Home Sinhala කවීෂාගේ උත්සාහය අපතේ හරිමින් ජයග්‍රහණය නවසීලන්තයට

කවීෂාගේ උත්සාහය අපතේ හරිමින් ජයග්‍රහණය නවසීලන්තයට

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1468
New Zealand Women tour of Sri Lanka 2023

ශ්‍රී ලංකා සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරග 3කින් සමන්විත තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 116ක දැවැන්ත ජයක් හිමි කරගැනීමට නවසීලන්තය අද (30) සමත් වුනා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගය ජය ගත් නවසීලන්තය 1-1ක් ලෙස තරගාවලිය සම කළා.

අද කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකාව සිය ජයග්‍රාහී කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කරමින් හංසිමා කරුණාරත්න වෙනුවට කාව්‍යා කාවින්දි තරගයට කැඳවා තිබුණා.

නවසීලන්ත පළමු කඩුලු දෙක ලකුණු 57ක් තුල දැවී ගිය පසුබිමක පිටියේ එක්වූ Amelia Kerr සහ නායිකා Sophie Devine තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 229ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් නවසීලන්ත ලකුණු සටහන ඔසවා තැබුවා. එය නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැංවූ තෙවැනි හොඳම සබඳතාවය වුනු අතර එය තෙවැනි කඩුල්ල වෙනුවෙන් මේ දක්වා වාර්තා වී තිබෙන හොඳම සබඳතාවය ද ලෙස වාර්තා පොත් අතරට එකතු වුනා.

අවසානයේ දී නවසීලන්තය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 7ක් දැවී ලකුණු ලකුණු 329ක් ලබා ගත් අතර එය ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලබා ගත් වැඩිම එක්දින ලකුණු ප්‍රමාණය ද වුනා.

Amelia Kerr සහ නායිකා Sophie Devine පිළිවෙළින් සිය එක්දින ක්‍රිකට් දිවියේ 3 වැනි සහ 7 වැනි ශතක වාර්තා කරගනිමින් දස්කම් දැක්වූ අතර එහි දී Amelia 4 පහර 7ක් සහ 6 පහරක් සමඟ පන්දු 106ක දී ලකුණු 108ක් ලබා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තරගයේ ක්‍රීඩිකාව සම්මානය දිනා ගත් නායිකා Devine 4 පහර 17ක් සහ 6 පහර 2ක් සමඟ ලකුණු 137ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 330ක දැවැන්ත සහ තරගකාරී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 36ක් තුල දවා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල අභියෝගයක් ලබා දීමට නවසීලන්ත පන්දු යවන්නියන් සමත් වුනා.

අංක 6 පිතිකාරිණිය ලෙස පිටියට පැමිණි කවීෂා දිල්හාරි ඇයගේ එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් පළමු අර්ධ ශතකය ලබාගෙන ඇයගේ හොඳම එක්දින ඉනිම දියත් කළ නමුත්, ඇයට සිය ශතකය ලබා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. 4 පහර 9කින් වර්ණවත් වුනු ඇයගේ ඉනිම ලකුණු 89කට සීමා වුනා.

අවසානයේ දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 213කය සීමා වුනු අතර පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩිකා Lea Tahuhu කඩුලු 4ක් දවාගෙන දස්කම් අතරට පැමිණියා.

Result


Sri Lanka Women
218/10 (48.4)

New Zealand Women
329/7 (50)

Batsmen R B 4s 6s SR
Suzie Bates c Harshitha Madavi b Udeshika Prabodhani 1 10 0 0 10.00
Bernadine Bezuidenhout c Nilakshi de Silva b Oshadi Ranasinghe 25 27 3 0 92.59
Amelia Kerr c Kavisha Dilhari b Oshadi Ranasinghe 108 106 7 1 101.89
Sophie Devine c Nilakshi de Silva b Udeshika Prabodhani 137 121 17 2 113.22
Maddy Green c Kavisha Dilhari b Oshadi Ranasinghe 5 10 0 0 50.00
Georgia Plimmer not out 10 11 0 0 90.91
Brooke Halliday b Sugandika Kumari 2 6 0 0 33.33
Hannah Rowe c Anushka Sanjeewani b Inoka Ranaweera 12 8 2 0 150.00
Lea Tahuhu not out 6 2 1 0 300.00


Extras 23 (b 4 , lb 0 , nb 1, w 18, pen 0)
Total 329/7 (50 Overs, RR: 6.58)
Fall of Wickets 1-7 (2.6) Suzie Bates, 2-57 (9.6) Bernadine Bezuidenhout, 3-286 (43.1) Amelia Kerr, 4-294 (44.2) Sophie Devine, 5-300 (45.6) Maddy Green, 6-304 (47.2) Brooke Halliday, 7-323 (49.4) Hannah Rowe,

Bowling O M R W Econ
Udeshika Prabodhani 9 0 38 2 4.22
Kawya Kavindi 2 0 17 0 8.50
Oshadi Ranasinghe 10 0 68 3 6.80
Sugandika Kumari 10 0 79 1 7.90
Inoka Ranaweera 8 0 56 1 7.00
Kavisha Dilhari 7 0 44 0 6.29
Chamari Athapaththu 4 0 23 0 5.75


Batsmen R B 4s 6s SR
Vishmi Gunaratne c Maddy Green b Lea Tahuhu 12 16 2 0 75.00
Harshitha Samarawickrama c Maddy Green b Eden Carson 9 21 1 0 42.86
Chamari Athapaththu c Hannah Rowe b Lea Tahuhu 0 1 0 0 0.00
Nilakshi de Silva c Amelia Kerr b Lea Tahuhu 6 6 1 0 100.00
Anushka Sanjeewani c Bernadine Bezuidenhout b Hannah Rowe 17 14 2 0 121.43
Kavisha Dilhari c Bernadine Bezuidenhout b Eden Carson 84 98 9 0 85.71
Oshadi Ranasinghe c & b Amelia Kerr 8 14 0 0 57.14
Kawya Kavindi b Lea Tahuhu 15 31 1 0 48.39
Sugandika Kumari c Bernadine Bezuidenhout b Sophie Devine 10 25 0 0 40.00
Udeshika Prabodhani not out 9 43 1 0 20.93
Inoka Ranaweera c Eden Carson b Fran Jonas 5 24 0 0 20.83


Extras 43 (b 1 , lb 5 , nb 1, w 26, pen 10)
Total 218/10 (48.4 Overs, RR: 4.48)
Fall of Wickets 1-26 (5.1) Vishmi Gunaratne, 2-26 (5.2) Chamari Athapaththu, 3-34 (6.6) Harshitha Samarawickrama, 4-35 (7.2) Nilakshi de Silva, 5-76 (12.5) Anushka Sanjeewani, 6-108 (19.2) Oshadi Ranasinghe, 7-144 (27.2) Kawya Kavindi, 8-178 (34.2) Sugandika Kumari, 9-3 (42.1) Kavisha Dilhari, 10-218 (48.4) Inoka Ranaweera,

Bowling O M R W Econ
Hannah Rowe 7 0 32 1 4.57
Sophie Devine 4 0 15 1 3.75
Lea Tahuhu 8 0 31 4 3.88
Eden Carson 11 1 41 2 3.73
Amelia Kerr 10 1 34 1 3.40
Fran Jonas 5.4 0 29 1 5.37
Brooke Halliday 3 0 20 0 6.67



දෙරට අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක තෙවැනි එක්දින තරගය ජූලි 3 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර එහි තරග විකාශය ද සජීව ලෙස ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<