කොළඹ දෙකට දමා යාපනය සිසුවියන් අංක එකට

101

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ දැල්පන්දු තරග ඊයේ (29) නිමා වූයේ ශූරතාව යාපනය විශ්වවිද්‍යාලයට හා අනුශූරතාව කොළඹ විශ්වවිද්‍යාලයට හිමිකර දෙමිනි. තුන්වැනි හා සිව්වැනි ස්ථාන හිමි වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හා මොරටුව විශ්වවිද්‍යාලයටයි. තරග පැවැත්වුණේ රුහුණ විශ්වවිද්‍යාල ක්‍රීඩාගාරයේ හා කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දී ය.  

මෙවන් ඉඳුරුවගෙන් නව වාර්තා පහක්; වැඩිම පදක්කම් ජ’පුරට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග අද (29) කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දී නිමා විය. එහි දී සමස්ත පිරිමි….

තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට යාපනය විශ්වවිද්‍යාලය සමත් වූයේ අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම ලකුණු 25-24ක් ලෙස පරාජය කරමිනි. කොළඹ විශ්වවිද්‍යාලය අවසන් පූර්ව වටයේ දී මොරටුව කණ්ඩායම හමුවේ ලකුණු 30-29ක් ලෙස තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් තරගයට පිවිසීමට සමත් විය. 

අවසන් තරගයේ දී කොළඹ විශ්වවිද්‍යාලය හා යාපනය විශ්වවිද්‍යාලය ප්‍රබල සටනකට අවතීර්ණව සිටි අතර යාපනය විශ්වවිද්‍යාලය එම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 42-47ක් ලෙසිනි. තුන්වැනි ස්ථානය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය තරග වැදුණු අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 47-27ක් ලෙසිනි.

මූලික වටය

තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 14ක් සහභාගි වී සිටි අතර එම වටය සඳහා කාණ්ඩ 4ක් යටතේ තරග 18ක් ඇතුළත් විය. 

  • A කාණ්ඩය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය හා ඌව විශ්වවිද්‍යාලය A කාණ්ඩයට ඇතුළත් වූ අතර එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් වූයේ මොරටුව විශ්වවිද්‍යාලය ලකුණු 32-21ක් ලෙස හා ඌව විශ්වවිද්‍යාලය ලකුණු 36-06ක් ලෙස පරාජය කරමිනි.

එක් තරගයක් පරාජය වූ මොරටුව විශ්වවිද්‍යාලය තම දෙවන තරගයේ දී ඌව විශ්වවිද්‍යාලය ලකුණු 42-18ක් ලෙස පරාජය කරමින් කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබා ගනිමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 

  • B කාණ්ඩය

කොළඹ විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය මෙම කාණ්ඩයේ ක්‍රීඩා කළ අතර මුල් ස්ථාන දෙක ලබාගනිමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය සමත් විය. 

කොළඹ විශ්වවිද්‍යාලය අපරාජිතව පළමු වටය නිමා කල අතර ඔවුන් සබරගමුව විශ්වවිද්‍යාලය ලකුණු 31-16ක් ලෙස හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය ලකුණු 44-22ක් ලෙස පරාජය කිරීමට සමත් විය. සබරගමුව විශ්වවිද්‍යාලය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය අතර තරගයේ ජයග්‍රහණය හිමි වූයේ සබරගමුව විශ්වවිද්‍යාලයට ය. ඒ ලකුණු 39-16ක් ලෙසිනි. 

  • C කාණ්ඩය

කැළණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය මෙම කාණ්ඩය යටතේ ක්‍රීඩා කල අතර කැළණිය කණ්ඩායම මෙම කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට සමත් විය. ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලකුණු 32-20ක් ලෙස ද, රුහුණ විශ්වවිද්‍යාලය ලකුණු 31-17ක් ලෙස ද, නැගෙනහිර විශ්වවිද්‍යාලය ලකුණු 55-07ක් ලෙස ද පරාජය කිරීමට සමත් විය. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක් තරගයක් පමණක් පරාජය වූ අතර නැගෙනහිර විශ්වවිද්‍යාලය 40-09ක් ලෙස ද, රුහුණ විශ්වවිද්‍යාලය ලකුණු 37-32ක් ලෙස ද පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය. 

රුහුණ විශ්වවිද්‍යාලය ලකුණු 42-10ක් ලෙස නැගෙනහිර විශ්වවිද්‍යාලය පරාජය කරමින් කාණ්ඩයේ තුන්වැනි ස්ථානය ලබා ගැනීමට සමත් විය. 

