හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු බංග්ලාදේශයට

3434

දකුණු අප්‍රිකාව නියෝජනය කළ පිතිකරුවෙකු මෙන්ම හිටපු ජාත්‍යන්තර පුහුණුකරුවෙකු ද වන Nic Pothas බංග්ලාදේශ කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

වසර දෙකක කාලයක් සඳහා ඔහු මෙලෙස බංග්ලාදේශ කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙන අතර ඔහු ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත අයර්ලන්ත තරගාවලියේ සිට වැඩ ආරම්භ කිරීමට නියමිතයි.

“බංග්ලාදේශ ජාතික කණ්ඩායම සමඟ එක් වීමට ලැබීම මට විශාල ගෞරවයක්. බංග්ලාදේශ කණ්ඩායම දස්කම්වලින් පිරුණු කණ්ඩායමක් වන අතර අපට ඉතා හොඳ කාලයක් ඉස්සරහට එයි,” යැයි Nic Pothas ප්‍රකාශ කර තිබුණා.

ජාත්‍යන්තර පුහුණුකරුවෙකු ලෙස අත්දැකීම් බහුල Nic Pothas, 2017 සිට 2018 දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සේවය කළ අතර පසුව 2018 සිට 2019 දක්වා බටහිර ඉන්දීය කොදෙව් ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රකින පුහුණුකරු ලෙස ද කටයුතු කළ ඔහු බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක් වීමට පෙර Hampshire කණ්ඩායමේ කඩුලු රකින පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් සිටියා.

දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ Nic Pothas එක්දින තරග තුනක් ක්‍රීඩා කළ අතර ඔහු පළමු පෙළ සහ List A ලකුණු 16,000ක් රැස් කිරීමට ද සමත්ව තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<