කොදෙව් සංචාරයට යන ඉන්දීය සංචිතයේ ප්‍රබල වෙනස්කම් රැසක්

960
©AFP

ලබන මස 3 වැනිදා ආරම්භ වන ඉන්දු – බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා සහභාගී වන ඉන්දීය එක්දින, විස්සයි විස්ස හා ටෙස්ට් සංචිත තුන අද (21) ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මාධ්‍යයට නිකුත් කළේය.

මිශාරගේ දස්කම් සමඟින් කොළඹ අපරාජිතව ඊළඟ වටයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ…

කෙසේ නමුත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය සංචිතයේ සිටි ප්‍රබල ක්‍රීඩකයෙක් මෙන්ම අත්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මහේන්ද්‍ර සිං දෝනි හට එකඳු සංචිතයක හෝ සිය අසුන වෙන් වී නොතිබීම කාගේත් වැඩි  කතාබහට ලක්වී තිබේ. 

දෝනී මේ තරග සංචාරය සඳහා සහභාගී නොවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කල් තියාම දැනුම් දී තිබූ බව අද පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධාන නිලධාරි එම්. එස්. කේ ප්‍රසාද් මහතා පැවසුවේය.

ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර කලව ආශ්‍රිතව ආබාධයකට ලක්වූ නිසාවෙන් ඔහුව මෙම තරගාවලියේ දී විවේක ගැන්වීමට ඉන්දීය තේරීම් කමිටුව තීරණය කර තිබේ. එසේම එම තරගාවලියේ දී ම ආබාධයකට ලක්වූ විජය ශංකර් ද එම ආබාධයෙන් සම්පූර්ණ ලෙස සුවය ලබානොමැති නිසා ඔහු ද මේ තරගාවලිය සඳහා තරග නොවදියි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය සඳහා සීමිත පන්දුවාර ක්‍රිකට් තරග හයක් (විස්සයි විස්ස 3, එක්දින 3) අන්තර්ගත වන නමුත් ඔවුන් නම් කර තිබෙන සීමිත පන්දුවාර සංචිත දෙක තුලම අන්තර්ගතව සිටිම එකම ප්‍රධාන කඩුලු රකින්නා වන්නේ රිෂාබ් පන්ට් පමණි. එය එසේ වුවත් ටෙස්ට් තරගාවලියේ දී ආබාධයෙන් අනතුරුව සුවය ලබා තිබෙන විර්දිමන් සාහා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබේ.

“ඉන්දීය A කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් දැක්වූ දස්කම් ද අපිට මේ සංචිතය තෝරාගැනීමට ලොකු රුකුලක් වුනා. කේ. එස්. භාරට් ඉතාමත් හොඳ දස්කම් දක්වමින් මේ සංචිතය සඳහා ඇතුළත් වීමට ආසන්නව සිටි නමුත් සංචිතයේ සමබරතාවය සැලකිල්ලට ගත් නිසා ඔහුට මේ තරග සංචාරයේ දී අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් තරගාවලිය අතරතුර යම් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වුනොත් ආදේශ කරන ක්‍රීඩක ලැයිස්තුවේ ඔහුගේ නම ඉදිරියෙන්ම  තිබෙනවා.” යැයි මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධාන නිලධාරීන් ප්‍රසාද් මහතා පවසන ලදි.

ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියට ආයුබෝවන් කියන සුපිරි තරු

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය (14) එංගලන්තයේ ලෝර්ඩ්ස් පිටියේ දී නිමා වූයේ එංගලන්තය…

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් පූර්ව තරග වටය දක්වා ඉන්දීය කණ්ඩායම රැගෙන ඒමට පන්දු යැවීමෙන් විශාල දායකත්වයක් දැක්වූ ජස්ප්‍රිට් බුම්රා හට එක්දින හා විස්සයි විස්ස පිටියේ දී යම් විවේකයක් ලබා දී තිබෙන නමුත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර තිබෙන ඉන්දීය සංචිතය සඳහා ඔහුගේ නම ඇතුලත්ව තිබේ.

ටෙස්ට් තරග දෙකකින්, එක්දින හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත මේ දීර්ඝ තරග සංචාරය අගෝස්තු මස 3 වැනිදා පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ආරම්භ වන අතර සැප්තැම්බර් මස 3 වැනිදා අවසන් වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් මේ තරග සංචාරය අවසන් වෙනු ඇත.

ඉන්දීය එක්දින සංචිතය – විරාත් කෝලි (නායක), රෝහිත් ශර්මා, ශිකර් ධවාන්, ලෝකේශ් රාහුල්, ශ්‍රේයාස් අයියර්, මනිෂ් පාන්ඩ්‍යා, රිෂබ් පන්ට් (කඩුලු රකින්නා), රවින්ද්‍ර ජඩේජා, කුල්දීප් යදෙව්, යුස්වේන්ද්‍ර චහල්, කේදර් ජදෙව්, මොහොමඩ් ශමි, බුවනේශ්වර් කුමාර්, කලීල් අහමඩ්, නව්දීප් සයිනි.

ඉන්දීය විස්සයිවිස්ස සංචිතය – විරාත් කෝලි (නායක), රෝහිත් ශර්මා, ශිකර් ධවාන්, ලෝකේශ් රාහුල්, ශ්‍රේයාස් අයියර්, මනිෂ් පාන්ඩ්‍යා, රිෂබ් පන්ට් (කඩුලු රකින්නා), කෘනාල් පාන්ඩ්‍යා, රවින්ද්‍ර ජඩේජා, වොෂින්ටන් සුන්දර්, රාහුල් චහර්, බුවනේශ්වර් කුමාර්, කලීල් අහමඩ්, දීපක් චහර්, නව්දීප් සයිනි.

ඉන්දීය ටෙස්ට් සංචිතය – විරාත් කෝලි (නායක), අජින්ක්‍යා රහනේ, මයන්ක් අග්‍රවාල්, ලෝකේශ් රාහුල්, චේතේශ්වර් පුජාරා, හනුමා විහාරි, රිෂබ් පන්ට් (කඩුලු රකින්නා), රෝහිත් ශර්මා, විර්දිමන් සාහා (කඩුලු රකින්නා), රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජඩේජා, කුල්දීප් යදෙව්, ඉෂාන්ට් ශර්මා, මොහොමඩ් ශමි, උමේෂ් යාදෙව්, ජස්ප්‍රිට් බුම්රා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<