  • D කාණ්ඩය

D කාණ්ඩය යටතේ යාපනය විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය හා රජරට විශ්වවිද්‍යාලය තරග වැදුණු අතර එම කාණ්ඩය නියෝජනය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට යාපනය විශ්වවිද්‍යාලය හා වයඹ විශ්වවිද්‍යාලය සමත් විය.

යාපනය විශ්වවිද්‍යාලය අපරාජිතව කාණ්ඩ වටය නිමා කළේය. ඔවුන් අග්නිදිග විශ්වවිද්‍යාලය ලකුණු 22-10ක් ලෙස ද, රජරට විශ්වවිද්‍යාලය ලකුණු 40-18ක් ලෙස ද, වයඹ විශ්වවිද්‍යාලය ලකුණු 37-12ක් ලෙස ද පරාජය කිරීමට සමත් විය. 

වයඹ විශ්වවිද්‍යාලය අග්නිදිග  විශ්වවිද්‍යාලය ලකුණු 20-15ක් ලෙස ද, රජරට විශ්වවිද්‍යාලය ලකුණු 24-18ක් ලෙස ද පරාජය කළේය. අග්නිදිග විශ්වවිද්‍යාලය රජරට විශ්වවිද්‍යාලය ලකුණු 24-11ක් ලෙස පරාජය කරමින් කාණ්ඩයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. 

මූලික වටයේ තරග අවසානයේ එක් එක් කාණ්ඩවල ශ්‍රේණිගත කිරීම්

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
ශ්‍රී ජයවර්ධනපුර  කොළඹ  කැළණිය  යාපනය 
මොරටුව  සබරගමුව  පේරාදෙණිය  වයඹ 
ඌව  සෞන්දර්ය  රුහුණ  අග්නිදිග 
නැගෙනහිර  ‍රජරට

ඒ අනුව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව, කොළඹ, සබරගමුව, කැළණිය, පේරාදෙණිය, යාපනය හා වයඹ විශ්වවිද්‍යාල සමත් විය. 

ඔරු පැදීමේ ශූරතාවය කොළඹට හා මොරටුවට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ තරග අද (24) කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සමාජ පරිශ්‍රයේ දී පැවැත්විය.

අර්ධ අවසන් පූර්ව වටය

යාපනය විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය සඳහා ක්‍රීඩා කල අතර එම තරගයේ ජයග්‍රහණය යාපනය විශ්වවිද්‍යාලය සතු වූයේ ලකුණු 32-21ක් ලෙසිනි. 

දෙවන තරගයේ දී මොරටුව විශ්වවිද්‍යාලය ලකුණු 32-29ක් ලෙස කැළණිය විශ්වවිද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. කොළඹ විශ්වවිද්‍යාලය ලකුණු 39-05ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් වයඹ විශ්වවිද්‍යාලය හමුවේ වාර්තා කළ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර තරගය ජයග්‍රහණය කිරීමට ජයවර්ධනපුර කණ්ඩායම සමත් වූයේ ලකුණු 40-22ක් ලෙසිනි. 

අවසන් පූර්ව වටය සඳහා යාපනය, මොරටුව, කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 

කොළඹ නැවතත් පිරිමි ශූරයන් වෙද්දී වසර 9ක කොළඹ කාන්තා ආධිපත්‍යය බිඳ වැටේ

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ටෙනිස් තරග අගෝස්තු 17, 18 හා 19 කොළඹ Gymkhana ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

අවසන් පූර්ව වටය

අවසන් පූර්ව වටයේ තරග ද්විත්වයම තියුණු තරග බවට පත්වූ අතර එම තරගවල දී කණ්ඩායම් එකිනෙකාට නොදෙවෙනි තරග රටාවක් අනුගමනය කරන ආකාරයක් දක්නට ලැබුණි.

යාපනය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එම තරගය පරාජය වූයේ එක් ලකුණකිනි. අවසන් ලකුණු තත්ත්වය ලකුණු 25-24ක් ලෙස දැක්විනි. 

කොළඹ විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය අතර තරගය ද ප්‍රබල තරගයක් බවට පත්වූ අතර එහි දී කොළඹ විශ්වවිද්‍යාලය අවසන් තරගයේ තම අසුන වෙන්කරගත්තේ එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමිනි. තරගය නිමා වූයේ ලකුණු 30-29ක් ලෙසිනි. 

කොළඹ විශ්වවිද්‍යාලය ලකුණු 47-42ක් ලෙස පරාජය කරමින් අවසන් තරගය ජයග්‍රහණය කිරීමට යාපනය විශ්වවිද්‍යාලය සමත් වූයේ 13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ශූරියන් බවට පත්වෙමිනි. 

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<