රෝස පන්දුවේ පළමු ත්‍රිත්ව ශතක පිත්ත කොරෝනා නිසා වෙන්දේසියට

110
Azhar Ali To Auction Bat

2016 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ත්‍රිත්ව ශතකය ලබා ගත් පිත්ත සහ 2017 වසරේ පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී අදින ලද සිය නිල ජර්සිය වෙන්දේසි කිරීමට පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක අසාර් අලී තීරණය කර තිබේ.

ශකීබ්ගේ වාසනාවන්ත පිත්තට ඉහළ මිලක්

තරග පාවාදීමේ උත්සාහයක් පිළිබඳ ලැබුණු තොරතුරක් පදනම් කරගනිමින් කරුණු ඉදිරිපත්..

මේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබෙන ජර්සිය අවසන් මහා තරගයක දී පැලඳි ජර්සියක් පමණක් නොවේ. 2017 වසරේ පැවති ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 180කින් පරාජය කරමින් එහි ශූරතාවය දිනා ගත්තේ පාකිස්තානු කණ්ඩායමයි. එම තරගය නිමා වීමෙන් පසුව අලී සිය තරග ජර්සිය සඳහා පාකිස්තානු සංචිතයේම සිටි ක්‍රීඩකයින්ගේ සමරු සටහන් තබා ගත් ජර්සිය එය වේ.

2016 වසරේ දී කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති ටෙස්ට් තරගයක දී අසාර් අලී නොදැවී ලකුණු 302*ක් ලබා ගත්තේ දිවා/රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ත්‍රිත්ව ශතකයක් ලබා ගත් ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමිනි. එම තරගය පකිස්තානය ලකුණු 56කින් ජය ගත්තේය.

මීට අමතරව ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒ. බී ඩිවිලියර්ස් සහ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් ද සිය ක්‍රිකට් දිවියේ ආම්පන්න කිහිපයක් වෙන්දේසි කළේ මේ Covid-19 වසංගත තත්වය සඳහා වන අරමුදලට ලබා දීම වෙනුවෙනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<