තවත් ක්‍රිකට් ජර්සියක් Covid-19 වෙනුවෙන් පිදෙයි

96

2019 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක හෙන්රි නිකල්ස් එම තරගයේ දී අඳින ලද නිල ජර්සිය වෙන්දේසි කිරීමට තීරණය කර ඇත. එයින් ලැබෙන මුදල ඒ Covid-19 සඳහා වන අරමුදල සඳහා යොමු කිරීම නිකල්ස්ගේ අරමුණයි. 

රෝස පන්දුවේ පළමු ත්‍රිත්ව ශතක පිත්ත කොරෝනා නිසා වෙන්දේසියට

2016 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ත්‍රිත්ව ශතකය ලබා ගත් පිත්ත සහ 2017…

වයස අවුරුදු 28ක් වන නිකල්ස් එංගලන්තය සමඟ පැවති අවසන් මහා තරගයේ දී අඳින ලද මෙම ජර්සියේ ඇති වටිනාකම තවත් වැඩි වන්නේ එම ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ නවසීලන්ත ක්‍රීඩකයින් සියලුම දෙනා එහි සමරු සටහන් තබා තිබීම නිසාවෙනි. 

“2019 ලෝක කුසලාන අවසන් මහා තරගය මට වගේම අපි කාටවත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ වෙන්න පුළුවන් හැම දෙයක්ම ඒ අවසන් මහා තරගයේ දී දැක්කා. ඒක මහා අමුතුම විදිහේ තරගයක්.” යැයි නිකලස් සිය ලෝක කුසලාන අවසන් මහා තරගයේ මතකය අවදි කරමින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබේ.

එසේම දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් 2006 වසරේ දී ඕස්ට්‍රේලියාව එරෙහිව ජොහැන්නස්බර්ග් හිදී පැවති ක්‍රිකට් තරගයක දී ලකුණු 175ක් ලබා ගනිමින් ලකුණු 434ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට සවියක් විය. එදා ඒ සුපිරි ලකුණු 175 ලබාගත් පිත්ත ද මේ වන විට වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ Covid19 වසංගතය සඳහා වෙන්වූ අරමුදල සඳහා ලබා දීම වෙනුවෙනි.

මීට අමතරව ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒ. බී ඩිවිලියර්ස් සහ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන්, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොස් බට්ලර්, පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක අසාර් අලී ද සිය ක්‍රිකට් දිවියේ ආම්පන්න කිහිපයක් වෙන්දේසි කිරීමට තීරණය කළේ Covid-19 වසංගත තත්වය සඳහා වන අරමුදලට ලබා දීම වෙනුවෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<