“අතුරු පාලන කමිටු කතා අසත්‍යයි” – පාපන්දු සභාපති

186

මාධ්‍ය ඔස්සේ සංසරණය වන, පාපන්දු සම්මේලනය සඳහා අතුරු පාලන කමිටුවක් පත්කිරීමට සූදානම් බවට යන, තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා අදහස් දක්වා සිටියා.

ඔහු විසින් පවසා සිටියේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අගෝස්තු 31 වැනි දිනය සිට අතුරු පාලන කමිටුවක් පත්වීමට නියමිත බවට පලවන තොරතුරු අසත්‍ය බවයි.

ඔහු විසින් වැඩිදුරටත් පවසා සිටියේ, “ක්‍රීඩා අමාත්‍යංශයත්, FIFA ආයතනත් එක් වී ස්ථීර විසඳුමක් සඳහා මේ මාසය අවසානයේ දී තීරණයක් ගැනීමට නියමිතයි. එමනිසා, අන්තර් පාලන කමිටුවකට හෝ රටට අගතියක් වන කිසිම තීන්දුවකට ක්‍රීඩා අමාත්‍යාංශය හෝ FIFA ආයතනය ඉඩ නොදෙන බව සඳහන් කිරීමට කැමැත්තෙමි,” ලෙසයි.

සම්මේලනය විසුරුවා හැරීමට යම් කිසි කණ්ඩායමක් දැඩි උත්සාහයක නිරත වන බවත්, එය පිටුපස සිටින පිරිස ඉතා ඉක්මනින් එළිකරන බවත් ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<