නිලූක, සචින් සහ බුවනෙක ලෝක ශූරතාවයට

ලෝක ශූරතා බැඩ්මින්ටන් තරගාවලිය 2022

221

මෙම වසරේ ජපානයේ දී පැවැත්වීමට නියමිත “ලෝක ශූරතා බැඩ්මින්ටන් තරගාවලිය” සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට මෙරට ප්‍රමුඛ පෙළේ බැඩ්මින්ටන් ක්‍රීඩකයින් තිදෙනෙකු වන නිලූක කරුණාරත්න, සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සුදුසුකම් ලබා ඇති බව වාර්තා වනවා.

මෙරට බිහි වූ විශිෂ්ටතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වන නිලූක එම තරගාවලියේ කේවල ඉසව්ව නියෝජනය කිරීමට නියමිත අතර සචින් සහ බුවනෙක තරගාවලියේ පිරිමි යුගල ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙල හතරකට සහභාගී වූ නිලූක මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 1940ක් දිනා ගනිමින් 131 වැනි ස්ථානයේ පසුවෙද්දී, සචින් සහ බුවනෙක යුගල ශ්‍රේණිගත කිරීම් හී 91 වැනි ස්ථානයේ පසු වෙන්නේ ප්‍රසාද ලකුණු 2253ක් සමඟිනුයි.

මෙවර ලෝක ශූරතා බැඩ්මින්ටන් තරගාවලිය අගෝස්තු 21 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<