එංගලන්ත ප්‍රාන්ත ක්‍රීඩකයන් වැටුප් කප්පාදුවකට එකඟ වෙයි

73
ENGLISH COUNTY CHAMPIONSHIP

මේ දිනවල ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය හේතුවෙන් ක්‍රිකට්, පාපන්දු, රග්බි ඇතුළු සියලුම ක්‍රීඩා තරග හා තරගාවලි අවලංගු වී ඇත. මේ තත්ත්වය නිසාවෙන් එම ක්‍රීඩා ආයතනය සඳහා සිදුවන පාඩුව අතිමහත්ය. 

ක්ලාක්ගේ සැර ප්‍රකාශයට පේන්ගෙන් පිළිතුරු

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායක මයිකල් ක්ලාක් පසුගිය දා පැවති මාධ්‍ය වැඩසටහනක

එලෙස ආයතන සඳහා වන පාඩුව අවම කරගැනීම සඳහා තම මාසික වැටුප් යම් ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට බොහෝ ක්‍රීඩකයන් යොමුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් ද එලෙස තම වැටුප් කප්පාදුවක් සඳහා එක්වූ බව පසුගිය සතියේ වාර්තා විය. 

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය පසුගිය සතියේ ආරම්භ වීමට නියමිතව තිබිනි. එම තරගාවලිය අවලංගු වීමත් සමඟින් එංගලන්ත ක්‍රිකට් ආයතනයට සිදුවූ පාඩුව තවත් වැඩි විය. කෙසේවෙතත් එම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතව සිටි ක්‍රීඩකයින් අප්‍රේල් සහ මැයි මාස වලදී ඔවුන්ගේ වැටුප් උපරිම අඩු කිරීම් සිදුකිරීමටත්, කොරෝනා වෛරස් අර්බුදය අතරතුර ස්ටර්ලිං පවුම් මිලියනයක් (ඩොලර් මිලියන 1.25) පරිත්‍යාග කිරීමටත් තීරණය කළ බව එරට වෘත්තීයමය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය (PCA) නිවේදනය කර තිබේ. 

දින හතරක තරග වලින් සමන්විත ප්‍රාන්ත ශූරතාවය පසුගිය ඉරිදා ආරම්භ වීමට නියමිතව තිබුනද එංගලන්තයේ සියලුම ක්‍රිකට් තරග අවම වශයෙන් මැයි මස 28 වන දින දක්වා කල් දමා ඇති අතර පවතින තත්ත්වය හමුවේ එය තවදුරටත් කල්දැමීමක් අපේක්ෂා කළ හැක. 

PCA විසින් පසුගිය බදාදා මේ පරිත්‍යාග සම්බන්ධයෙන් වන සාමූහික ක්‍රීඩක ගිවිසුම පිළිගත් අතර එය අප්‍රේල් සහ මැයි මාස වල ආරම්භක කාල පරිච්ඡේදයක් ආවරණය කරයි. 

“PCA එංගලන්තය සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය සහ පළමු පන්තියේ ප්‍රාන්ත 18ක් අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව අද දින නිගමනයකට එළඹී ඇති අතර ඒ අනුව සියලු පාර්ශවයන් මාස දෙකක ආරම්භක ගිවිසුමකට සහයෝගය දක්වමින් ක්‍රීඩකයන්ගේ වැටුප් උපරිම ලෙස අඩු කිරීමට සහ දේශීය ත්‍යාග මුදල් පිරිනැමීමකට එකඟ විය.” PCA නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

PCA විසින් 2020 වසර සඳහා දේශීය ක්‍රීඩකයන්ගේ වැටුප් මුදලින් ස්ටර්ලිං පවුම් මිලියනයක් අතහැර දමා ඇති අතර ක්‍රීඩකයින් ද ඔවුන්ගේ රටෙන් ඉල්ලීමක් කළහොත් තවත් පරිත්‍යාගයක් කිරීමට සූදානම්ව සිටියි. 

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ වර්තමාන ශූරයන් වන එසෙක්ස් කණ්ඩායම තහවුරු කළේ තම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය ද වැටුප් කප්පාදුවක් සඳහා එකඟවී ඇති බවයි. 

යෝක්ෂයර් සහ වෝර්සෙස්ටර්ෂයර් ඇතුළු තවත් ක්‍රීඩා සමාජ ගණනාවක් මීට පෙර රජයේ රැකියා සඳහා වන වැටුප් කප්පාදු යෝජනා ක්‍රමය භාවිතා කරන බව තහවුරු කර තිබුනි. 

ට්‍රම්ප් අතින් විවෘත වුන පාළුවට ගිය ලොව විශාලතම ක්‍රීඩාංගණය

මුළුමහත් ලෝකයම එකවර නතර කරන්නට නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය

PCA හි සභාපති ඩැරල් මිචෙල් පැවසුවේ කොරෝනා වෛරසය වසංගතය දිගටම ක්‍රීඩාවට මූල්‍යමය පීඩනයක් එල්ල කරනු ඇති බවත්, මෙම මාස දෙකක ආරම්භක ගිවිසුම මඟින් අප්‍රේල් සහ මැයි මාස සඳහා තරමක සහයක් ලබා දෙනු ඇති බවත් ය. 

“අපි ඉරිදා ප්‍රාන්ත ශූරතාවය ආරම්භ කිරීමට නියමිතව සිටියේ. එය කල් යාම කණගාටුවට කරුණක්. ක්‍රිකට් නැවත පැමිණෙන විට ක්‍රීඩාව නිසි තැනට ගෙන ඒම සහතික කිරීම සඳහා කණ්ඩායමක් වශයෙන් අපි හැකි සෑම දෙයක්ම කරනවා.” 

පරම්පරාවකට එක්වරක් මුහුණ දීමට සිදුවන මෙම අභියෝගයට ප්‍රතිචාර වශයෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය ස්ටර්ලිං පවුම් මිලියන 61ක ආධාර පැකේජයක් ලබා දෙන බව පසුගිය සතියේ ප්‍රකාශයට පත්කළේය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<