ලෝක කුසලානයට ක්‍රීඩා කරන නවසීලන්ත එක්දින සංචිතය නම් කරයි

318

තවත් දින 59කින් ආරම්භ වන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන නවසීලන්ත ක්‍රිකට් සංචිතය ICC විසින් නිවේදනය කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ය.

වසර දෙකකට පසු ජාතික කණ්ඩායමට පැමිණි උමාර් අක්මාල්ට වැඩ වරදී

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක උමාර් අක්මාල්ට …..

සුපිරි ක්‍රීඩක කේන් විලියම්සන්ට මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කරන නවසීලන්ත සංචිතයේ නායකත්වය හිමිව තිබේ. නවසීලන්තය සතුව සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙකු වන රෝස් ටේලර් ද එම සංචිතයට ඇතුළත් වීම විශේෂත්වයකි. ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වන්නේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි හතරකට සහභාගී වූ හත්වැනි නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි.

වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති හා ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ද මෙම සංචිතයට ඇතුළත් අතර ඔවුන් මෙවර සහභාගී වන්නේ ඔවුන්ගේ ක්‍රිකට් දිවියේ තුන්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටයි.

තවමත් එක්දින වරම් හිමිකරගෙන නොමැති කඩුලු රකින ක්‍රීඩක ටොම් බ්ලන්ඩන් ද නවසීලන්ත ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. ඔහු නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග සඳහා සහභාගී නොවූවද නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් හා පන්දුවාර විස්සයි විස්ස තරග ක්‍රීඩා කර තිබේ. කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ටොම් ලේතම් ද මෙම සංචිතයට ඇතුළත් කර තිබේ.

පසුගිය මාසයේ දී ටොම් ලේතම් ආබාධයකට ලක්වීම නිසාවෙන් මෙලෙස ඔහු අතිරේක කඩුලු රකින්නෙකු නවසීලන්ත ලෝක කුසලාන සංචිතයට කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෝලි ප්‍රමුඛ පිරිවරට ඩොලර් මිලියනයක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව …..

වර්තමානයේ දී නවසීලන්තය වෙනුවෙන් දඟපන්දුවෙන් දක්ෂතා දැක්වූ ඉෂ් සෝධි ද නවසීලන්ත ලෝක කුසලාන සංචිතයට කැඳවා ඇති තවත් ක්‍රීඩකයෙකි. දඟපන්දු යවන ක්‍රීඩක ටොඩ් ඇසල්ට නවසීලන්ත ලෝක කුසලාන සංචිතයේ ස්ථානය අහිමි වී තිබේ.

සීමිත පන්දුවාර ක්‍රිකට් තරග 63කට ක්‍රීඩා කර ඇති ඉෂ් සෝධි නිමා වූ බංග්ලාදේශයට එරෙහි ක්‍රිකට් තරගාවලියේ දී ද වැඩි දක්ෂතා දැක්විය. වේගපන්දු යවන ක්‍රීඩක ඩොග් බ්‍රේස්වෙල්ට ද 2019 ලෝක කුසලාන සංචිතයට නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමිව නොමැත.

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන මැයි මස 30 වැනිදායින් ආරම්භ වීමට නියමිත වේ. නවසීලන්තය සහභාගී වන පළමු තරගය ශ්‍රී ලංකාවට එරෙහිව එළඹෙන ජුනි මස පළමු වැනිදා කාර්ඩිෆ් හිදී පැවැත්වීමට නියමිතයි.

දෙවන තරගය ජුනි මස 5 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, තුන්වැනි තරගය ජුනි මස 8 වැනිදා ඇෆ්ගනිස්ථානයට එරෙහිවත්, සිව්වැනි තරගය ජුනි මස 13 වැනිදා ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිවත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒරන් ෆින්ච් මුල් 10 අතරට, ඕස්ට්‍රේලියානුවන් ශ්‍රේණිගත කිරීම් කලඹයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම …..

අනතුරුව ජුනි මස 19 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව තරගාවලියේ පස්වැනි තරගයටත්, ජුනි මස 22 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හයවැනි තරගයටත්, ජුනි මස 26 වැනිදා පාකිස්තානයට එරෙහිවත් නවසීලන්ත කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිත වේ.

නවසීලන්ත කණ්ඩායම මූලික වටයේ අවසන් තරගයට ජුනි මස 30 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග කරනු ඇත.

නවසීලන්ත සංචිතය: කේන් විලියම්සන් (නායක), රෝස් ටේලර්, ටොම් ලේතම්, ටොම් බ්ලන්ඩල්, මිචෙල් සැන්ටර්, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම්, ලොකී ෆර්ගසන්, ටිම් සවුති, ට්‍රේන්ට් බෝල්ට්, කොලින් මුන්රෝ, ඉෂ් සෝධි, හෙන්රි නිකොල්ස්, මාටින් ගප්ටිල්, මැට් හෙන්රි, ජිමී නිෂාම්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<