අවසන් 15 තේරීම කොට උඩ?

1643

ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත සංචාරක සිම්බාබ්වේ හා ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වන ක්‍රිකට් තරගාවලියේ 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට අනුමැති ලබා දීම පමා කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර ඇත.

Sunday Times පුවත් පත වාර්තා කරන පරිදි ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය නිසි මට්ටමක නොතිබීම අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වීම පමා කිරීමට හේතුව වී ඇති බවයි.

එළඹෙන ජුනි 30 වැනිදායින් ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය සඳහා මේ වන විට ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නිල වශයෙන් නිකුත් කර ඇතත්, තරගාවලියේ ආරම්භය සඳහා තවත් දින 5ක පමණ කෙටි කාලයක් ඉතිරිව තිබිය දී පවා අවසන් 15 දෙනාගේ සංචිතය තවමත් නිල වශයෙන් නම් කර නොමැත.

ග්‍රැහැම් ෆෝඩ් පුහුණුකරු ධූරයෙන් සමු ගනියි!

මාස 15ක පමණ කාලයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ..

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් සමඟ මෙම ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව හා තවත් කරුණු කිහිපයක් පිළිබඳවම සාකච්ඡා කළ යුතු බවත්, ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම් හා ප්‍රධාන විධායක නිලධාරියකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික සැසිවාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින් එම සාකච්ඡාව තව දින කිහිපයක් ප්‍රමාද වන බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ජාත්‍යන්තර එක්දින තරග 5ක් හා එක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිත අතර, එහි පළමු තරගය මේ මස 30 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ආරම්භ වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අනපේක්ෂිත ලෙසින් මූලික වටයෙන්ම ඉවතට විසි වීම නිසාවෙන් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව වෙනදාට වඩා සැලකිල්ලක් දැක්වීමට අමාත්‍යතුමා තීරණය කර ඇත. එසේම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුවහොත් ඉදිරියේ දී පැවැත්වෙන තරගවලට අනුමැතිය ලබා දීම ද ප්‍රතික්ෂේප කිරීමට අමාත්‍යතුමා තීරණය කර ඇත.

යම් ක්‍රීඩකයෙක් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුවහොත්, ඔහුගේ තරාතිරම නොබලා කිසිදු ගැටලුවකින් තොරව ඔහුට ක්‍රීඩා කිරීමට අවසර ලබා දෙන්නේ නැහැ.” යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය බ්‍රහස්පතින්දා පැවති කැබිනට් ප්‍රකාශන දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී පවසන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තු උල්ලංඝණය වන ලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වීම නිසා මාලිංගට එරෙහිව මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙනවා.” ක්‍රීඩා අමාත්‍යතුමා ඒ.එෆ්.පී. වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව දන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කරන අය විතරයි. ඒකට තමයි කියන්නේ ගිරව් එළියේ ඉද්දී රිළව් බෙනේ ඉන්නවා කියලා. මොකද, ගිරවා තමයි දන්නේ බෙනේ වෙන්නේ මොනවද කියලා. ගිරවාට තමයි බෙනේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒක නිසා ගිරවා දන්නවා බෙනේ දී මොකද වෙන්නේ කියලා. ඒකට රිළව් රිංගලා වෙන වෙන උත්තර දෙන්න ගියාම වැරදි වෙන්න පුළුවන්. මම දන්නේ නෑ කවුද ඒ කතා කිව්වේ කියන එක. මං ඒවා අහන්න ගියේ නැහැ.” යැයි මාලිංග විසින් පසුගිය (21) එක්තරා මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් පැවසීය.

පසුගිය සතියේ පැවැත්වූ සාකච්ඡාවක් තුල දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව ගැටලුවක් ඇති බව පිළිගත් අතර, සිම්බාබ්වේ හා ඉන්දීය තරග සංචාරවලට පෙරාතුව විශේෂ ශාරීරික යෝග්‍යතා වැඩමුළුවක් පවත්වන්නට බලාපොරොත්තු වන බව අසංක ගුරුසිංහ මහතා පවසන ලදි.

පුහුණුකරුවන්, තේරීම් කමිටුව හා ක්‍රීඩකයින් සමඟින් අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක්ම පැවැත්වූ අතර, අපගේ යෝග්‍යතා මට්ටමේ යම් විෂමතාවක් ඇති බව පෙනෙන්නට තියෙනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරු වන අසංක ගුරුසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන සිටියේය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට