍ෂිත ක්‍රීඩාංගණ තුළ සිය පුහුණු සැසිය පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට සැලසුම් කර තිබෙනවා.

පාකිස්තානයේ එංගලන්ත සංචාරයේ තරග පැවැත්වෙන දින තවමත් තීරණය කර නැහැ. නමුත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරන්නේ පෙර සැලසුම් කර තිබුණු පරිදි ටෙස්ට් තරගාවලිය හා සීමිත පන්දුවාර තරගාවලිය අගෝස්තු මස පැවැත්වීමට හැකි වනු ඇති බවයි. 

පාකිස්තානය මේ වන විට ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හත්වැනි ස්ථානයේ රැඳී සිටිනවා. 2016 එංගලන්ත සංචාරයේ දී පාකිස්තානය තරග 2-2ක් ලෙස ටෙස්ට් තරගාවලිය සම සමව අවසන් කරගන්නට සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<